මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, December 21, 2017

කවිය දියණි

සිව් පද විරිතට
පද අරුත් ගලපා
හිත පුරා ලියු
කවිය නුඹ

ඉටි පහන් එළි මැද
පන්හිඳේ දැවටී
ජීවිතයට තාලය දුන්
කවිය නුඹ

බඹර ගුම් කැළ
බිඟුන් නද දෙන්නට
සොරා ගන්නට සැදු
කවිය නුඹ

කොවුල් සර මැද
ගීතයක් සේ ගැයෙද්දී
එළි සමය රැක ගන්න
කවිය නුඹ

Tuesday, December 19, 2017

මඟ හැරුනේ කොහොමද?








 ඒ අසුන ඔබට
මඟ හැරුනේ කොහොමද?

ඔබ නමින් මම
හිතින් වෙන් කළ
ඒ හිඩැස ඔබ
නොදැක්කේ කොහොමද?

දිගු නොමැති, අපිලිවෙළ
ඇහිබැමට යටින් වන
ගිලුණු ඇස් පුංචි කර
ඔබට පා කළ ඉඟිය
මඟ හැරුනේ කොහොමද?

නා දල්ලක් නොවන
අව පැහැති දෙතොලකින්
ආදරේයි මම කියන්නම බැරිද?
ඔබට ඒ හඩ ඇහෙන්නේම නැතිද?

රෝස පෙති මත ලියන්නම ඕනේද?
කවියක් උනත් දකින්නේ එහෙමද?
තෝඩු පැලදිය යුතුමද?
ආදරේටත් මෝස්තර ඕනමද?

සඳට කවි ලියන නුඹේ හිත,
සඳක් නොපතන්නේ නොම වේද?
ඉතිං මහ අරුමයක්ද
ඒ අසුන නුඹ මඟ හරින එක.

කවියෙක් එක්ක තාලෙට
තවිකමට පය තියන්නම බැරිද?
දැක දැකත් නොදැක ඔබ
ඒ අසුන මඟ හරින්නේම ඒකද?

හුදකලා වෙමි

                            





                               හුදකලා වෙමි.
වසක් හෝ සිය වසක් වුව
පියවරක් මත පියවරක්
තබා ආ නොහැකිනම් තව.....

බලා හිදිනෙමි.
කාලයක් හෝ කල්පයක් වුව
සිහිනයත් සිහිනයක් වී

රාත්‍රිය  මියෙද්දීත්....

නොවිමසන්නෙමි.
පසුවදන කොහි පෙරවදන් කී
කවිකමට හෝ කවිවලට
සුළඟ ඒ කවි ගයද්දී....


Thursday, December 7, 2017

හිටපු පෙම්වත,

අහම්බයකින් හමුවු ¡¡¡¡
හිටපු පෙම්වත,

සුවෙන්දෑයි ඔබ අසන විට
ඇස් වලින් උත්තර දුන්නේ
ඉස්සරම ඉස්සර පුරුද්දට
අහිතක් නොහිතන්න ඒ ගැන

( පසුකළක ඔහුට ද එලෙස උත්තර දී ඇත)

වමත වෙඳැගිල්ල හැංගුවේ නම්
ඔබට හීල්ලෙවීයැයි සිතුන බැවිනි
කළු නුලෙන් ඔතා ඇගිල්ලට දැන් හිර කෙරු
රන් මුදුව දකිවී යැයි අනියත බියෙකිනි

( ඔබට බොරු කීමට අද ද මම අකමැතිය)

හිටපු පෙම්වත,

ඔබට කොහොමද ජිවිතය? පෙම්වත
අසන්නට අද ද අමතක උනෙමි.
එහෙත් ඔබ සුවෙනි දනිමි. සිතමි.
මදක් සුදු රැවුල ඔබට හැඩය දකිමි.

( පසුතැවීමක රේඛා ඇදෙනුයේ මා දැසෙහිය)

ඔබට මා මටද ඔබ ආයෙමත් හිමිවෙන්න
තව කුඩා විය යුතුය දුපත.විසල් විය යුතුය හදවත.
ඉතිං ඇස් මතින් ඉඟි නොකරන්න පෙම්වත
තව ටිකයි ඉවසන්න අපි ලබමු ඊළඟ භවය

( හිටපු පෙම්වත, මම නුඹේ පෙම්වති)

හපුතලේ අතර මඟ

වියළි දුවිලි එක්ක හුස්ම ගද්දී , ඒ දුවිල්ලත් එක්ක ඔට්ටු වෙද්දී , ජිවිතේ ඒ දුවිලි හුළඟටම සින්න කරලා මිනිස්සු වෙන්න හීන දකිද්දී , හැමදාමත් හැ...