මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, April 27, 2017

01. ගීතයයි - ආදරයයි - වේදනාවයි




වේදනාවන් කිසිම දවසක සදාකාලික වන්නේ නැහැ. කඳුලු වියැළි ගිය පසුව වේදනාවන්ද මතකයන් පමණකි.


හදේ කොතැනක හෝ හීදි ඔබ 
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනෙන් 
පෙළයි මා මුදා සුව දැහැනෙන්


ඒත් සමහර මතකයන් වෙරල හැපී බිදෙන රළ වගේ, මතකයට නැගෙන හැම වාරයකදීම එක් තැනකදී බිදීලා යනවා.


උන්මාද සිතුවසම් මැවී බිදේ
මිදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිණි ගත් හදවත්
තනීවේවී එක්ටැම් ගේ


හදවතේන් බිදී ගිය හුඟාක් රූපයන් හිමි කරන්නේ බිදෙන මතකයන් විතරයි. එත් ඒ රූප් එක්ක ආයෙමත් ඒ මතක එකට එක්කාසු කරන්න බැහැ. එත් ඒ මතකත් ඒ රූපත් හදවතින් ගිලිහෙන්නෑ.


පොළව උහුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි උනේ
පොළෝ තලයට අහස දුර බව 
සිතන්නේ ඇයි මිනිසුනේ


වේදනාවෙන් ජිවත් වෙන්න පුරුදු හිතකට බලාපොරොත්තු නැති තරම් . ඒත් ඒ වේදනාව උනත් ජිවත් කරවන්නේ මතකයන් තුළීන් සෙවණැලි මවන ඒ පැරණි ආදරණියයන්.


සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී


ඒ ආදරණියයන්ම ජිවිතය සරදමක් කර සැඟව තවත් හුස්මක් එක්ක ජිවිතය එකට එක්කාසු කර ගත් විටත්, පෙම් කළ හිතක් ගොවව හිදිණු මිස කිසි විටෙක ශාප නොකරනු ඇත.


මුළු ලොව මගෙන් අසාවී 
ඔබ ගැන කුමක් කියම්දෝ
මගේ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ


ගොළුව ගිය හිතක් මඟ බලන්නේම  ඒ ඇස් පවා කතා කළ දවස් ආයෙමත් ජිවිතයට එනකම්, ආදරය කියන්නේම අතහැරීම කිව්ව ප්‍රේම ඇදුරන් පවා ඉකුත් වුන ප්‍රේමයේ සුවඳට පවා හිතින් ප්‍රේම කරනවා.


සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මද සිනිඳ පහස ලැබ
ආදර දළු හිනැහේ


ඒත් ආදරය කියන්නේමත්, ජිවිතය කියන්නේමත්, බලාපොරොත්තුවකට දවසින් දවස දළු දමන. හිමි නොවුන ආදරේ ඉතුරු  ඉතුරු කරන්නේ එකම එක බලාපොරොත්තුවක් විතරයි.


ආදර සිහිනය දෑසට උතුරන 
කඳුලු ගඟක් වන දිනයේ 
මේ නෙත කඳලැලී වියැකුණ දෑසින්
හිනැහෙනු මැන පෙර සේ


කඩවුනු පොරොන්දු ගොන්නක් මැද්දේදීත් දකින ඒ එකම බලාපොරොත්තුවක්: සමහර  විට ඒ දවස හෙට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ අනිද්දා : මේ ළඟම දවසක නොවුනත් ඊළඟ සසරේ වෙන්න පුළුළුන්.


සිත්තම් කරමින් මනසේ ඔබේ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිරි රැව් දී ඇසෙන ඔබේ හඩ 
යළි මගේ සවනත ඇසෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම 
විදවන්ද මේ භවය පුරා


තනිකම අතර හිත දවාලුවත් ඒ පිවිතුරු ප්‍රේමයේ නමින් හදවතක නැගෙන්නට පුළුවන් එකම ප්‍රාර්තනාවක් විතරයි. අහිමි නම් අතැර  යන්න යැයිහිත සුවපත් කර ගන්නවාට වඩා ප්‍රේමය ප්‍රාර්ථනාවක් කර ගැනීම: ප්‍රේම ඇඳුරන්ට නොව එහෙම ප්‍රාර්ථනා හදවතේ  හදවතේ පුරව ගන්න පුළුළුන් ප්‍රේමය අදහන්නන්ට විතරයි : විතරයි.


රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපනෙ පැයේ 
දවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී


ආයෙමත් දවසක හමුවේමු ගීතයයි - ආදරයයි - වේදනාවයි එක්ක.

Tuesday, April 25, 2017

ඔපිසීයේ කතා 2 : අලුත් අවුරුදු උත්සවය

අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එක කතාවයි. ඒක උනත් කියවන්න බැරි උනානම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නත් පුළුවන්. ඔපීසියේ කතා 1


මේ කියන්න නම් යන්නේ වගා ඔපිසීයේ අවුරුදු උත්සවේ ගැනයි ඔන්න. වෙනදා වගේම උත්සවේ පැවැත්තුනේ අපේ ගමේ. මේ කොළඹත් කට පුරා අපේ ගම කියලා කියන්න පුළුළුන් තැනක් තියෙන එක ගැන ගම්ක උපන් මට නම් ඉතිං හිත පුරා සතුටුයි.

අපිත් ඉතිං වැඩේ පටන් ගත්තේ මේ විදිහට :





ඔන්න ඔය උතුරපු විදිහටම වගා ඔපීසීයටත් කිරි අතුරන්න ඕනේ : කියලා ප්‍රාර්තනා කරන්න අතරේ බත බුලතින් රටම සාර වේවා කියලත් ඔපීසීයේ ඇයන්ගේ හිත් වල තිබුණා කියන්න නොදන්න කාරණාවක් නෙවෙයි ඔන්න. වගා ඔපිසීය මේ තියෙන තැනින් මාරු කොරන්න තිරණේ කරපු දවසේ ඉදන් කාට නැතත් ඉතිං සමහරක්ට කිරි උතුරනවා ඇතිය කියලාත් ඔපිසීයේ ඇයෝ දන්නවා නොවැ. ( ඒවා ඉලක්කම් සෙල්ලම් )

කිරි ඉතුරුවාට පස්සේ ඉතිං පොල් තෙල් පහන දැල්වුවා: සාම්ප්‍රදායානුකූලව 



මේ හැමදේම උනේ ඉතිං ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්නේ :



මුලින්ම ගම වටේ දුවලා තමයි අවුරුදු උත්සවේ පටන් ගත්තේ :
මෙන්න මේ විදිහට තමයි ඔපීසීයේ නෝනලා ගම වටේ දිව්වේ :










දුවනවාට වඩා ඉතිං හිනා වෙන එක තමයි මේ අය කළේ : කොහොම උනත් වෙනදා මේකප් එහෙම දාගෙන එන නෝනලා ටික ගිණි අව්වේ දිව්වේ රූප සෝබාව ගැනත් අමතක කරලයි.කෝහෝම උනත් ඉතිං අපේ වන්දන මහත්තයා නම් කියන්නේ නෝනලා දිව්වේ හරියට බොයිලර් කුකුල්ලු දුවනවා වගේ කියලායි.

තුන් පා දීවිම විනෝදයක් ගෙනත් දුන්නට අපේ නෝනලා තුන් පා දිව්වේ දණිස්වලින් නේ. 





පාළු ගෙවග් වල වලන් බිදින්න විතරක් නෙවෙයි ඉතිං කනා මුට්ටි බිදින්නත් නෝන මහත්තුරුන්ට පුළුවන්: මුට්ටිය බිදුනොත් ඔක්කෝම ඉවරයි කිව්වේ දී කිරි මුට්ටියනේ. එහෙම කිව්වාට කනා මේ මුට්ටිය බින්දොත් තමයි දිනුම්.







