මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Thursday, February 1, 2018
සහීනාට ලියමි
පුර හඳම අඩ හදක් වෙනකොට
කොහොමද වෙනස් වෙන්නේ සහීනා
කොල්ලො ගැන දවසම අපි කියවද්දී
උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා
කුරානය වඳින්නට අපිව මඟ හැර ඇවිත්
රෝඩීයෝවේ පිරිත් අහන් උන්නේ කොහොමද සහීනා
වටලප්පම් පළඟනාවක් අතැර මේසය මතට
වඳ බෙහෙත් නැතැයි හිනැහුනේ කොහොමද සහීනා
පහේ නොදමා අපි හදපු පොලොස් ඇඹුලට
පදමට ලුණු ඇඹුල් එක් කෙරුවේ කොහොමද සහීනා
තනි තනිව ගත් විට අප මිතුරු වෙනකොට
වෙන් වෙලා සතුරු වෙස් ගත්තේ කොහොමද සහීනා
හොඳම යාලුවා සිංහල වෙච්ච ඒකට
ආඩම්බරයි කිව්වේ උඹමද සහීනා
දවසක රෑක ඩෙනිමක් ඇදගෙන විප්ලව කරමි කිව්ව
උඹටත් අපිව හතුරැ ලෙස පෙනුනාද සහීනා
යහළුකම් ගැන හොයා නොබැලුවාට කමක් නෑ බං
කොයි පැත්තෙන්ද කොටසක් ඕන කියපන් සහීනා...
" මෙහෙට ශිග්නල් නෑනේ,
මම අම්පාරේ පුංචි ඉශ්කොලේ සිංහල / ඉංශ්‍රීශි උගන්නනවා"
මගේ දිගම දිග ලියුමට,
හිනා මුණු තුනක් එක්කම
සති හයක් පමා වී ආව
කෙටිම කෙටි පණිවිඩය.
යාළුකම් ගැන නොහිතා
වෙඩි තියලා මරපන් සහීනා
මේ විදිහට නොමරා...
Subscribe to:
Post Comments (Atom)
මගේ අප්පච්චිගේ "The last Call"
එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...
-
එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...
-
මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළ...
-
ඉස්සරම දවස්වල අතින් අත අල්ලන් බදා මා වැළඳ දුක කියු මිතුරන් ගසාගෙන ගියත් උන් හැමු උඩු හුළඟින් කොහොම අමතක කරන්නද බැඳී හාද හිතකින් සිනාසෙන...
උතුර ටික ටික ලංවෙනකොට නැගෙනහිර ඈත් වෙනවද?
ReplyDeleteඔව් වගේ නේද ?
Deleteනිකමට වගේ කාතන්කුඩි පැත්තේ රවුමක් ගහලා, අම්පාර පැත්තේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක කතා කරලා වරෙන්කො අයියේ.....
සමහර විට මිත්රත එහෙමයි කියලා මටත් හිතෙනවා.
Deleteඅන්න ඒක නම් මටත් කැමති හිතෙන වැඩක් සූටික්කා
Deleteනියමයි. හරිම සංවේදීයි.
ReplyDeleteස්තුති ඉයන්
Deleteමේ වචන හැමදාම වගේ සතුටක් එකතු කරනවා
This comment has been removed by the author.
ReplyDeleteලගක ඉදන් මොනවා හරි බීලද බන් ලියන්නෙ??
ReplyDeleteආයෙ මරුම ඈ......
මටත් මේක හිතුනා හෙහ් හෙහ්
Deleteකොහේ බොන්නද අප්පා හිටං
Deleteඅවසර දීලත් නැති කලානේ
ලස්සනයි යාත්‍රා.
ReplyDeleteජයවේවා!!!
ස්තුති දුමී හැමදාම
Deleteසොඳුරු මිතුදම සහීනා
ReplyDeleteඒ ගැන ලියන්න දේවල් ගොඩයි
Deleteමොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බෑ බං
ReplyDeleteහ්ම්
Deleteසමහර වේලාවට මටත් එහෙමයි
+++++
ReplyDelete<3 <3 <3
Deleteයාළුකම් ගැන නොහිතා
ReplyDeleteවෙඩි තියලා මරපන් සහීනා
මේ විදිහට නොමරා...
මේ අකුරුත් මාව නොමරා මැරුවා....
හී හී හී
Deleteඑහෙම මැරිලා කොහොමද? කෝ එතකොට අපිට කියවන්න දේවල්
Superb
ReplyDeletethank you අරු
ReplyDeleteAbsolutely Fantastic . Love this .
ReplyDeleteTFS ජිවිතේ යාත්‍රාව :D
Thank you
Deleteගොඩක් ස්තුතී කළණ
යාත්රාසවට ගොඩ කර ගන්නවා ආදරේන්
රසවත් නිර්මාණයක් යාත්‍රා...
ReplyDeleteඔව් පොකුරු රහම රහයි එකදිගට කියවගෙන ගියා
ReplyDelete