මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, November 16, 2019

රෝබරෝස

මතකද? එදා, එකම එක දවසක්
නිහඩවම මම කවි ලිව්ව බව
හරියටම මේ රෝබරෝස,
පැහැයගත් නුඔ හිත ගැන

මතකද? තවත්, එකම එක සැදෑවක
නිහඩවම නුඹ මම ඇවිද ගිය හැටි
රෝසපැහැ මේ රෝබරෝස,
මල් වැටුණු පාර දිග

මතකද? ඊට පසු දිනක්
නිහඩවම නුඹ හිටපු හැටි
ලාරෝස මේ රෝබරෝස,
සුළඟට පෙම් කරද්දී

මතකද? ඉතින් ඉන්පසු
නිහඩවම කාලය ගෙවුණු බව
නොදැක මේ රෝබරෝස,
නුඹත් මමත් අපි දෙදෙන

දන්නවද? අදත්, ඉතින් ඉන් පසු හෙටත්
නිහඩවම නුඹ මම කාලයට ඉඩදෙද්දී
ලාපැහැති මේ රෝබරෝස,
නුඔට මට අපට අයිති නැති එක තැනක


පින්තුරය - ප්‍රියංකා කුමුදුනී

1 comment:

  1. ලස්සන කවියක්. හොඳ බ්ලොග් එකක්

    ReplyDelete

දිනෙක අතහැර යමි

නිහඬ වෙමි. සිතුවිලිත් නිදි බැවින්, කෙටි සුසූම් ඇහැරවමි.. සඳත් අද දුර බැවින්. සවන් දෙමි. පවන ගයනා බැවින්, දිගු රැයම නොනිදම...