මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, April 25, 2017

ඔපිසීයේ කතා 2 : අලුත් අවුරුදු උත්සවය

අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එක කතාවයි. ඒක උනත් කියවන්න බැරි උනානම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නත් පුළුවන්. ඔපීසියේ කතා 1


මේ කියන්න නම් යන්නේ වගා ඔපිසීයේ අවුරුදු උත්සවේ ගැනයි ඔන්න. වෙනදා වගේම උත්සවේ පැවැත්තුනේ අපේ ගමේ. මේ කොළඹත් කට පුරා අපේ ගම කියලා කියන්න පුළුළුන් තැනක් තියෙන එක ගැන ගම්ක උපන් මට නම් ඉතිං හිත පුරා සතුටුයි.

අපිත් ඉතිං වැඩේ පටන් ගත්තේ මේ විදිහට :





ඔන්න ඔය උතුරපු විදිහටම වගා ඔපීසීයටත් කිරි අතුරන්න ඕනේ : කියලා ප්‍රාර්තනා කරන්න අතරේ බත බුලතින් රටම සාර වේවා කියලත් ඔපීසීයේ ඇයන්ගේ හිත් වල තිබුණා කියන්න නොදන්න කාරණාවක් නෙවෙයි ඔන්න. වගා ඔපිසීය මේ තියෙන තැනින් මාරු කොරන්න තිරණේ කරපු දවසේ ඉදන් කාට නැතත් ඉතිං සමහරක්ට කිරි උතුරනවා ඇතිය කියලාත් ඔපිසීයේ ඇයෝ දන්නවා නොවැ. ( ඒවා ඉලක්කම් සෙල්ලම් )

කිරි ඉතුරුවාට පස්සේ ඉතිං පොල් තෙල් පහන දැල්වුවා: සාම්ප්‍රදායානුකූලව 



මේ හැමදේම උනේ ඉතිං ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්නේ :



මුලින්ම ගම වටේ දුවලා තමයි අවුරුදු උත්සවේ පටන් ගත්තේ :
මෙන්න මේ විදිහට තමයි ඔපීසීයේ නෝනලා ගම වටේ දිව්වේ :










දුවනවාට වඩා ඉතිං හිනා වෙන එක තමයි මේ අය කළේ : කොහොම උනත් වෙනදා මේකප් එහෙම දාගෙන එන නෝනලා ටික ගිණි අව්වේ දිව්වේ රූප සෝබාව ගැනත් අමතක කරලයි.කෝහෝම උනත් ඉතිං අපේ වන්දන මහත්තයා නම් කියන්නේ නෝනලා දිව්වේ හරියට බොයිලර් කුකුල්ලු දුවනවා වගේ කියලායි.

තුන් පා දීවිම විනෝදයක් ගෙනත් දුන්නට අපේ නෝනලා තුන් පා දිව්වේ දණිස්වලින් නේ. 





පාළු ගෙවග් වල වලන් බිදින්න විතරක් නෙවෙයි ඉතිං කනා මුට්ටි බිදින්නත් නෝන මහත්තුරුන්ට පුළුවන්: මුට්ටිය බිදුනොත් ඔක්කෝම ඉවරයි කිව්වේ දී කිරි මුට්ටියනේ. එහෙම කිව්වාට කනා මේ මුට්ටිය බින්දොත් තමයි දිනුම්.







කොහොම උනනත් යාත්‍රාත් ඉතිං කනා වෙලා මුට්ටිය බිදින්න ගියා. අන්තිමට බිදපු මුට්ටියක් නෑ. ඒ විතරක් නොමෙයි ඉතිං යාත්‍රා බෝතලේට වතුර පුරවන්නත් හිටියා. ආ ඇයි කශ අඳින්න. අංචි ඇද්දේ නැති උනාට යාත්‍රාට කඹ අදින්න පුළුවන් කියලා දැන ගත්තෝත් හොඳයි ඔහේලාත්. මොකද ඉතිං කඹ ඇඳලා යාත්‍රාලා දෙවෙනියෝ උනානේ.



වතුර යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උනාට එකට එකතු වෙලා වතුර ටික පුරවන එක නම් ඉතිං ටිකක් අමාරු වැඩක් උනා ඔන්න.








