මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, March 29, 2019

ප්‍රේමයට කවියකු තරම් පෙම්වතෙකු නැත

ප්‍රේමය
මට මග හැරුණි
සමකාලීනයින් විදිති - විදවති


ප්‍රේමය
මම ලියමි
සමකාලීනයින් කියවති - විදිති


ප්‍රේමය
කිමැයි
ඔවුන් කිසිදාක නොකියති


ප්‍රේමය
මෙයැයි
මම ඔවුන්ට අකුරකින් පහදමි


කවිය
නුඹ පෙම්වතෙකි
ඔවුන් මට කියති


ඉදින්
ප්‍රේමයට
කවියකු තරම්
පෙම්වතෙකු නැති
මම ඔවුන්ට කියමි.



Wednesday, March 27, 2019

දේව දරුවා

පුදින්න තිබු කෙහෙල්ගහ
පා පහරකින් බිම හෙලා
මහ දවලේ පැන ගියා යකු
බෝ ගහේ අතු සිද දමා


ආරංචියක් ලැබුණු විගසම
සරදියෙල් ආවත් මෙහි
උන්දැ පිල උඩ ඉඳන් හිටියා
පවන් රැල්ලට කන් දිදී


කදිරා ඇවිදින් හවස් වරුවක
සපුමලී උඹ හොඳ එකි
බය නොවී ඉදහන් නඟා
කිව්වා රැ තරු දෙස බලා


ගමේ චණ්ඩියා උනත් මහතුවා
ඌට රැටත් හයර් තිබුණා
මගේ දුක වගේමයි ඌ
කාගේ කාගේත් දුකම අැහුවා


ගැහෙන ඉකිලන හදවතින්
ජිවිතේ පසුවදන හෙව්වා
අන්න එ වගේ වේලාවලදී
දේව රුව මතකයට අාවා


කන්ද උඩ යාතිකා මඩුවේ
අන්න එ වගේ රුපයක් තිබුණා
පිළිමයට නැහුණු හිතේ දුක
යදින කපුවගේ කණේ හැපුණා


මතුර මතුරා ගැහුව පොල් වල
අණ ගුණත් හිටි හැටියේ ලැබුණා
දේව පැටියගේ අප්පොච්චි වී
පැන ගියපු යක්දෙස් ගමට අාවා

Sunday, March 24, 2019

හදවතේ පැහැය



නුඹේ හදවතේ පැහැය කුමක්ද ?
නුඹේ සිනහවේ අරුත කුමක්ද?
නොවැටහෙමි.

දෙදුනේ සත් පාට සොර ගෙන හදවතේ තවරා ගත්තද?
සද එළිය සොරගෙන් හිනාවෙ සඟවා ගත්තාද?
නොදනිමී.

නුඹ කෙලෙසක හමු උවාද?
නුඹ කොතැනකදී දුටුවාද?
නොවැටහෙමි.

සංසාරේ පුරුද්දට හමු උවාද?
නෙත් හැරී ලොව දකින්නට පෙර නුඹව දුටුවාද?
නොදනිමී.

මට නුඹ හිමි උවාද?
නුඹට මා හිමි උවාද?
නොවැටහෙමි.

නුඹ මට ආදරය පඬුරු කළ බවද,
මගේ ජීවිතය නුඹ නමින් පුජා කළ බව පමණක්,
මා දනිමි.

කුමක් නොවැටහුනද?, කුමක් දැනුනද?
මේ දැනෙන නුඹේ ආදරය පමණක්ම,
ඉතින් මා
අදහමි.




Sunday, March 10, 2019

ඉන්න නැවතී ටිකක්

හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්


ඔබේ එක පියවරක්
මත මගේ පියවරක්
තබා එමි පසු පසම
ඉන්න නැවතී ටිකක්


ඔබේ හුස්මක එති
හදවතට කිමිදෙමි
හදේ ගැඹුරුම තැනක
මියෙන තුරු නවතිමි


නුඹ දකින මිරිගුවත්
මට සොඳුරු කෙම් බිමක්
අවැසි හිස තියන්නට
ඔබේ එක උරහිසක්


මා අහස තරම් දුර
එපා යළි කියන්නට
අර ක්ෂිතිජ ඉම උවත්
දෑස් මත සෑබැවක්


නුඹේ හද දෙහද වී
මා අතැර ගියදාක
හීන මම විසි කරමි
නුඹේ පය පාමුලට


එතෙක් මා ප්‍රිය සබඳ
ඉසින්නම් මා නුඹට
දෙනෙත් බැල්මෙන්
සෙත් කවක දිය දහර


හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්



හපුතලේ අතර මඟ

වියළි දුවිලි එක්ක හුස්ම ගද්දී , ඒ දුවිල්ලත් එක්ක ඔට්ටු වෙද්දී , ජිවිතේ ඒ දුවිලි හුළඟටම සින්න කරලා මිනිස්සු වෙන්න හීන දකිද්දී , හැමදාමත් හැ...