මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, November 18, 2018

මම කැමැත්තෙමි.



මම ලියන්නට කැමැත්තෙමි.
මහ පොළොව  මත හිද,
මහ විසල් අහස ගැන ...

මම සිතන්නට කැමැත්තෙමි.
තත්පරත් මියෙන අවකාශයක සිට,
හිතක නොමියෙන සිනහවන් ගැන ...

මම දකින්නට කැමැත්තෙමි.
උසැති කඳු මුදුනට පෙනෙන,
හිරු සැගව යන ක්ෂිතිජය ...

මම සිඹින්නට කැමැත්තෙමි.
සුළඟ විසි කළ මලක්,
දෝත පා පිළි ගන්න වැලිබිම ...

මම නිදන්නටකැමැත්තෙමි.
ලේ පැහැති කඳුළු කැට,
වැටි සැඟවෙන තෙත්බිම ...


2 comments:

  1. සෑහෙන වෙලාවක් තිස්සෙ මේක දිහා බලාගෙන හිටිය. මට හිතුණා තොයිතරම් දේවල් අපේ ජීවිත වලින් ඈත් වෙනවද කියල...

    ReplyDelete
  2. thawath blog kiyawanyak (sindiyak) https://sithuwili.info/

    ReplyDelete

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...