මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, October 10, 2019

C ට ආදරෙන් 2019.10.10


ආදරණීය C,

ඔබව මතකයට එන බොහෝ වාර වලදි මේ ගීත ඛණ්ඩය මිමිණිම දැන් සාමන්‍ය දෙයක් බවට පත්ව ඇත.

ඔබ හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයිදැයි නොකියමි. “

අදත් බොහෝ නිස්කලංක අවස්ථාවලදී මම කල්පනා කරනුයේ ඔබ මට හමු වුයේ ඇයිදැයි යන්නය. එයට පිළිතුරක් අද ද, ඔබ මා - අප වෙත නොතිබෙන අතර, ඔබ ව දුටු පළමු අවස්ථාවේ සිටම මා නොසන්සුන් ව සිටි අයුරු අද ද මම  මතකයේ දරමි. ඔබෙන් කිසිවක් මතකදැයි නොඅසමි. ඒ අප බොහෝ බලාපොරොත්තු දරා සිටි හා දුෂ්කර වු සමයක් විය.

ඔබ පළපුරුදු සේ වහ වහා   එහා මෙහා ගිය අතර මම සබකොළයෙහි ගිළෙමින් සිටියෙමි. ඒ අතර තුර ඔබ හා මා දෑස් හමු නොවුවත් ඔබ මා අසළ ම සිටි ලස්සන යුවතිය වෙත සිනහවක් පා කර එවු සැටිත්, ඈ මද සිනහවෙන් හා අඩවන් දෑසින් ඔබ සිනහව භාර ගන්නා සැටිත් දකින මම, මගේ බිමට බර වූ දෑස් ඔසවා යළිත් ඔබ දෙස බැලීමේ අවස්ථාවන් හදවතට බොහෝ සේ බල කර  මඟ හරවා ගත්තේමි.

මම එදා හිනා උනේ ඔයත් එක්ක,”
පසු කලේක ඔබ සතුව තිබු සරළ වු පැනයන් සහ පිළිතුරු වරින් වර මා නිරුත්තර කර දැමු අතර, මා නපුරුයැයි ඔබ ඒක පාර්ශිකව තිරණය කර තිබුණේ ඔබේ ඒ සරළ වු වචන සත්‍ය යැයි  විශ්වාස කිරිමට මා දැක්වු මැළිකම හේතුවෙනි. අද ද මම කිසිවක් මගේ මතකයෙන් අතුගා දමා නොමැති අතර, වරින් වර දෑසත් හදවතත් පාරා ගැනීම සඳහා හදවතේ එක් තැනක පරිස්සමින් තබාගමි. ඔබ ඒ පැවසුවේ සත්‍යය යැයි අද ද විශ්වාස නොකරමි.  ඔබට ආදර කළ ‍මා දෑස් පමණක් අදටත් හෙටටත් විශ්වාස කරමි.

ආදරණිය C, ඔබේ මතකය පමණක් දරන මේ හදවත කොතැනක හෝ වේවා කවුරුන් ලඟක දී වේවා ඔබව සිහි වී නැගෙන මදහස මුව පුරා තවරා ගන්නා සැටිත්තවත් විටෙක නෙත් අඟට බර වැඩිව  කඩා වැටෙන්නට දඟකරන කඳුළු ගුළි වැයමකින් නවතා ගන්නා සැටිත්, හෙළන හුස්මත් සමඟ පටලා වා තළයට මුහු   කරන සුසූමන් කොයි තරම් සැඩදැයි, වරක්  ඔබ දුටවහොත් හෝ  ඇසුවහොත්, ඔබ - ඔබේම ජීවිතයැයි නම් කළ කිසිවක් මඟක අතරමඟ අතැර යාම වෙනුවෙන් ඔබේ හදවත ඔබට සමාව දීමේ වරදින් කිසිදා මිදිය නොහැකි වනු ඇති. ඔබේ සුවඳ තැවැරුණු වා තලයන් තවමත් රිසි සේ ඉව කරනු සදහා ඔබ රැදෙන තැනක, ඔබ රැඳුනු තැනක ඉදහිටක මදකට හෝ  නැවතීම කලක සිට මා පුරුදු කර ගත් බොහෝම නරක ඇබ්බැහියක් බවට පත් වෙලා C.

එවැනි අවස්තාවන්හී ඇහැරී රිඳුම් දෙන මතකයන් තවමත් බොහෝ ම තරුණයි C. මතකයන් පමණක් තරුණව සිටියදීම ඔබ - මම ටිකෙන් ටික ගතින් වියපත්ව යමින් නේද C. නොමළ ප්‍රේමයක මතක  ගථා සජ්ඡායනා කරන හිතක් වුවත් කිසි දවසක වියපත් නොවෙයි C. ඔබ එය ඇදහුවද - නොඇදහුවද, ඔබ ප්‍රේමයෙන් රදන මේ සිත ද තවම තරුණයි C.

ඔබට අමතකව ඇතැයි නොසිතන එහෙත් ඔබට අමතකව ගිය බවක් හැගවෙන පැතුමක් වෙනුවෙන් එවන් සිතක් අද ද මඟ බලා හිඳින බව හෝ, ඔබෙන් එක හුස්මට ලැබුනු එවන් පැතුමන් ගොන්නක් තුරුළු කර ගනිමින් හඩා වැටෙන බව හෝ ඔබ නොදන්නවා ඇති C. ඔබට නොවැටහෙන අයුරින් පෙම් කිරීමට ඉගෙන ගත්තේ කවදා දැයි නොදන්නා මුත්, සදාකාලිකවම ඒ අයුරින් ඔබට පෙම් කරමි. ඔබේ එකම එක පැතුමක රැඳුනු ලෙසින්සියක් ආයු ලැබ හෝ ඔබේන් යළිත් එවන් ආදරණිය වු උපන් දින සුබ පැතුමක් ලබනු රිසින් මේ හදවත වියපත් නොවී හිදිනු ඇති C.

ආදරණිය C, ඔබට අමතකව ගිය, ඔබ සිතා මතා හෝ අමතක කර දැමු අද දවස -  අප එක්ව ගෙවා දැමූ සොඳුරුයැයි නම් කළ හැකි කලක මෙවන් දිනෙක දී නලලතට වැටි ගැඹුරු හුස්මක උණුසුම සිහි කරවමින්  ඔබ නොඑන,  එහෙත් ඔබ වෙනුවෙන්ම දකීන, ඔබට නොදන්වා හෝ පැමිණීමට හැකි හීනයක, නිදා - නොනිදා තුරුළු වීමට අවසරයි C.

A,
2019.10.10



1 comment:

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...