මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, June 17, 2022

දන්නවද? සොඳුරිය

නිල් පැහැති අඳුරු පෙදෙසක

මිහිදුමට සීතලවු තෙතබරිත හවසක
හදවත නැගෙන වේදනාත්මක ඉකියක
ස්වරය සමාන
කුමන වේදනාත්මක කුලකයටද දන්නවද?
සොඳුරිය

රිදුම් දහසක් පිට ගී ගැයෙන හදවතේ එක කුටීරෙක
සුගන්දවත් මතක අල්ලාප සල්ලාප මධු  සාදයක
විරහා ගීත ඇල්බම සිඹින අළු පැහැති දුමාරයක
සෝ සුසුම් නද
කුමන තාලයකට අයිතිදැයි දන්නවද?
සොඳුරිය

රතු පැහැති විෂ පෙවු රෝස මල් පොකුරක
තොල් මතින් ගිලිහුනු කුඩා තුහින අංශුවක
ප්‍රේමය පෙරා මැන ගිල්ලවන වේදනා කවියක
සිහිරූම් සලකුණු
කොයිතරම් නම් රිදවනවදැයි දන්නවද?
සොඳුරිය

කොහෝ හෝ සීතලවු පෙදෙසක
ලා පැහැති වර්ණ ගැල්වු අඩ අඳුරු කුටියක
සරාගී නෙතින් ආදරය ඉඟි කරන හවසක
තවත් එක් අඳුරු වු කුටියක
පතොක් පැළයක් මිය යනෙන බව දන්නවද?
සොඳුරිය





තාම කවි ලියනවා

ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක මම තවම කවියක් ලියනවා නෑ.. ඇත්තටම නෑ.  අකුරක් දෙකක් ලියනවා. ඇත්තටම කිව්වොත් මම වචනයක් දෙකක් ගලපනවා කවියක් කියන්නට පුළුවන...