මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, June 11, 2019

සෑබැ ප්‍රේමය

සෑබෑ ප්‍රේමය ඇත්තේ
අතනය මෙතැනය
බ්ලොක් කරන තැනකය
මරා ගත්ත තැනකය
⁣ප්‍රේමිය ඔබේ සටහන් දකිමි.


එහෙත් සොඳුරිය,
මම ප්‍රේමය කියෙව්වේ,
නන්දා හා කුසුමේ තුළදිය
සෑබැ ප්‍රේමයක් දුටුවේ
අරවින්ද හා සුගත් ළඟදීය


ඉරා නොදමන බස් ටිකට් ටික
ලඟ තබා ගත් දුම්රිය ටිකට් ටික
උපන්දින සුබ පැතුම් කිහිපය
අත් දිගැති මොණර නිල් කමිසය
පිට්සා හට් බිල් එක සැවොයි සිනමා වත්තල
ගාංචුව කැඩුනු ඒ මාලය
ඔය තමයි මගේ ප්‍රේමයේ වත්කම්


"කස ඇට දාල අයිස් සරුවත්වලට ඔයා තාමත් ආසද?"
සුගත් නම් මෙන්න මෙහෙමයි
ලඟ තියා ගත්තේ දම්මිගේ සැමරුම්


"පොරොන්දු වෙන්න, ඔයා බීම අත් අරිනවා කියලා"
කොයි තරම් පැරුණත් හිත
ඉතිං දම්මිත් ඔහොමයි


ආදරේ බ්ලොක් නොකලාම එහෙමයි

එහෙත් ප්‍රේමිය කියන විදිහට
බ්ලොක් කරන තැනකනම්
සෑබැ ප්‍රේමය
මම විතරක් නොවෙයි
සුගත් දම්මිත් පරාදයි


2 comments:

  1. සුගත් - දම්මි කියන්නේ ආදරය සහ ප්‍රේමය ටපලවාගත් දෙන්නෙක් ගේ කථාවක්.

    ReplyDelete
  2. වේදනාවක් දැනෙනවා, ඇයිද මන්ද..

    මේ කවිය ලස්සනයි. ඇත්තටම ලස්සනයි

    දම්මිත් , කුසුමුත් දෙන්නා එක ශානරයේ නෙවෙයි. කුසුම් පරිත්‍යාගය ආදරයේ උත්කර්ෂයට නංවද්දී, දම්මි ඇගේ පාරේ යනවා සැබෑ ආදරය මනින්නේ නැතුවම. නමුත් දෙදෙනාම හොඳ පෙම්වතියන්. අනර්කලී විසින් ජීවිතය දෙනවා සිය පෙම්වතා වෙනුවෙන්, ඒකත් එක ආකාරයක සැමරුමක්.

    ඔබ මේ කියන අරවින්ද ඉන්නේ විරාගයේ නම්, එය ගොළු හදවතට වඩා වෙනස්! අපි කැමති වෙන්නේ අපේ ශානරයේ ආදරයකට... ඒක හරිම අමාරු වෙන්කිරීමක්.. දිය මත සටහන් කරන බෙදීමක් වගේ...

    ආයෙත් කියනවා, ලස්සන කවියක්

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...