අද,
දවස නිමා කරන්නට කලියෙන් හැන්දෑවරුව උදා වෙමින් ගෙවුණු හෝරාව අහසේ පාට වෙලා තිබුණේ තද තැඹිලි පැහැයක්. ඒ රතු පාට හුරු තැඹිලි පැහැය ජිවිතේ පටන් ගත් දා ඉදන් මතකයේ වන බොහෝ සිදුවීම් මුල පටන් අගටත් අග පටන් මුලටත් මතක් කරවන්නට සමත් වුනා. ජිවිතේ සමහර පාට එක්ක බද්ධ වුන සමහර සිදුවීම් තියෙනවා. ඒ වගේම පාට එක්ක බද්ධ සමහර සුන්දර වගේම අසුන්දර කතාත් හුඟාක් ජිවිත වල පිරිලා ඇති. හැන්දෑ අහස දිහා බලාගෙන ඉද්දී යාත්‍රිකයාටත් ඒ වගේම කතාවක් මතක් වුනා. යාත්‍රිකයාට සෘජු සම්බන්ධයක් නැති මේ කතාවත් යම් පාටක් එක්ක බැදිච්ච එක කතාවක්.
ඒ සුදු පාට,
ඇය තදින් සුදු පාට එක්ක බැඳි හිටියා. ඇය කොයි තරම් සුදු පාටට ප්‍රිය කලාද යන්න යාත්‍රිකයා දැනන් හිටියේ ඇය යාත්‍රිකයාගේ සමීපතම මිතුරියක් වු නිසාවෙන්. යන එන ගමන් වලට ඇය ටිකෙන් ටික සුදුපාට ඇඳුම් එකතු කර ගත්තා. අන්තිමේදී ඇය සුදු පැහැති ඇඳුම් වලින්ම පමණක් සැරසී සිටිම යාත්‍රිකයාටවත්, අනෙක් මිතුරන්ටවත් පුදුමයක් දන වන්නක් වුනේ නැහැ. මරණයට වගේම මඟුලටත් ඇය තෝරා ගත් පැහැය සුදු. ඇගේ නිවස අලංකරණය වුණේ ද සුදු පැහැයෙන්. ලෝකයේ තවත් වර්ණයන් ඇතැයි ඇය දැන නොසිටියා සේ ඈ සුදු පාට කෙරෙහි තදින් බැඳි සිටියත් මේ තද පැහැයෙන් යුතු අහස වෙනස් වනවා සේම ඇගේ ජිවිතයත් වෙනස් වු අයුරු මට මතකය.
ඇගේ ජිවිතය සුදු පැහැයෙන් තොරව ගෙවි යාම අහසේහි පැහැය වෙනස් වනවා සේම සොඳරු නොවු වග යාත්‍රිකයා දැන ගත්තේ අහම්බයකින් ඈ මුණ ගැසුණු දිනයකදි. කළු පැහැයට හුරු අළු පැහැති ඇඳුමකින් සැරසී සිටිය ඈ සුදු පැහැය සම්පුර්ණයෙන්ම ජිවිතයෙන් ඇත් කර ඇති බව යාත්‍රිකයාට තේරුම් ගැනීම අපහසු වුනේ නැහැ. එදින යාත්‍රිකයාගේ සිතේ නැඟි එකම පැනය වුයේ ඇයි යන්නයි.
