මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, November 21, 2017

සමාවක් දිය හැකිද?


අමතකවිම් සියල්ලටම
සමාව දුන් පසුත්
තවදුරටත්
සමාවක් දිය හැකිද?

නින්දක අතරතුර
බඳා වැළද
අනියම් නමක් 
කියවෙන එකට
මා කුළුඳුල් හැඟුමකැයි රවටා
අෑ ප්‍රතිබිම්බ අදින එකට

ඉවසිය හැකි සියල්ලම
ඉවසු පසුවත්
තවදුරටත් 
ඉවසිය හැකිද?


බත ලිප තබා
ලිණි අවුලන්නට පිඹිනවිට
නුඹේ තොල් මතින්
පැරණි ගී මිමිණිම
සමහර දිනෙක සාක්කුවකින්
බස් ටිකට් දෙකක් හමුවීම

කිවයුතු සියල්ලම
කියා අහවර වු පසුවත්
තව දුරටත්
කීමට යමක් වේද?

දෑස් අඩවන් ව
නළලට වැටෙන
කෙහෙරැළි ඉවත් කර
ආදරේයැයි හෝ එසම වු වදනක්
නැතහොත්
නවතින්නයැයි හෝ එසම වු ඉඟියක්

4 comments:

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...