මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, November 4, 2017

නිදි කුම්බා

අල්ලපු ගමන් නින්දට වැටෙන ශාක ලොකේ නිදි කුමාරි තමයි නිදිකුම්බා කියන්නේ. ස්පර්ශයට සංවේදී පත්‍ර හා කටු සහිතයි. වල් පැළැටියක් විදිහට හඳුනගත්තත් නිදිකුම්බා කියන්නේ ඖෂධීය ගුණය සහිත පැළැටි විශේෂයක්. Fabaceae කුලයට අයිති වෙනවා කියලා තමයි විකිපිඩියා නම් කියලා තිබුණේ. අද උදේම මිදුලට ගියහම දැකපු නිදිකුමාරියන්ගේ නින්දට බධා නොකර තමයි, එයාලව පින්තුර ගත කර ගත්තේ.



                                              පිබිදීම


ඇහැරුණ නිදි කුමාරි



නිදි කුමාරි සහ තවත් අය



කටු, නටු හා මල්



කටු අකුලේ මල් ඇහැරේ



බලාපොරොත්තු එක්ක



පැටලීම



පරවීම



කඳුළු රදන පත්



නිදා යළි ඇහැරෙන



4 comments:

  1. සරලවම අපේ ජීව්තය වගේ, අපූරුයි...

    ReplyDelete
  2. නිදිකුම්බා මලක් ගැන සින්දුවක් මතක් වුණා මේක දැක්කම. දැන් වැඩියෙ කොහෙවත් ඇහෙන්නෙ නෑ මේව නම්

    සුළං හමයි ලා‍ෙව නැළවෙයි
    නුඹනිදියයි නිසංසලේ
    නිදි කුම්බා මල් කැකුළි
    නිදි කුම්බා මල් කැකුළි

    බිමවැතිරෙයි යාය නිදයි
    අතු හැකිලෙයි පිනිබේරෙයි
    මගේ දුකට නුඹ නාඩන්
    නිදිකුම්බා මල් කැකුළි

    https://www.youtube.com/watch?v=3UGxthOyPWg

    ReplyDelete
  3. හ්ම්ම්ම් නියමයි යාත්‍රා

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...