"සර්ව සම්පුර්ණ වෙච්ච ජිවිතයක් කාටත් නෑ. මම හැමදාම හිතනවා ඇයි මම ජිවත් වෙන්නේ කියලා. ඒ ජිවත්වෙන එකේ තේරුම මොකක්ද කියලා. මම ජිවත් වෙන්න ඕන හොඳ මනුස්සයෙක් විදිහට මම මැරෙන්න ඕන හොඳ මනුස්සයෙක් විදිහට. කොටින්ම කිව්වොත් මට ජිවත් වෙන්න උනේම කාටම හරි ඕන විදිහකට. දුව මේක කරන්න එපා. ඔයා එහෙම හැසිරෙන්න එපා. ගැණු ළමයි කෑ ගහන්නෑ. හයියෙන් දුවන්න එපා. මම කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල ලයිස්තුවක් හැම තිස්සේම මට ඇහුණා. වේලාවකට ඒක අම්මා. තවත් වෙලාවට තාත්තා. එහෙම නැත්නම් ඒ අත්තම්මා. තවත් වෙලාවකට අයියා. තාත්තාට ඕන උනා එයාගේ ඉස්කොලේ ළමයින්ට පෙන්න මාව ආදර්ශයක් හැටියට පාචිච්චි කරන්න. එයා සතුටු වුනේ අසේල සර්ගේ දුව හරිම හොඳයි කියලා එයාට ඉස්කොලේ ටිචර්ලාගෙන් ඇහෙන වචන වලින්. අම්මාට ඕන උනේ ගෙදරට යන එන, මඟක හම්බෙන කාගෙම හරි කටින් අම්මා වගේමයි දුවත් හරිම අහිංසකයි කියන වචන ටික අහන්න. අත්තාම්මා හැම තිස්සේම දකින්න කැමති උනේ නම්බුකාර දෝණි කෙනෙක්. එයා මට ඇඳුම් තෝරලා දුන්නේ එයාට කැමති විදිහට. මගේ පුංචි කාලේ ඉඳන් දිගට අදින්න මම පුරුදු වුනේ එහෙම. අයියා හැම තිස්සේම හිටියේ මගේ වටේ මොකක්දෝ නපුරක් වෙයි කියලා. එකෙන් මාව ගලව ගන්න පුළුවන් එයාට විතරයි කියලා හිතාගෙන. කාටවත් වැරුද්දක් කියලා පෙන්නන්න බැරි තරම්ම මම කීකරු දුවක් වුනා. මම කීකරු වෙන තරමටම තාත්තාගේ සතුට වැඩි වුනා. ඒ තරමටම අම්මාත් මුළු ලෝකොටම අහිංසක වුනා. අයියාට ලොකු ගරු කිරිමක් ලැබුණා. ඒ හින්දම මම මාව තවත් අහිංසක විදිහට පෙන්නන්න, පෙන්නගන්න, හරි සුදු පාට අතර හිර වුනා. එත් හැමදාම මට කණ්ණාඩියෙන් මුණ බලන්න බැරි වුනා. මතකද? අවුරුදු පහ හයකට ඉස්සර වෙලා මම කොණ්ඩේ බැඳලා ඔයාලාගෙන් අහනවා හොඳට තියෙනවාද කියලා. කාටවත් වෙනසක් තේරෙන්න නැතුව ඇති. එත් ඒ වෙනකොට මම කණ්ණාඩියෙන් මුණ බලන එක නතර කරලා තිබුණේ. ඒ ඇයි කියන්න මම දන්නෑ. එත් මම දැනන් හිටියා කණ්ණාඩියෙන් බලන්න තරම් විශේෂ දෙයක් මගේ මුණේ නැති විත්තිය. මොකද මම කණ්ණාඩියෙන් බලලා ඔළුව පිරණ විදිහට අත්තාම්මා කැමති වුනේ නෑ. පස්සේ මම පුරුදු වුනා කොණ්ඩේ බැඳලා එයාලාගෙන් අහන්න මේහෙම හොඳද කියලා. මුණේ පියරු උලාගෙන මම අම්මාගෙන් අහලා තිරණේ කරනවා මුණේ පියරු වැඩිද කියලා. ඒක එහෙමයි කියන්න ඔයාලා දන්නවා. ඒක නෙමෙයි ඔයාට රැ වෙනවා."