වගා ඔපීසීයේම ජවය, බලය, ශක්තිය පෙන්නන තරඟේ උනේ කඹ ඇඳමේ තරඟේ. තරඟේ කොයි තරම් උද්වේගකර උනාද කිව්වොත් සමහඑ මහත්තුරු තරගෙ වින්ශ්චය කරේ බිම නිදාගෙනයි කියලා දැකපු සමහර ඇයෝ කියනවා මම අහගෙනයි. වගා ඔපීසීයේ හයිය හත්තිය තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න එකම මදැයි අප්පා. රටටම බත් දෙන තැන වෙච්චි. (හැක හැක හැක)






පොළව ඇද හින්දා යාත්‍රා නම් නටන්න ගියේ නෑ ඔන්න. පොළව ඇද උනත් ඉතිං නටන්න පුළුවන් නෝනලායි මහත්තුරුයි බැලුම් ඩාන්ස් කළා ඔන්නඔහොම.








අම්මලා වගේම හැඩකාර කටකාර වෙච්ච මේ පොඩ්ඩෝ දෙන්නා තමා ඉතිං සිඟිති අවුරුදු කුමාරයයි කුමාරියි.මේ පොඩ්ඩටනම් වයස අවුරුදු දොළහක්ලු. ලොකු උනාම වෙන්න කැමති තාත්තා කෙනෙක්ලු. පොඩ්ඩම තමයි එහෙම කිව්වේ.











තරඟ විතරක් නෙමෙයි ඉතිං නැටුම් ගැයුම් වැයුම් එහෙමත් තිබුණා. එවටත් ඉතිං වගා ඔපීසීයේ නෝනලා මත්තයලා හරිම දක්සයි නොවැ. 







මේ තමයි ඉතිං ඔපීසීයේ ලොක්කෝ : ලොක්කියෝ : ටික දෙනෙක් ,හොඳ සහයෝගයක් ලැබිලා තිබුණා අවුරුදු උත්සවේට. එහෙම ලොක්කෝ : ලෝක්කියෝ ලැබෙන්නත් ඉතිං වාසනාවන්ත වෙන්න ඕනෑය.

මේ තමයි යාත්‍රාෙග් තෙවෙනි ඇහැට අහු වුණ තවත් විශේෂ වෙච්ච අවස්ථා ටිකක්. තරඟ වලට එහෙම ඉදලා යාත්‍රාට මහන්සි තිබුණ නිසාත්, තරග කරන්න තිබුණ කලබලේ නිසාත් හරියකට පෝටෝ ටික ගන්න ලැබුන්නෑ. එත් ඉතිං කොහොමත් වාගා ඔපීෂීයේ අපිත් රාජකාරි වලින් මිදිලා එදා විනෝදෙන් ගත කළා. 



























මේ මදැ නේ: කියවලා බලලා මහන්සිනම් බොන්න සීතල වතුර වීදුරුවක්:

14 comments:

  1. අවුරුදු ජයයි වගේ

    ReplyDelete
  2. මෙදා පාර අවුරුදුනම් ජයයි වගේ
    හදාගත්ත උත්සවයත් හොඳයි වගේ
    හොදාකාරවම හෙව්වේ නුඹයි නගේ
    යොදා තිබුණු පින්තූරෙත් නැහැම වගේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. සුබ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  4. කෝ දැන් යාත්‍රා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ හිටියා ය. පුළුවන් නම් හොයා ගන්න.

      Delete
  5. මට ආරංචි වෙච්ච කරුණු කීපයක්....

    1. කඹ අදින්න ඇවිල්ල තියෙන්නේ ටිඉම් දෙකයි...යාත්රාගේ ටිඉම් එක දෙක වීමේ රහස එයයි...
    2. ගම වටේ දුවන්න ගිහින් යාත්‍රා පාර්ලිමේන්තුව පැත්තට දුවලා එතනින් සිකියුරිටිලා අල්ලන් ප්‍රශ්න කරලලු...
    3. තුන් පා දුවන්න ගිහින් යාත්‍රා බඩගාන් වැටිලා තාම දනිස් දෙකේ තුවාල සනීප නැහැලු
    4. යාත්‍රා ගේ බ්රේක් ඩාන්ස් එක ෆොටෝගත කළ කෙනා අන්න අංගොඩ ඇඩ්මිට් කරලලු..

    තව තියනවා....( මං දුවනෝ)

    ReplyDelete
    Replies
    1. මේක කියපු කෙනාත් දැන් අංගොඩලු :D
      දුවලා දුවලා ගිය හැටියට ඉක්මනට යන්න ඇති මයේ හිතේ

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...