මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, December 1, 2020

වස්තුව,

 වස්තුව, ඔබ හැරෙන්නට
තවත් වස්තු කිහිපයක් ඇත
අල්මාරියේ පහළටම වන්නට
තබා ඇති නිධානෙකි ඒ මට
ඔබේ ජොජට් සාරිවලට ඉඩ මදියැයි
දොස් නොකියන්න ඒ ගැන

ගාංචුව කැඩීගිය එක් නිකල් මාලයක්
තින්ත ඉවර වුණ  බෝල්පොයින්ට් පැනක්
තැනින් තැන ඉරී ගිය Levi's වොලට් එක
අවවාදයයි වස්තුව,
හැර නොබලන්න අතට ගෙන
රිදෙන මුත් හිත කිව යුතුයි
ඒ තමයි මගේ ප්‍රථම වස්තුව 

තෙත් වළාවක් වගේ ඔය හිත
මිරිකි මීරිකි ඇඬුවොතින් හෙම
සති අන්තයේ දවසක් එක්ක යන්නම්
නොලිමිට් ෆැෂන් බග් ඔය දෙකෙන් එහෙකය
Café 84නැත්නම් පිට්සා හට් ඇති ඒ ළඟම
ඉතිං තව නොසතුටෙන් නම් ඔය හිත
පෙනි සිටියැති සෙල්ෆි වරුසාවකට
ඊට අහන් හිටියැකි රෑ පුරාවට
ලව් වාව් රිඇක්ෂන් ගැන ඔබ හිනවි කියන

"ඔයා ලියන්නෙම ආදරේ ගැන මහ පුදුම දේවල්
කන්තෝරුවේ අයත් මට ඊයේ කෙරුවේම කොලොප්පම්
හරි ෂෝක් අනේ  ඒ වගේ දේවල්
ගෙදර එනකොටත් මතකයේ තියෙනවා නම්"

මම කොහොම කියන්නද වස්තුව
ඒ කවි නෙවෙයි දිනපොතක ලිවිය යුතු දේවල්





ඉතා මිටි මම

  මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....