මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, July 9, 2017

දැනිච්ච, හිතිච්ච, බැඳිච්ච පද




කඳුළු වලින් ඇස් තෙමිච්ච
හිත ඒ කඳුලින් පෙගිච්ච
හයියක් ඒ හිත නොවිච්ච
නොහිතා මට ඉකි ගැහිච්ච
 
නුඹ නොඑනා බව දැනිච්ච
හිත මාගේ කළු ගැහිච්ච
අගයක් නුඹ හට නොවිච්ච
නුඹට හොරෙන් හිත මැරිච්ච

නුඹ දෑසේ මා මැකිච්ච
සතුටක් ඇත මට දැනිච්ච
දුක විතරක් හිත පිරිච්ච
මගේ හිත ගිනිගෙන දැවිච්ච

සසරේ හමුවෙයි හිතිච්ච
පැතුමත් අද පරම වෙච්ච
මගේ ගැන නොහිතා හිතිච්ච
කඳුළකි අද ළඟට වෙච්ච

කලා වැවේ දිය පිරිච්ච
හිත ඒ වාගේ හැදිච්ච
නියං කලදී දිය හිදිච්ච
හිත ඒ වාගේ බිඳිච්ච

ගැයු ගීයක් මතක් වෙච්ච
මගේ හිත වාගේයි හිතිච්ච
වාවනු බැරි මහත් වෙච්ච
කඳුළින් කම්මුල් තෙමිච්ච

හිත මගේ මා ළඟ නොවිච්ච
කාලය ආදරේ හිතිච්ච
නුඹ ගැන කවි හිත පිරිච්ච
පද නුඹ වෙනුවෙන් බැඳිච්ච

දුර ගිය හිත ගැන හිතිච්ච
අද පද බැන්දත් නිවිච්ච
ආදරේ තව හිත පිරිච්ච
එදා වගේයි නොසෙල්වෙච්ච

නොකි නමුත්  නුඹ දැනිච්ච
කිසිවක් මා හා බැඳිච්ච
ආදර හිත් දුර ගෙනිච්ච
දුක මට විතරද දැනිච්ච


සංසාරේ හුරු දැනිච්ච
ආදරේ දුක් ගඟක් වෙච්ච
කවියට හිත තුරුල්වෙච්ච
උහුලමි තනිකම දැනිච්ච





C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...