මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්රාව
Saturday, November 20, 2021
කැමැත්තෙමි
මම ලියන්නට කැමැත්තෙමි.
මම සිතන්නට කැමැත්තෙමි.
මම දකින්නට කැමැත්තෙමි.
මම සිඹින්නට කැමැත්තෙමි.
මම නිදන්නට කැමැත්තෙමි.
Saturday, November 6, 2021
"මැණිකේ මගේ හිතේ"*
ඇසෙන විට"මැණිකේ
මගේ හිතේ"*තනි කකුල තාලයට සෙලවේසෙමින් කියැවේ"මගේ
හිත නෑ මටම මෙල්ල"* අවුරුදු දොලහක් තිස්සේටයිල් නොකළ ගේ බිමඇස් අඟට දිස්වේඊට ඉහළින් බිත්තියේ ඇණ ගෑසු බ්ලොක් ගලක් මතපදක්කම් කිහිපයක් හිනැහේ කියන විට මගේ මැණිකේ දුක හිතේදකුණු අත මිට මේලවේවැරෙන් නතරවේකැළල ළඟ කපා දැමු කකුලේ ලොකු කෙල්ල දැන් දොළහ වසරේදොස්තර කෙනෙක් වෙනවාමයි කියනවාඔන්ලයින් පංති යන අතරේහාල් එකසිය හැටයි සීනි නෑ බෝතලේබඩගීනි කියනකොට ඇහෙනවා කුස්සියේ දොස්මුරේ"පන්සීය
තියා ගමුඔන්ලයින් වලට ඩේටා ඕනනේ,පන්ති සල්ලිත් දෙන්න වෙයි ඔන්නමේ දෙවෙනි සතියනේ" කියන විටමගේ මැණිකේ දුක හිතේරන් විමනයි, මිණි
පහණයිකන්න දැයි මට සිතේඇසෙන විට"මැණිකේ
මගේ හිතේ"*දුක නිවෙයි අපි ගිහිල්ලලු නේද දැන් ජාතියන්තරේ * උපුටන*"මැණිකේ
මගේ හිතේ" (ගීතය)
මේ දෙවෙනි සතියනේ"
Friday, November 5, 2021
සිප්පි වෙරළක්
ඔබ ගිලෙන මුහුදක්ආදරේ රළ නොපිට පෙරළනප්රේමා'තුර (සිප්පි) වෙරළක්අඩ පැයෙන් පැය හඬවන මුදු හාදු තවරගත් වැස්සකටකම්මුලක් පාන කෙල්ලක්වැහි තුරල් වු පසුවට හිත රිදවගත් තරමක්නිහඬ මුහුදක් දැන ගනීවිදරළ මතට මුදු වැහි වට හතක් වැටුණත් ඔබ නිහඬ මුහුදක්ආදරේ රළ දියඹ සඟවනප්රේමාතුර (සිප්පි) වෙරළක්බඳා වැළපෙන ලකුණු නොතියන තනි වූ නැවියෙක් දුටුවමමඟ කියන තරුවක්පාව යයි එදෙසට මුණ ගැහෙන තුරුම වැල්ලක්ගිලෙන මුහුදක් දැන ගනීවිදආදරේයි මේපමණක් ගඟක් පැවසුවත් ඔබ අහිමි මුහුදක්මතක සැඬ රළ උපද්දනප්රේමාතුර (සිප්පි) වෙරළකරටා ඇදි පා ලකුණු නරඹන
Subscribe to:
Posts (Atom)
ඉතා මිටි මම
මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....
-
මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....
-
මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළ...
-
ඒ විදිහට ඇස් පුංචි කරලා එයා හැදුවේ හිතේ කැමැත්තක් තියෙන බව දනවන්න වෙන්න ඕන. ඕනාවටත් වඩා පුංචි වෙච්ච ඇස් දෙකට මත් වෙච්ච ගතියක් එකතු කර ගන්න...