කොහොම උනනත් යාත්‍රාත් ඉතිං කනා වෙලා මුට්ටිය බිදින්න ගියා. අන්තිමට බිදපු මුට්ටියක් නෑ. ඒ විතරක් නොමෙයි ඉතිං යාත්‍රා බෝතලේට වතුර පුරවන්නත් හිටියා. ආ ඇයි කශ අඳින්න. අංචි ඇද්දේ නැති උනාට යාත්‍රාට කඹ අදින්න පුළුවන් කියලා දැන ගත්තෝත් හොඳයි ඔහේලාත්. මොකද ඉතිං කඹ ඇඳලා යාත්‍රාලා දෙවෙනියෝ උනානේ.



වතුර යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උනාට එකට එකතු වෙලා වතුර ටික පුරවන එක නම් ඉතිං ටිකක් අමාරු වැඩක් උනා ඔන්න.








වගා ඔපීසීයේම ජවය, බලය, ශක්තිය පෙන්නන තරඟේ උනේ කඹ ඇඳමේ තරඟේ. තරඟේ කොයි තරම් උද්වේගකර උනාද කිව්වොත් සමහඑ මහත්තුරු තරගෙ වින්ශ්චය කරේ බිම නිදාගෙනයි කියලා දැකපු සමහර ඇයෝ කියනවා මම අහගෙනයි. වගා ඔපීසීයේ හයිය හත්තිය තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න එකම මදැයි අප්පා. රටටම බත් දෙන තැන වෙච්චි. (හැක හැක හැක)






පොළව ඇද හින්දා යාත්‍රා නම් නටන්න ගියේ නෑ ඔන්න. පොළව ඇද උනත් ඉතිං නටන්න පුළුවන් නෝනලායි මහත්තුරුයි බැලුම් ඩාන්ස් කළා ඔන්නඔහොම.








අම්මලා වගේම හැඩකාර කටකාර වෙච්ච මේ පොඩ්ඩෝ දෙන්නා තමා ඉතිං සිඟිති අවුරුදු කුමාරයයි කුමාරියි.මේ පොඩ්ඩටනම් වයස අවුරුදු දොළහක්ලු. ලොකු උනාම වෙන්න කැමති තාත්තා කෙනෙක්ලු. පොඩ්ඩම තමයි එහෙම කිව්වේ.











තරඟ විතරක් නෙමෙයි ඉතිං නැටුම් ගැයුම් වැයුම් එහෙමත් තිබුණා. එවටත් ඉතිං වගා ඔපීසීයේ නෝනලා මත්තයලා හරිම දක්සයි නොවැ. 







මේ තමයි ඉතිං ඔපීසීයේ ලොක්කෝ : ලොක්කියෝ : ටික දෙනෙක් ,හොඳ සහයෝගයක් ලැබිලා තිබුණා අවුරුදු උත්සවේට. එහෙම ලොක්කෝ : ලෝක්කියෝ ලැබෙන්නත් ඉතිං වාසනාවන්ත වෙන්න ඕනෑය.

මේ තමයි යාත්‍රාෙග් තෙවෙනි ඇහැට අහු වුණ තවත් විශේෂ වෙච්ච අවස්ථා ටිකක්. තරඟ වලට එහෙම ඉදලා යාත්‍රාට මහන්සි තිබුණ නිසාත්, තරග කරන්න තිබුණ කලබලේ නිසාත් හරියකට පෝටෝ ටික ගන්න ලැබුන්නෑ. එත් ඉතිං කොහොමත් වාගා ඔපීෂීයේ අපිත් රාජකාරි වලින් මිදිලා එදා විනෝදෙන් ගත කළා. 



























මේ මදැ නේ: කියවලා බලලා මහන්සිනම් බොන්න සීතල වතුර වීදුරුවක්:

Tuesday, April 18, 2017

මතකද?




ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
හැන්දෑවරුවක පාට මතකද, 


එහෙම නැතිනම්
සුළඟේ මුහුවුන ඒ සුවඳ මතකද,
 

ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
අමතකම නොවන බව
කියු බවවත් මතකද,



එහෙම නැත්නම් ඔබට,
ඔබ, ඔබම නොවු බව මතකද.....