"නෑ මට තව වේලාව තියෙනවා. ඔව් මට ඒ දේවල් මතකයි. එත් උඹ සුදු අදින්නේ ඔය වගේ හේතු උඩ කියලා මම දැනන් හිටියේ නෑ."
"මේ දේවල් කියන්න ඕන කියලා මට හිතුන්නෑ. ඒ දේවල් සාමාන්‍යයයි කියන හැඟිම මගේ හිතේ තිබුණා. හැම ගැණු ළමයෙක්ටම ඒක පොදුයි කියන හැඟිම මට හිතුනා. ගෙවල් වල නීති රිතී ගැන සමහර වේලාවට ඔයාලා කියපු දේවල් වලින් මම තේරුම් ගත්තා. ඔයාලා නිදහසේ ඇඳුමක් ඇන්දට, නිදහස් සිතුවිලි දරුවට ඔයාලා නිදහස් වෙලා තිබුන්නෑ. ගැණු විදිහට හැමෝම හිර වෙලා හිටියේ. ගැණියෙක්ට සීමාවක් තියෙන්න ඕන කියලා මගේ විහ්වාසයක් තිබුණා. ඒක ආරක්ෂා කර ගන්න මට පුළුවන් උනා. කෙල්ලක් කියන්නේ මෙන්න මේ විදිහේ කෙනෙක් කියලා කියද්දී මම සතුටු වුනා. හැම සීමාවක්ම බිඳලා නිදහස කියලා හිතෙන හිතෙන දෙයක් කරලා විදින සතුටයි, පැවැත්මක් ඇතුව ජිවත් වෙලා ලැබෙන සතුටයි අතරේ වෙනසක් තිබුණා. මම හැම වේලාවේම හිතුවා සිමාවෙන් එපිට වැඩ කරන හැමෝම දුක කියන දේ දවසක උරුම කර ගන්න අය කියලා. ඒ වෙනකොට මම පුරුදු වෙලා හිටියේ තාත්තාගේ සතුට එක්ක, අම්මාගේ හිනාව එක්ක අයියාගේ සතුට එක්ක ජිවත් වෙන්න. එයාලා මාව දකින්න ඒන විදිහට ජිවත් වෙලා මම සතුටු උනා."
" එත් උඹ වෙනස් වුනේ කොහොමද?"
"එහෙම වෙනසක් පේනවාද? එක උනේ කසාදෙන් පස්සේ. ගිය අවුරුද්දේ මම බැන්දා. මහත්තයා සහකාර ලේකම් කෙනෙක්. එයා පත්වීම් ලබපු අලුතමයි අපි බැන්දේ. එතකොටත් අයියා බැඳලා නිව්සිලන්ඩ් වල හිටියේ. අත්තාම්මා ජිවතුන් අතර උන්නෑ. තාත්තා විදුහල්පති කෙනෙක් විදිහට විශ්‍රාම ගියා. ඊට පස්සේ දඹදිව වන්දනා ගමන් සංචාරක ආයතනයක් පටන් ගත්තා. අම්මයි තාත්තායි වන්දනා ගමන් ගියා. මගේ ලෝකේ කියලා ඉතුරු වුනේ මහත්තයා විතරයි. හැමෝම මගෙන් ඈත්වෙලා ගියා එත් මගේ පුරුදු එහෙමම ඉතුරු වුනා. ඉස්සර හැමදේම කළේ තාත්තාගෙන් හරි අයියාගෙන් හරි අහලා ඒ හැමදේම මම මහත්තයාගෙන් අහලා කරන්න පුරුදු වුනා. මුලදී එක එයා සැලකුවේ එයාට කරන ආදරයක් විදිහටයි. මුලදී