දෑස් රිදවා යන්න කඳුළු බිදුවක එතුන
පෙමක මිහිරැති සුවඳ පරව මියයන කලෙක
යදම් සහසක පහර දරමි හදවත පතුල
ඔබ නොමැති ලොව අරුත කිනම් පැහැයද නොදැන
පෙම් කරමි අඳුරටම ඔබව මතකෙට ගෙනෙන
සැලෙන ඔබ නිවාදැමු මා පහන් දැල්ලක්ය
සුසුම් හුස්මට ඔබේ පෙම් කරන පහනක්ය
කඳුලකි කඳුලකි ඔබ රුහිරු කඳුලකි
අහිමි සුව මතකයක ජිවිතය තනිකරන
පෙමක උණුසුම් සුවය හළුව දැවෙනා කලෙක
කුළුණු එක්ටැම් සිරස සගවමිය හද නිමල
ඔබ ලඟක නැති විටක යයුතු සදිසා නොදැන
නතර වෙමි එතැන මම ඔබව දැසට පෙනෙන
ගලන රුහිරෙන් වැසුණ සොලොස් කල පිරි සඳය
එදා ඔබේ සඳ මම ය දැන් අමාවක දිගුය
පෙමක මිහිරැති සුවඳ පරව මියයන කලෙක
යදම් සහසක පහර දරමි හදවත පතුල
ඔබ නොමැති ලොව අරුත කිනම් පැහැයද නොදැන
පෙම් කරමි අඳුරටම ඔබව මතකෙට ගෙනෙන
සැලෙන ඔබ නිවාදැමු මා පහන් දැල්ලක්ය
සුසුම් හුස්මට ඔබේ පෙම් කරන පහනක්ය
කඳුලකි කඳුලකි ඔබ රුහිරු කඳුලකි
අහිමි සුව මතකයක ජිවිතය තනිකරන
පෙමක උණුසුම් සුවය හළුව දැවෙනා කලෙක
කුළුණු එක්ටැම් සිරස සගවමිය හද නිමල
ඔබ ලඟක නැති විටක යයුතු සදිසා නොදැන
නතර වෙමි එතැන මම ඔබව දැසට පෙනෙන
ගලන රුහිරෙන් වැසුණ සොලොස් කල පිරි සඳය
එදා ඔබේ සඳ මම ය දැන් අමාවක දිගුය
එදා ඔබේ සඳ මම ය දැන් අමාවක දිගුය
ReplyDeleteහිතට වදින වචන
ස්තුතී සඳ හැමදාම වගේ
Deleteලස්සනයි යාත්‍රා.
ReplyDeleteජයවේවා!!!
ස්තුතී දූමී
Deleteහරිම ලස්සණයි
ReplyDeleteස්තුථී තළන
Deleteමේවගේ කවි කිව්වෙ ස්කයිප් ෆේස් බුක් විඩියෝ චැට් නැති කාලෙනෙ. දැන් කෙලින්ම ස්කයිප් කරලා බලන්න කථා කරන්න පුළුවන්නේ. හෙහ් හෙහ්. විහිළුවට.. හරි ලස්සන කවි.
ReplyDeleteඅපි නම් තාම කියනවා ඉයන්. හී හී. ස්තුතී හැමදාම ආදරය ඔබට
Deleteඅගෙයි කවි ටික යාත්‍රා...
ReplyDeleteස්තුතී සක්ඛා
Delete