ඉස්සරම දවස්වල අතින් අත අල්ලන්
බදා මා වැළඳ දුක කියු මිතුරන්
ගසාගෙන ගියත් උන් හැමු උඩු හුළඟින්
කොහොම අමතක කරන්නද බැඳී හාද හිතකින්
සිනාසෙන්නට යමක් මඟ තොටදී අහුලන්
කතාවන් ගෙතු හැටි රැයක් නිදි වරමින්
මතක් වන විට පවා ඇස් තෙමෙයි කඳුලින්
ඔන්න වැහි වැටෙනවා අළු පාට අහසින්
විඩාවක් නොදැනීම ඉතිං අප ගෙවු දවස් සිහිවී
විඩාපත් හිතක් තවත් වෙයි පුංචියට කැබලී
සිනාවක් ඇතොත්, සුහද උඹේ ළඟ සැඟවී
පියාපත් ලබා දී එවාපං ඒ එනතුරා මම හිදිමි නොසැලී
ඉතා රුදුරම සැඩ සහිත කුණාටුවකට පෙරදී
තාම මම හැරි හැරී පිටුපසම බලමී
කොහෙ හෝ තැනකදි මඟ ලකුණු වැරදී
තනි උනොත් මා බදා සනහනු ඇතැයි සිතමී
ඇත්තටම ඒ හැමදෙන කොහේ කොහොම ඇත්ද?
ReplyDeleteවිසිරිලා හැම තැනම, මතක විතරක් ඉතුරු කරලා
Deleteඅලුත් යාලුවෝ එකතු කර ගන්න ඕනේ
ReplyDeleteහදින් අත් නෑරෙන බැඳුම්ඳ
ReplyDelete"මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවති. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති" කියල තමයි කියලනම් තියෙන්නෙ!
ReplyDelete