මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, July 23, 2018

දිනෙක ඔබගේ වෙන්න



එදා ඔබ උණ පඳුර ලඟදී මට කියා දුන්
ආදරේ ගීතිකා මින් රැළට කියා දෙමි
ආයෙමත් ආවොතින් ඉතිං ඔබ දවසකදී
යාළු වී උනුන්ගෙන්  ඒ කතා  අහගන්න

ඉතිං පදයක් දෙකක් මතකයේ තියාගෙන
රෝස මලකුයි සිනාවයි ඈ වෙතත් ගෙන යන්න
පපුව මැද හිස තියා තුරුල් උනොතින් ඔබට
ඒ ලෙසම මුදු කැරළි කෙහෙරැලක් සිප ගන්න

ඔබ අහස බලන විට මතකයට අර ගන්න
ඒ සඳම තනිව මම  මේතැන සිට දකින වග
සඳැල්ලට එන විටදී තනියෝම ඔබ එන්න
මා වෙතින් මිදි එන පවන් රැළි පිළි ගන්න

ඒ සිහිල හිත පුරා ඉතිං ඔබ විඳ ගන්න
ආදරේ යැයි මුදුව ඈ වෙතත් මුමුණන්න
ඉර හඳත් තරු උනත් දෙපා ලඟ තබන්නට
අවැසිදැයි නෙත් මතින් ඉඟියකින් විමසන්න

විඩාබර ඔබ නුවන් නැඟෙන දිය රැළි අතර
ගැඹුරු තැන සඟවන්න එපා ඉඩකදු දෙන්න
හැකිද  එක සිනාවක් දිය පතුළ ඇඳ යන්න
දෝතපත් දියමතින්  ඔබේ වත දැක ගන්න

නිහඬ උණ පඳුර ලඟ පියවරක් තබා ඔබ
ඉතිං නික්මි යන්න ඈ සෙවන හොයාගෙන
ඔබ තැබු පියවරින් මම පාර අසා ගෙන
සසර සැරි සරා එමි දිනෙක ඔබගේ වෙන්න

1 comment:

  1. පන විලස මගෙ දිවි තුරාවට හිටියෙ නුඹමයි පෙර දිනේ
    වෙන හදක් වෙත හැරෙන්නට මට මග කියූවේ නුඹමනේ
    සැන සුමක් මම ලැබුවෙ තාමත් සුදූ නුඹගෙන් පමණනේ
    උන හෙවන යට සිසිල විඳිනට තව පමාවක් නැහැ අනේ....

    ලස්සනයි යාත්‍රා.
    ජයවේවා!!!

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...