මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, June 11, 2019

සෑබැ ප්‍රේමය

සෑබෑ ප්‍රේමය ඇත්තේ
අතනය මෙතැනය
බ්ලොක් කරන තැනකය
මරා ගත්ත තැනකය
⁣ප්‍රේමිය ඔබේ සටහන් දකිමි.


එහෙත් සොඳුරිය,
මම ප්‍රේමය කියෙව්වේ,
නන්දා හා කුසුමේ තුළදිය
සෑබැ ප්‍රේමයක් දුටුවේ
අරවින්ද හා සුගත් ළඟදීය


ඉරා නොදමන බස් ටිකට් ටික
ලඟ තබා ගත් දුම්රිය ටිකට් ටික
උපන්දින සුබ පැතුම් කිහිපය
අත් දිගැති මොණර නිල් කමිසය
පිට්සා හට් බිල් එක සැවොයි සිනමා වත්තල
ගාංචුව කැඩුනු ඒ මාලය
ඔය තමයි මගේ ප්‍රේමයේ වත්කම්


"කස ඇට දාල අයිස් සරුවත්වලට ඔයා තාමත් ආසද?"
සුගත් නම් මෙන්න මෙහෙමයි
ලඟ තියා ගත්තේ දම්මිගේ සැමරුම්


"පොරොන්දු වෙන්න, ඔයා බීම අත් අරිනවා කියලා"
කොයි තරම් පැරුණත් හිත
ඉතිං දම්මිත් ඔහොමයි


ආදරේ බ්ලොක් නොකලාම එහෙමයි

එහෙත් ප්‍රේමිය කියන විදිහට
බ්ලොක් කරන තැනකනම්
සෑබැ ප්‍රේමය
මම විතරක් නොවෙයි
සුගත් දම්මිත් පරාදයි


C ට ආදරෙන්,

ආදරණීය C, මේ සටහන තබද්දී වෙලාව මධ්‍යම රාත්‍රීය පසුව ගොසින්, බිත්ති ඔරලෝසුවේ වේලාව 1.08 ලෙස සටහන් වෙලා. මහ සීත රෑයක්, පාළු හුදකලාවක්, තනිකමක...