මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, May 25, 2017

අම්මට ඕනේ නම්





අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්



බත් උයන එක ; බත් බදින එක

අතු ගාන එක ; ගේ හැඩ කරන එක

ඇගේ පරමම සත්‍ය ය වෙහෙස වී වැඩ කරන එක

වෙහෙස අතරින් සිනාසෙන එක



ගෙයින් අඩියක් ඈත යන්නෑති

ගියත් විගහින් දුවන් යළි එන

අම්මා කොහොමද සසර දවසක

ගිහිගෙයම හැර දමා යන්නේ

ඔට්ටුයි අන්න ඒ දවස

එතෙර වෙන ගඟ ළඟදී

පැළෙයි ඒ ළය සිහිවෙලා

දරු පෙමින් බර වෙලා




අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්



අපේ කඳුළුත් ඇගේ කර ගන්න එක

මුණුබුරන් හදන එක ; මී මුණුබුරන් දකින එක

ඇගේ පාරමීතාවම තාත්තාගේ හෙවනම හොයන එක

ළගක නැතුවත් අපේ සතුටම පතන එක



භාවනාවක අතරමඟදිත්

රෑ බත උයන හැටිම හිතන

අම්මා ‍කොහොමද සසර දවසක

කිරිපිඩු තනිව වළදන්නේ

ඔට්ටුයි අන්න ඒ දවස

බෝමැඩ ළගදී

හැරෙයි කිරි පිඩක් අරගෙන

ඒ ළය දරු පෙමින් බර වෙලා



අපේ අම්මා බුදු වෙන්ට

එපා කවමදාවත්,

ඕනේ නම් නිවන් දැකපුදෙන්

එ්ත් අම්මාට ඕනේ නම්


14 comments:

  1. යාත්‍රා සත්‍යම ලියලා. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ කවිය දැකල දුමීට කවිත් අමතක වෙලා...

      Delete
  2. මේකනම් සුපිරි... බුකියෙන් මුලින්ම කියෙව්වා ඒ වෙලාවෙනම් කමෙන්ට් එකක් හිතා ගන්නත් බැරුව හිටියෙ

    ReplyDelete
    Replies
    1. ටැංකු හිත හතා ඉන්නැතු ඔය මොනවා හරි කොටන්න අනේ

      Delete
  3. අම්මා...ඔව් එපා බුදුවෙන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්. අපි හැමෝලෙම අම්මලා කොයි තරම් නම් අපිට බැදිලාද

      Delete
  4. හරිම ලස්සනයි... අපේ අම්මත් මේ වගේ තමයි... ගැහැනුන්ට බුදු වෙන්න බැරි ඇත්තටම මේ නිසා තමයි. කොහොමද අත්හැරල යන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒ තරමට බැඳිමක් ඇති කරගෙන දලා යන්න නම් බැ තමයි

      Delete
  5. අද මගේ අම්මා පෙර සසරක ඔබේ අම්මා වෙන්න ඇති,මේ ඔබේ අම්මා පෙර සසරක මගේ අම්මා වෙන්න ඇතී ,බුදු වෙන්න බැරීනම් අනිවාර්යයෙන්ම නිවන් දැකපුදෙන් හැම අම්මා කෙකෙනෙක්ම ,ඒ මාගේ එකම පතුම..නිර්වාන අවබෝධයම ලැබේවා

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...