මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, March 22, 2017

මහ පොළව සහ මිනිස්සු : 02





නටන්න බැරි ගොඩක් මිනිස්සු, මේ මහ පොළව ඇදයි කියලා කෑ ගහනවා.



එහෙම කෑ ගහන සමහර මිනිස්සූ, මේ මහ පොළවට යවුල් පහරවල් දීලා ඒ ඇද නැති කරන්න හදනවා.


එත්,...... ඒ හැම යවුල් පහරක්, උදලු පහරක් වගේම පොරෝ පහරක් උනත් මේ මහ පොළව දරා ගන්නවා.


එත්,...... කවදාවත්ම මේ මහ පොළව ඇදයි කියලා නටන්න බෑ කියන මිනිස්සූන්ට, මේ මහ පොළව දොස් කියන්නෑ. එහෙම දොස් කියලා කෑ ගැහුවත්, ඒ හඩ කිසිම මනුස්සයෙකුට ඇහෙන්නෙත් නෑ.


මේ මහ පොළව කැරකැවෙන වේගයටත්  වඩා වේගෙන් හුස්ම ගන්න මිනිස්සු, ඊටත් වඩා වැඩි වේගෙන් සුසූම් හෙලද්දීත්, මේ මහ පොළව කෑගහන ඒ හ ඇහුනත් නැහුණා වගේ ඉන්න පුරුදු වෙලා.


එහෙම ඉන්න පුරුදු වෙච්ච ගොඩක් මිනිස්සු, තමන්ගේ සුසූමක බර, තමන්ගේ කඳුලක බර මේ මහ පොළවට ඇහෙන්නෑ කියලා දෙස් දොවොල් දෙනවා.


එත්,...... මිනිස්සුන්ටම අමතකයි, තමන්ගේ කඳුලක, සුසූමක වගේම දහඩිය බරත් මේ මහ පොළව දරා ගන්නවා කියලා.


එහෙම අමතක කරපු මිනිස්සූ, මේ මහ පොළව සින්නක්කර ඔප්පූ වලට කොටු කරගෙන තමන්ගේ නමින් ලේබල් අලවා ගන්නවා.


එහෙම උරුමකම් හදා ගත්ත මිනිස්සු, තමන්ගේ උරුමය රකින්න බලි තොවිල්, කොඩි වින, වලට විතරක් නෙමෙයි යූද්ධය සහ සාමය කියන වචන වලටත් මුවා වෙනවා.


තමන්ගේ උරුමය රකින්න ඒ විදිහට කැප උන ගොඩක් මිනිස්සුන්ට, ජිවිතේ තමන්ගේ උරුම සින්න වෙලා මේ මහ පොළව බදා ගෙන අඩන්න උන මොහෝතේදීවත්,



උඹලා කොතැන කොහොම ඉපදුනත් ඔක්කෝම මගේම දරුවෝ කියලා මේ මහ පොළව කෑ ගහන හ ඇහෙන්නෑ.



ඒ,...... හින්දාම මිනිස්සු තමන්ගේ ජිවිතේ හදා ගන්න, තමන්ට වාසනාව උදා කර ගන්න මේ මහ පොළව තමන් කැමති කැමති විදිහට වෙනස් කරනවා.


ඒ,...... විදිහට මේ මහ පොළව වෙනස් කරද්දී, තමන්ට මෙන විදිහේ වේදනාවක් දැනුනත්, තමන්ගේම දරුවන්ගේ නාමෙන් මේ මහ පොළව ඒ වේදනාව දරා ගන්නවා.


ඒ,...... වේදනාව දරා ගන්න මේ මහ පොළවම හිතේ කහටක් නැතිව, මහ පොළව මත දෙපයින් හිට ගත්ත හැම මනුස්සයෙකුටම, මේ මහ පොළවේම හතර රියනක් වෙන් කරලා, කවදා හරි දවසක තමන්ගේ තුරුළට අරන් උණුහුම දෙන්න බලා ගෙන ඉන්නවා.







7 comments:

  1. ජීවිතේට අපූරු ඉගැන්වුමක්. අපූරුයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බෝහෝමත්ම ස්තුති දුමී.

      Delete
    2. ෆොන්ට් එක සැර වැඩි නැද්ද බන්

      Delete
  2. ඇත්තෙන්ම කවදා වත් කෙලෙහි ගුණ බලා නොඉඳ මිනිස්සුන්ට සෙනෙහස පුදන මහ පොලව...අම්මා වගේමයි

    ReplyDelete
    Replies
    1. හරියටම හරි විසිරි අක්කා
      මහ පොළවත් තවත් එක අම්මා කෙනෙක්

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...