Wednesday, April 5, 2017

ඔපීසීයේ කතා 1



ඉතිං! ඉතිං! ඉතිං! කොතනින් පටන් ගන්නවාදැයි කියලා තමයි මං මේ කල්පනා කොරේ.

මේ කියන්න යන්නේ ඉතිං අපේ ඔපීසීය ගැන.  ඔපීසීයේ කයි කතා -  ජර -මර වැඩ එමටයි.

ආ ඔව් - ඔව් කැපිලි - කෙටිලි එහෙමත් තියෙනවා එමට - මොකද මෙව්වා ඉතිං රජයේ ඔපීසී වෙච්චී, 

හ්ම් - හ්ම් කියන්න ඕනෑ තමයි ඔය තැපිලි - කෙටිලි - ගැහිලි - මුට්ටි ඇල්ලීලි එහෙම ගැන. ඔය ටික පස්සට දලා මම මුලින්ම අපේ කී බිසව ගැන කියන්නම්කෝ. එයා ගැන නොකියා ඉතිං ඔපීසීය ගැන කියන්න බැරිය.

කිව්වත් වගේ අපේ ඔපීසීය රජයේ ඔපීයක්. ඔය වගා කටයුතු වලට තමයි අපේ ඔපීසීයේ ඈයෝ මුල් තැනක් දෙන්නේ. (වගා කටයුතු වලට අමතරව ඉතිං තව තව මුල් තැන දෙන එව්වා බොහෝමයි තමයි. එව්වායින් කමක් නැත. ඕවායින් සමහර දේවල් කතා කරලත් බැරිය. නොකරත් බැරිය. )

දෑන් ඉතිං ඔය ඕනෑම රජයේ ඔපීසීයක වගේම අපිටත් ඉන්නවා ඕන්න සී.සී කෙනෙක්. නොදන්න අය හිතන්ට කාරි නෑ. සී. සී. කිව්වේ මාණ්ඩලික සහකාර කියලා මිසක් see see එහෙම නෙවෙයි ඕං. කොහොමින් කොහොමින් හරි දැන් අපේ ඔපීසීයෙත් ඉන්නවා සී.සී. නෝන මහත්තයෙක්. මේ නෝන මහත්තයා ඉතිං නමින් වගේම ගති ගුණ වලිනුත් සුචරිතවත්. ආයෙ බොරුවක් එහෙම නෙවෙයි. මේ නෝන මහත්තයා තමයි ඉතිං ඔය අපේ ඔපිසීයේ යතුරු එහෙම බාරව ඉන්නනේ. ඒකත් සුලු පටු කාරියක් නෙවෙයි ඕං. ඔය යතුරු දලා තියෙන කබඩ් වල තියෙන රජයේ බඩු භාණ්ඩ. ඒවා ඉතිං අව භාවිතා කරපුවාම එහෙම සෑහෙන සෑහෙන සිද්ධි වෙනවා කියලා දන්නවානේ. අපේ නෝන මහත්තයත් ඉතිං මේ යතුරු ටික හරි පරිස්සමට බලා කියා ගන්නවා.  එවුනාට ඉතිං වැඩේ කියන්නේ මෙතුමියගේ හැඹිලිය නම් ඉතිං මාසෙකට දෙතුන් වතාවක්ම දන් දෙනවා පුණ්‍ය කටයුත්තක් හැටියට. ඒකත් ඔය පිට් පොකට් ගහන කෙනෙක්ට ද කොහෙද තමයි දෙන්නේ. ඒ අතින්නම් ඒ නෝන මහත්තයා දනට පිනට හරිම බරයි. අපි උනත් ඉතිං බඩගිනි එහෙම කියලා කිව්වොත් ඔය මාරි බිස්කට් එකක් එහෙම ගෙනත් දෙනවා කන්ට. 

