මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 19, 2018

මචාං

"ශ්‍රි කන්ත් උඹ කළුම කළු
මම තලෙලු කියන්නේ සුදු
ඒ උනත් මොහොමඩ් තමයි සුදුම
මතකද?  උගේ මුණ
වැවුණු රැවුලට වැහුණ.
හරියට හෂිම් අම්ලා වගේ
ඒ උන්ගේ ජාතියම පේන හැටි
රැවුල එන්න ඒ විදිහට වැවුවාම."

..............................
...................................

"උඹ කැමති ලතාට
උඹලාගේ විදිහට සාරිය අදින.
මම කැමති තිබුණා සරස්වතීට.
මොහොමඩ් උඹට නොකීවට
උගේ හිතෙත් තිබුණා උඹේ නංගී ගැන
දවසක්දා උඹ දුන්නු සඟරාව බලන කොට
මොහොමඩ්මයි මට කිව්වේ ඒ ගැන
අපි උන්නේ අපේ හිත්වල හංගගෙන"

..............................
...................................

"අඩේ පෝඩා මචං...
පරණ දේවල් මොකටද ?
මචාං... මං ඉන්නේ ගින්දරක් උඩ"

..............................
..................................

"අහන් ඉදපන් ශ්‍රී කාන්ත්
මට තේරේනවා උඹේ දුක.
තියන්ඩ එපා ෆොන් එක.
උඹ දන්නෑ තාම මම,
වචන ගලපනව උඹට කියන්න
මොහොමඩ් කැමති
බාර ගන්න උඹේ නංගිව
ඔව් මචං ඔව් ,
අප්පා දන්නෑ කියන
බඩේ ඉන්නා දරුවා එක්කම.

..............................
...................................

"මචං උඹ ඒ අහපු පමණට
කඳුලකුත් ඇති දෑස් අද්දර
උඹට තරමට මටත් සතුටුයි
ශ්‍රි කාන්ත් මම එහෙම කිව්වට
කියන්නට බැරි කතාවක් ඇත.
බඩේ ඉන්නා දරුවාගේ
ඇත්ත අප්පා සුදර්ශන බව
අපේ මොහොමඩ් දන්නවා බං
ඌට කිව්වා සියලු විස්තර
දුවෙක් නම් නම උත්තරා
පුතෙක් නම් නම අනුත්තර
මොහොමඩ්ට එහෙම කිව්වම
කරට අත දා හිනාවෙනවා
හරි මචං හරි සුදර්ශන"

..............................
..................................

7 comments:

  1. මේවගේ ඒව ලියන්න මෝලේ අමුතු විදිහට වර් වෙලා තියෙන්න ඕන. මේක හරිම ලස්සනයි, ඒවගේම ආදරණීයයි

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතී ඉයන්
      ආයෙම කාලෙකින් බ්ලොග් එක සුද්ධ කරලා ගත්තා
      අර අමුතු විදිහට මොකක්ද වෙලා තියෙන්න ඕන කිව්වේ?

      Delete
  2. යාත්‍රාගේ තවත් ලස්සනම අමුතුම නිර්මාණයක්. අපූරුයි

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමී
      ආයෙමත් එකතු වෙන්න ඉතිං 🙂

      Delete
  3. Replies
    1. 🙂🙂
      යාත්‍රාවට ගොඩ උනාට ස්තුතී මද්දා 🙂😍
      දිගටම ඇවිත් යන්න එන්න

      Delete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...