මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, October 30, 2018

මලක් නොපිපේ නම් එතැන




ජාති කුල මළ අනුව
බේදා ගත් සොහෙන් බිම,
පෙළපත් නම ගමද වංශයද
ලියා ඇත යම් කෙනෙක් තනතුරද.....

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

පස් අස්සේ හැංගිච්ච කතාවට
හැකිද හුස්මක් දෙන්න
ඒ පලක මත ඇති
නම ගමින් තනතුරින්

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

ජාති ජන්මය අනුව
සොහොන් බිම වෙන් කළද....
මල කඳක් පස් වන්නේ
ජාති ජන්මය මතද....

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?

හතර රියනෙන් අවසන්ව
යනෙන මේ සුළු මොහොතට
බෙදා ගත නොහැකි තරමට
බදා ගත් දෑ අතැර යන්නටත්
වෙන් කල යුතුම වේද බිම්කඩ

මලක් නොපිපේ නම් එතැන
කුමන සුවඳක් වේද?





7 comments:

  1. පස් අස්සෙ සැගවුණු කතාව ගොඩ දෙනෙකුට නොතේරෙන එකයි ප්‍රශ්නෙ නියමයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අනුරුද්ධ
      අපි මේ දේවල් තේරුම් ගත්ත දවසක රට ගොඩක් ලස්සන වෙයි

      Delete
  2. හරිම ලස්සනයි.. ගැඹුරුයි...

    ReplyDelete
  3. ඉඩක් ලැබුණොත් අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා මගේ කවි වල අඩුපාඩු කියන්න . ඔබේ අළුත් නිර්මාණ කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...