ඔන්න ඔය විස්තර කළේ අපේ කී බිසව ගැන තමයි. නම දැම්මේ නම් ඔපීසීයේම මහත්තයෙක් තමයි. ඔය මහත්තයා ගැන කිව්වොත් පාටින් නම් දොදොල් සමයි. ඇල්වතුරත් නිවලා බොන්නේ. මේ මහත්තයා බොනවා කියන්නේ ඇල් වතුර විතරමයි. ඇල් වතුර ටිකක් වැඩි උනාම ඉතිං නිවාඩුවක් එහෙම දලා ගෙදර නවතින එක වෙනම වැඩක්. තව ඕං ඉතිං ඔය වල් පල් හැල්ලක් කියවන්න ගියාමනම් ඉතිං මේ මහත්තයා  කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඔන්න ඔය මහත්තයාම තමයි වේලාවකට කියන්නේ ගැණු කලිසං ඇන්දට කමක් නෑ. පිරිමි චීත්ත ඇන්දාම තමයි අවුල් කියලා. (සීරියස්ලී  මේ මහත්තයා  එහෙම කියනවා.) කොහොම හරි ඉතිං ඔය ඔපීසීයේ නෝනාට දාපු නම කොයි තරම් පුරසිද්ධද කියනවා නම් අපේ නෝනා උනත් දැන් කී බිසව කිව්වාම විතරයි හැරිලාවත් බලන්නේ.

කොහෙම හරි අපේ කී බිසවට - ඔය කිව්ව මහත්තයාටයි - මේ යාත්‍රා වෙච්ච මටයි පුදුම සහගත සුනඛ පෝතකයින් තුන් හතර දෙනෙක්ම ඉන්නවානේ. ඔන්න ඕක තමයි අපිට තියෙන එකම සමානකම. ඔන්න ඔය හින්දම අපි තුන් දෙනා එකට එකතු වී කතා කළහොත් ඒ කතා කරන්නේ බලු කතාය. ඒ ඔය ඔපීසීයේ අනිත් නෝනා මහතැන්ලා හිතන කියන විදිහය. කොටින්ම ඒ ඉතිං උන්ට ඉරිසියාවට බව අපි දනිමු. අපි සුනඛයන් ගැන මිසක කොයි විටකවත් බලු කතා නම් කතා කරන්නේම නැත.

තව ටිකෙන් අමතක වෙනවා අපේ ඔපීසීයේම ඉන්නවා තව සකල කලාවන්ටම දක්ෂ තව මහත්තයෙක්. කොටින්ම කිව්වොත් කලා රිටක්. මනුස්සයා ටිකක් විතර හීන්දැරි හාදයා. දැන්නම් කෙසුත් එක දෙක පැහිලා. ඒ වුනාට ඉතිං කලාව කිව්වොත් බෙල්ල කඩාගෙන. ඒ විතරයි නෙමෙයි ඒ මහත්තයා මයික් කන්නත් හරි දස්සයි. ඉතිං ඔන්න මේ මයික් ඛන්නා මහත්තයා මේ ළඟදී දවසක කෙටි කවියක් කිව්වා. එක ඉතිං කෙටි කවියක් කිව්වාට නිකම්ම නිකම් කෙටි කවියක් එහෙම නෙවෙයි. මහ ගැඹුරැති - බරුති කවියක්නේ. මෙන්න මෙහෙමයි ඒ කවිය,

මරියානා
ජේ - සී -බී
බුල්ඩෝසර්

කී බිසවයි, වන්දන මහත්තයයි, මයික් ඛන්නා මහත්තයයි ඇරුණාම තවත් මහත්වරු තුන් හතර දෙනෙකුයි නෝනලා හත් අට දෙනෙකුයි ගැන කියන්නට තියෙනවාය. කොටින්ම කිව්වොත් මේ නෝනලා තමයි මුළු වගා ඔපීසීයේම ඉන්න ලස්සනම නෝනලා. ඒහෙම කිව්වාට ඒ එයැයිලා හිතාගෙන ඉන්න විදිහය. (හොඳවෙලාවට එයැයිලා මේක දකින්නේ නැත.)


ඔය ලස්සන නෝනලා ගැන පස්සේ වේලාවක කියන්නම්කෝ. යාත්‍රාට බයම එයැයිලා ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන මදි වෙයිද කියලාය.  


 

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...