මම එයාටත් එයාගේ ගෙදර අයටත් හොඳ ගැණියෙක් උනා. හොඳ ලේලියෙක් උනා. මගේ නෑනා මම නිසා බැනුම් ඇහුවා. එයාට අවවාද දුන්නා ගෙදර අය මම වගේ හැදෙන්න කියලා. අම්මාට බයක් තිබුණා නම් මම රටේ මිනිස්සුන්ගෙන් බැනුම් අහයි කියලා එයාට තිබුණ ඒ බයත් නැති වෙන්න ඇති ඒ දවස් වල. කසාදේ මුල් දවස් ඒ විදිහට ගෙවුණාට ටික දවසකින් මහත්තයාට මාව වදයක් වෙන්න ඇති. කොණ්ඩේ බැඳලා මම එයාගෙන් ඇහුවාම හොඳයිද කියලා එයා මට කණ්ණාඩිය පෙන්නනවා. මම දෙයක් කරන්න ඇහුවාම කැමැත්තක් කරන්නමිසක් වෙන කිසිම දෙයක් එයා කිව්වේ නෑ. මම ටික දවසකින් තේරුම් ගත්තා එයාගේ ජිවිතේ එයා කැමති තවත් දේවල් තියෙනවා කියලා. ඒ දේවල් වලට මම අත දානවට කැමති වුනේ නෑ. එයා මට නිදහස දුන්නා. ඒ වගේම ඒ නිදහසමඑයා මගෙන් බලාපොරොත්තු වුනා. ටික දවසකින් සුදු කියන්නේ එයාගේ ජිවිතේ එයා ආසම නැති පාට උනා. එයා මට සුදු අදින එක තහනම් කළා. ඒ ඇයි කියන්න මම දන්නෑ. එයා මාව වදයක් විදිහට සැලකුවා. මම කොටු වෙලා හැඳුනා. එයින් පිට ජිවිතයක් ගැන මම දැනන් හිටියේ නෑ.මම සතුටු වුනේ කෙනෙක්ගේ විදිහට ජිවත් වෙලා. මම සුදු අදින එක තවදුරටත් හොඳ දෙයක් වුනේ නැහැ. සුදු පාටට ඇඳමට යටින් ඉන්න මට තිබුණේ කොයි විදිහේ හදවතක්ද කියලා දැන ගන්න එයාලාට ඕන උනා. මගේ හදවතත් සුදු පාටද කියලා එයාලාට හොයලා බලන්න ඕන වෙන්න ඇති. ඒ දවස් වලම මම කණ්ණාඩියෙන් මුණ බැලුවා. එක මට නුහුරු දෙයක්. මම කණ්ණාඩියෙන් මාවම දකිද්දි මම මටම වෛර කර ගත්තා. ඒ දකින මුනට මම කැමති උනේ නැහැ. ඒ මගේම රුපය උනත් මම ඒ රූපය ටිකෙන් ටික ප්‍රතික්ෂේප කළා. ඒ ඇයි කියන්න මට නිශ්චිත හේතුවක් තිබුන්නෑ. මම එක එක විකාර රූප, හීන දැක්කා. ඒ හින වල හිටිය මිනිස්සු එක්ක මම කතා කළා. හිනෙන් මම කතා කරපු දෙවල් අහන් හිටියේ ඒ හීන වල හිටිය මිනිස්සු විතරක්ම නෙවෙයි. මගේ හිත සුදු නැහැ කියන්න හේතු හුඟාක් එයාලට හම්බවෙලා තිබුණා. අන්තිමේදී මහත්තයා මාව ඩිවොස් කළා."
