මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, October 8, 2019

රාත්‍රිය දිගු වන්දනා ගමනක්

රාත්‍රිය දිගු වන්දනා ගමනක්
⁣සුහද ඔබ මා ලග නැතත්
දෙනෙත්⁣ නොපියා පහන් කළ යුතු
මතක නටඹුන් හිතින් පිරිමදිනා
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


ඉටි පහන් සැළි සැළී පවසයි
බිඳි ගිය හැටි ප්‍රේමයක්
කඳුල තරමට නොවේ නම් දඬුවමක්
රාත්‍රිය ගෙන එන්න දිගු මරණයක්
නිමා නොවෙනා ප්‍රේම පුවතක
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


ප්‍රේමයට යාදිනිය වී මම
හඩා වැටුණම සත් දිනක්
මතක තරමට නොවේ නම් ශෝකයක්
රාත්‍රිය ගෙන එන්න දිගු මරණයක්
නින්ද එන යන නැවිදින් ඉන්නා
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


1 comment:

  1. රාත්‍රිය දිගු වන්දනා ගමනක්
    හ්ම්ම්ම්ම්

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...