මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, February 19, 2018

එක්තරා බැල්ලකගේ කතාව


ගොළු පුතයි ලොකු දුවයි
පොඩි පුතයි අඳ මවයි
උඹයි විටෙක එන යන ඔහුයි
ගණන් බැළුවොත් ඉතිං ඔක්කෝම
එකතුවට එන්නේ හයයි

ගොළු පුතුට නැසේන
අඳ මවට නොපෙනෙන
උඹේ සුසූම් හා කඳුළු සේරම
අහන් ඉන්නේ මමයි
එකතුවට මාවත් ගතොත්
ඉතිං ඔක්කෝම හතයි

ලොකු දුවයි පොඩි පුතයි
එන මඟ බලන්නේ මමයි
දුටු ගමන් ඔවුන් රුව නෙත
කන් පොටක් සොලවා
උඹට කිව්වේත් මමයි
ඔහු ඇදෙන් බැස්සේත් එතකොටයි

ආපු කෙනෙකුගේ හිතක් සතුටුව
මොණරු අත ගුළි වුන වෙලාවක
පහේ යහමින් දමා සතොසින්
බතක් ඉව්වේ උඹයි
ලෝභ නැතුවම මටත් සෙනෙහෙන්
කොටස බෙදුවේත් උඹයි

මාවතේ මම දඩාවතේ
ගියේ ඉද හිට තමයි
අනිත් හැම විට උඹේ ළඟින් හිද
තනිය මැකුවේ මමයි
බඩට එන උන් නැති කරන්නට
දැනන් හිටියේ උඹයි
ඒ වගක් ඉතිං මම නොදැන උන්නා නොවෙයි

මේ මුරේ මේ පළවෙනි සැරේ
පැටවු ඔක්කෝම හයයි
මාත් එක්කම ගණන් බැළුවොත්
මගේ පවුලත් හතයි
උඹට එය මහ මෙර හා සම බරක්
සද්ද නැතුවම හිටිය මුත් මම
නොතේරේනවා නොවෙයි

එකම දවසක උපන් පැටවුන්
ගුළිව එකටම මියැදෙන්න හේතුව
හැංගුවට උඹ මට එ්ක රහසක් නොවෙයි
දුකක් හිතුනේ උඹත් අම්මේක් නිසයි
එත් මම ඉවසුවේ මහ දුක
පාරේ හමු වී ඉව කරන උන්
කන්න කටකදු ළඟට ගෙනවිත්
නොදෙන හින්දාම තමයි

11 comments:

  1. ඉතිං ගොළුවෙමි....... ලස්සනයි යාත්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තුතී එරන්දී අක්කා ගොළු නොවී වචනයක් දෙකක් කියන්න ඉතිං

      Delete
  2. පළමු වතාවට ආවේ.. අපූරුයි ජීවිතේ යාත්‍රාව!

    ReplyDelete
    Replies
    1. ස්තුතී වැසි දැරීයට ඉතිං දැන් දිගටම මේ ඉසව්වට වැසි වැටෙවී කියලා හිතනවා

      Delete
  3. ඉස් ඉස්සල්ලම මේ ගොඩ උනේ හරිම රහට ලියනව නොවැ

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...