"උඹ කව්ද කියලා කියන්න අපි දන්නවා බං. මම අහන්නෑ මොන හේතුවකට උඹව ඩිවෝස් කළාද කියලා.ඒක උඹේ පෞද්ගලික දෙයක්"
"පෞද්ගලිකයි කියලා දෙයක් නැහැ. අපි විවෘත වෙන තරමට මනස සැහැල්ලුයි. ජිවත් වෙන්න ලේසියි. මම හුඟාක් පස්සේ තේරුම් ගත්ත දෙයක් ඒක. අද මගේ ජිවිතේ විවෘතයි. ඒක පැහැදිලියි. මම දැන් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. ඩිවෝස් වෙන්න හේතුව උනේ අනාචාරයේ හැසීරීම. මම දන්නවා ඒක ඔයාට ලොකු හිනාවක් ගෙනවා කියලා. නැහැ ඒක ඇත්ත කියලා මම ආයෙම කියද්දි ඔයා පුදුම වෙයි. එත් ඔයා විශ්වාස කරන එකක් නෑ. එත් මම දන්නවා ඔයා මගෙන් ප්‍රශ්න කරන්නෑ කියලා. එත් ඔයා හිතයි, මොකද ඔයා දන්න දුලීකාට එහෙම හයියක් තියෙන්න විදිහක් නෑ කියන්න ඔයා දන්නවා. එත් ඒක එහෙම වුනා. මගේ හීන වලට සුදු ඇද ගත්ත මිනිස්සු ටිකෙන් ටික පිරෙන්න ගත්තා. මගේ මහත්තයා සුදු පාට අප්‍රිය කරන්න කරන්න ඒ මිනිස්සු සුදු පාටට ආදරේ උනා. මම හැමදේම බේදා ගන්න අන්තිමට ඉතුරු උනේ මගේ හින වල හිටපු මිනිස්සු විතරයි. ඒ සමහර හීන වල ගැහැණු මිනිස්සු කියලා වෙනසක් තිබුණේ නැහැ. මම හරි වැරුද්ද ඇහුවේ එහෙම හීනෙන් දකින මිනිහෙක්ගෙන් හරි ගැණියෙකන්ගෙන් හරි. මගේ දෙවල් බේදා ගන්න හිටියේ ඒ මිනිස්සු විතරයි. මහත්තයාත් එක්ක එකට ඇඳ බේදා ගත්තාට එයාට මාත් එක්ක බෙදා ගන්න බැරි දේවල් තිබුණා. ඒ දේවල් මම මගේ හීන වල මිනිස්සු එක්ක බෙදා ගත්තා. සමහර විට එක ඔයාට විශ්වාස කරන්න බැරි වෙයි. එහෙම හීනයක් නිසා මම දික්කසාද උනා කියන එක. "
"නෑ මට විශ්වාස කරන්න බැරි උඹ මෙහෙම කලු ඇදන් ඉන්නවා දකින එක"
"ඇත්තටම ඔයා එහෙම කිව්වාම මමයි හිනා වෙන්න ඕනා. මට සමා වෙන්න. ඇත්තටම. කළු නෙවෙයි මම දැන් පාට පාට ඇඳුම් අදිනවා. ඇත්තටම මෙහෙම හිනා වෙනකොට ඔයා හිතයි මට පිස්සු කියලා. නෑ ඇත්තටම නෑ. මම සම්පුර්ණයෙන්ම නිදහස විදිනවා. "
"එත් ඉස්සර වගේ උඹේ ඇස් අවංක නෑ, කියලායි මම හිතන්නේ."
"මොනම පාටකින්වත් වංකකම අවංකකම මනින්න බෑ. සරලම දේ අපි හැම පාටක් එක්කම ජිවත් වෙන්න ඕන කියන එකයි. ඇත්තටම පාටකට බෑ අපිව මනින්න. එත් පාටක් හින්දා මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. "
දරා ගත නොහැකි කඳුලක් එදා මගේ ඇහේ කොනට වෙන්න එකතු උනා. ඒ කඳුලම අදත් ඇහි පියලි අගට වෙන්න එකතු වෙනවා. මම ඇහ පිහදාලා ආයෙමත් අහස දිහා බැලුවා. අහසේ රතුපාටට හුරු තැඹිලි පාට ලා දම් පැහැයක් අරන් තිබුණා. ඇස් වලට නැගුණ කඳුලත් එක්ක මම ඇස් පියා ගත්තා. ඇස් අරිද්දි අහසේ පැහැය අඳුරු වෙලා තිබුණා.