මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, July 9, 2017

දැනිච්ච, හිතිච්ච, බැඳිච්ච පද




කඳුළු වලින් ඇස් තෙමිච්ච
හිත ඒ කඳුලින් පෙගිච්ච
හයියක් ඒ හිත නොවිච්ච
නොහිතා මට ඉකි ගැහිච්ච
 
නුඹ නොඑනා බව දැනිච්ච
හිත මාගේ කළු ගැහිච්ච
අගයක් නුඹ හට නොවිච්ච
නුඹට හොරෙන් හිත මැරිච්ච

නුඹ දෑසේ මා මැකිච්ච
සතුටක් ඇත මට දැනිච්ච
දුක විතරක් හිත පිරිච්ච
මගේ හිත ගිනිගෙන දැවිච්ච

සසරේ හමුවෙයි හිතිච්ච
පැතුමත් අද පරම වෙච්ච
මගේ ගැන නොහිතා හිතිච්ච
කඳුළකි අද ළඟට වෙච්ච

කලා වැවේ දිය පිරිච්ච
හිත ඒ වාගේ හැදිච්ච
නියං කලදී දිය හිදිච්ච
හිත ඒ වාගේ බිඳිච්ච

ගැයු ගීයක් මතක් වෙච්ච
මගේ හිත වාගේයි හිතිච්ච
වාවනු බැරි මහත් වෙච්ච
කඳුළින් කම්මුල් තෙමිච්ච

හිත මගේ මා ළඟ නොවිච්ච
කාලය ආදරේ හිතිච්ච
නුඹ ගැන කවි හිත පිරිච්ච
පද නුඹ වෙනුවෙන් බැඳිච්ච

දුර ගිය හිත ගැන හිතිච්ච
අද පද බැන්දත් නිවිච්ච
ආදරේ තව හිත පිරිච්ච
එදා වගේයි නොසෙල්වෙච්ච

නොකි නමුත්  නුඹ දැනිච්ච
කිසිවක් මා හා බැඳිච්ච
ආදර හිත් දුර ගෙනිච්ච
දුක මට විතරද දැනිච්ච


සංසාරේ හුරු දැනිච්ච
ආදරේ දුක් ගඟක් වෙච්ච
කවියට හිත තුරුල්වෙච්ච
උහුලමි තනිකම දැනිච්ච





6 comments:

  1. තුරු සෙවනේ තනි මකාපු
    වැහි බිඳුයට තෙමී හිඳපු
    හදවත උණුහුම් කරාපු
    මතකයි මට ළඟින් හිඳපු

    සුළඟෙ සීත හොඳින් විඳපු
    වැව් දියරැළි සුව ලබාපු
    මුමුණ මුමුණ කවි කියාපු
    නුඹමයි මගෙ ළඟින් හිඳපු

    කවි පදවැල් හැම ගොතාපු
    කවිවල ආලය තියාපු
    එවන් රහස් නිති පුදාපු
    ඇඬෙනව මතකෙට නොආපු

    මතකෙ අරන් දුර දුවාපු
    ඇහේ කඳුළු මල් හලාපු
    මේ හිත මගෙ දුකම විඳපු
    හොයනව නුඹෙ මතක දීපු.....

    ලස්සන කවි ටිකක් යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂා මේ පද ටික මරු ලස්සනයි
      පිළිතුරක් ලියන්නමයි හිත ඉන්නකෝ ටිකක් වැඩ අඩු වනකම්

      Delete
  2. දැනිච්ච හිතිච්ච බැදිච්ච පද මරු මෙයා... මම කොහොමත් ආසයි මේ වගේ වචන වලට. කාලෙකට කලින් මමත් මෙහෙම එකක් ලියලා තිබුනා. ඉන්ටකෝ හොයා බලන්න.

    ආ මේ තියෙන්නෙ..
    හීන් හිනා මල් පිපිච්ච
    රෑ හීනම සුවඳ වෙච්ච
    ප්‍රේමාතුර කවි කිනිත්ත
    මමයි ඔබේ දඟ පැටික්ක.........

    සඳ දිය මත තරු වැටිච්ච
    හීන වලට දොර ඇරිච්ච
    මල් අතරේ මල් පොඩිත්ත
    මමයි ඔබේ දඟ පැටික්ක......

    ආදරයෙන් හිත පිරිච්ච
    හීන මතින් දුර ගෙනිච්ච
    ලස්සන හිරිමල් සිඟිත්ත
    මමයි ඔබේ දඟ පැටික්ක....

    දේඳුණ්නක හැඩ මැවිච්ච
    හීන හතම පාට වෙච්ච
    අනුහස් ලද සුභ නිමිත්ත
    මමයි ඔබේ දඟ පැටික්ක...

    එතෝට අර උමාලිගෙ ඔබ ගින්දර දලු පිරිcච්හ ඒකත් අහල බලන්ටෝ

    ReplyDelete
    Replies
    1. වාව් ඒ කවි ටික ලස්සනයි සත්තලංට ‍න්ටැ න කියන්නේ :D
      මේතක් ගොඩක් කලින් එෆ්ගබී දාපු එකක් ඔව් සිංදුව අහලා තියේ එකත් මරු

      Delete
  3. //දැනිච්ච, හිතිච්ච, බැඳිච්ච පද// ඒකත් මරු බන්

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...