මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, March 17, 2017

ආදරය යනු



ආදරය යනු හිමි වීම නොව,
අවැසි වු කළ අතැර යන්නට
යන්න කියමින් ඉඩක් දිමය....

එහෙත් හදවත ගැඹුරු තැන්වල
ඉතිරි කර ගත් මතක සිරුම්
ඇඟිල්ලෙන් ඇණ පාරවාගෙන
ගලන රුහිරෙන් කවි ලීවීමය....

මුල මැදක අග කොහෝ හෝ
නතර වී යළී බැලු විටකදි
ඒ සිනහාවම පෙනෙන විදිහට
කවි පේළී වල ඉඩක් තැබුමය....

කඳුළු එන විට රිදුම් ලබනා
නෙත් පියළි අඟ සිනහා ගවසා
මියුණූ හදවත වසා ගන්නට
කවියකට ජීවිතය දීමය....

ආදරය යනු හිමි වීම නොව,
අතැර යන්නට ඉඩක් දීමය
අතැර ගිය පසු නොපිරේනා
ඉඩක් කවියට ඉතිරී වීමය..... 





9 comments:

  1. හොදම ටික
    //ආදරය යනු හිමි වීම නොව,
    අවැසි වු කළ අතැර යන්නට
    යන්න කියමින් ඉඩක් දිමය....//

    ReplyDelete
  2. කඳුළු සඟවන ආදරේ
    සිනහ උපදින ආදරේ
    වචන මවන මේ ආදරේ
    කවට පණදෙයි ආදරේ.....

    ලස්සනයි යාත්‍රා.....

    ජයවේවා!!!

    ReplyDelete
  3. ආදරය යනු හිමි වීම නොව,
    අවැසි වු කළ අතැර යන්නට
    යන්න කියමින් ඉඩක් දිමය.

    මාරම මාර ටෝක් එකක් මේක නම්

    ReplyDelete
  4. ඔව් ඒක හැම තිස්සෙම එහෙමමයි...කවි බොහොමයක් උපදින්නෙ ඒ නිසා මයි

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...