මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, July 29, 2018

මා මිතුරු හඳ පලුව


මා මිතුරු හඳ පලුව ඈ වෙතට ඔබ                     යන්න

මතක ඉසියුම් තැනක් ඈ හදෙහි සිඹ                  එන්න
නෑ ඔතන නවතින්න ඈ ලඟින් ඔබ                    ඉන්න
කඳුළු අහුරක් අරන් පිණි ලෙසින්                   වස්සන්න

බත ඉදෙන තුරු පමණි නොහොඳ මා දැන්         උන්න
ඈ හදෙහි ලතෙත් බව වියැලුණිද                    විමසන්න
මේ කුළක ඔතා එවනා හාදුවක්                      පිළිගන්න
මා මිතුරු හඳ පලුව ආරාධනා                         කරලන්න

මහද මැදුරක කුටීයේ ඈ කඳුළු                       සතපන්න
ඉඩ තබා ඇති බවක් ඈ නමින්                         දිව්රන්න
අහංකාරෙන් එවිට අහක බැලුවොත්                  ඔන්න
මට අයිති වස්තුවකි ඔබ තරහා නොම                ගන්න

මා මිතුරු හඳ පලුව ඈ වෙතට                        පවසන්න
ඉන්ද්‍ර දිග මෝසමකි මගේ හද දුක්                  ගොන්න
වමත මිටි කොට ඇසක් පිස දැමුවොත්               ඔන්න
ඒ තමයි පණිවිඩය  මවෙත අරගෙන                  එන්න

2 comments:

  1. තවත් සයිබර් කවියෙක්, ඔන්න මමත් බලල යන්න ආව

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළි ගන්නවා යාත්රා්වට, ඉතිං දිගටම මේ පැත්තට එන්න,
      මම ලියන්නේ ටිකක් අඩුවෙන්, හාඳ දෙයක් තිබුණොත් මොනවා හරි ලියලා යන්න

      Delete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...