මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, February 27, 2020

එදා පෙන්නු අහසමයි

නුඹට මම, මටද නුඹ
ආදරේ යැයි ගිවිස ගත් විට
නුඹ මනින ප්‍රේමයේ පළලට
එදා පෙන්නු අහසමයි මෙය

මම නුඹට, නුඹද මට
ආදරේ යැයි ගිවිස ගත් දින
නොසැලෙනා මහා පව්වකි
නුඹම සම කළ නුඹේ ප්‍රේමය

සැලි සැලී ඉරි තැලි යන විට
කැඩි කැඩී බිදි යන විට
බලා හිදි ප්‍රේමයෙ මේ කුළු
සුසූම් සැගවුව අහසමයි මෙය


No comments:

Post a Comment

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...