මේ සිය වෙනි පොස්ටුව. කාලයක් ඒ කියන්නේ අවුරුදු තුනක හතරක මහන්සිය මේ ඇතුළේ තියෙනවා. සමහර විට මහන්සිය කියන වචනේ මෙතෙන්ට ගැළපෙන්නෑ. ඔව් මේ ලියවුණු ගොඩක් දේවල් ලියවුණේ ම මහන්සියකින් තොරවයි. කිහිපයක් ඇරෙන්න. සමහර කවි, විනාඩි ගණනකින් ලියවුණු ඒවා. සමහර කුඩා කතා පැය කිහිපයකින්. එහෙම ලියවුණු ගොඩක් කවි කතා මම බ්ලොග් කළේ කිසිම සංස්කරණයකින් තොරව. ඒක මට කම්මැලි ම වැඩක්. මම කිව්වේ ආයෙ කියවලා වැරදි අඩු පාඩු හදන එක එහෙම නැත්නම් සංස්කරණය කරන එක. ඒ විතරක් නෙවෙයි මම ආයෙ අායෙම කියවද්දි මට ඉස් ඉස්සල්ලාම දැනිච්ච හැඟිමම ආයෙ ආයෙ විදගන්න ලැබෙන එකට මම කැමති. සමහර ලියපු දේවල් තියෙනවා හරියට ම, මම දන්නැ ඒක කොහොම කියන්න ද කියලා හරියට ඒක දරුවෙක් බිහි කරනවා වගේ ආදරෙන් ටිකනේ ටික හිතේ දරාගෙන ඉදලා, බිහි කරපු.
ඒත් ඔය දෙවිදිහටම ලියවුණු කවි කතා ගැන මට තියෙන්නේ පැහැදිලි හැඟිමක් නෙවෙයි. ඒක මහ හිස් වෙච්ච හැඟිමක්. මම දන්නෑ වෙන විදිහකින් ඒක පැහැදිලි කරන්න. ඒ හිස් බව උපතින්ම කම්මැලි ජීවියෙක් වෙච්චි මාව තවත් කම්මැලි කරවන්න නම් සමත්. ඔව් මම දැන් ලියන්න හුඟාක් කම්මැලි. ඒත් මට මහ ලොකු හීනයක් තියෙනවා. මම සුනේත්‍රා වගේ වෙන්න සුමිත්‍රා වගේ වෙන්න තුෂාරි වගේ වෙන්න හීන දකිනවා. ඒක මට ලොකු හීනයක්. එහෙම නැත්නම් ඒක වෙන විදිහකට කිව්වොත්, මම ඉස්තරම්ම සුවඳක් කියලා විශ්වාස කරන අලුත් පොත් සුවඳ දෙන පොත් ගොඩක් මැද්දැවේ මගේ නමින් පොතක් තියෙනවා දකින එක. කොච්චර ලොකු හීනයක් උනත් ඇත්තම කිව්වොත් වෙන මිනිස්සු තමන්ගේ හීන වෙනුවෙන් වෙහෙසෙන දශමයක ප්‍රමාණයක් මම ඒ වෙනුවෙන් මහන්සි වෙලා නෑ. මේ වේලාවේ මට තියෙන ලොකුම ගැටළුව මොකක්ද කියන්නවත් මම දන්නෑ. ඒත් මට හිතෙනවා මේ දේවල් ලිව්වට පස්සේ මට, ඒ කිව්වේ හිතට පුංචි සහනයක් දැනෙයි කියලා. සමහර විට මම බලාපොරොත්තු වෙන්නේ ඒ සහනයම වෙන්න ඇති.ඒත් ඒක මම දන්නෑ.
ඒත් මේ වෙනකොට ලීවිම ගැන තියෙන මගේ විශ්වාසය බිඳිලා තියෙන්නේ. මම හිතන විදිහට මම දැන් විශ්වාස කරන්න පටන් අරන් තියෙනවා මම ලිවීමේ දක්ෂයෙක් නෙවෙයි කියන එක. ඒ විශ්වාසය කොයි තරම් උඩු දුවලාද කියනවා නම් නිතර නිතර කවි ලියපු මුහුණු පොත නිතර නිතර ඩිඇක්ටිවේට් කරන්න පටන් අරන්. බ්ලොග් එකේ කමෙන්ට් වලට උත්තර දීම වෙනුවට නිශ්ශබ්දව හිදීම තෝරාගෙන. සමහර විට මම කැමති නිහඬ බවට. පිරිසක් අතර උනත් වඩා වැඩියෙන් කෑ ගසන්නටත් හිනා වෙන්නටත් ඒ පිරිස අතරම නිශ්ශබ්ද වි හිදින්නටත්, තනිව බොහෝ දේ කල්පනා කරන්නත් පුළුවන් අපරු හැකියාවක් මට තියෙනවා. මොහොතින් මොහොත වෙනස් වන සිතුවිලිත් එක්ක මගේ අභ්‍යන්තරය වෙනස් කර ගැනීමේ හැකියවකුත් තියෙනවා. මේ කොයික උනත් ඔබට මතුපිටින් දැකිය හැකි වන්නේ මාව. කිසිම විටක වෙනස් විමට නොකැමති යැයි පවසන මම.
ලිවිම ගැන මට තියෙන දුර්වල ආකල්පය මඟ හරවා ගැනීමට ලේඛන කලාව පිළිබඳව ඉගෙන ගත යුතු යැයි වරෙක මා විසින්ම තිරණය කරනවා. ඒත් වැඩි දවසක් නොගොස් එම තීරණය හකුලා ගන්නට යළිත් මා විසින්ම තිරණය කරන්නේ ලේඛන කලාව ඉගැන්වීමට හෝ කියාදීමට හැකි කෙනෙකුන් හෝ සොයා ගැනීමට නොහැකි වීමත්, තවදුරටත් යමක් ඉගෙනීම වෙනුවෙන් කැප කල යුතු කාලය සොයා ගැනීමේ අමාරුවත්, මගේ කම්මැලිකමත් නිසාය. ලිවිමේ කලාව ඉගෙන ගත හැකි හොඳම තැන කියවීම යැයි යළිත් මා විසින්ම තිරණය කරන අතරම වඩාත් ආශාවෙන් සහ ඕනැකමකින් කියවිම සිදු කරයි. පොතක් තුළ හුදකලා වීම මට ලොවක් දෙස ගුවනේ සිට බලා සිටිම වැනි චමත්කාර වු දෙයක් නිසාවෙන් තව දුරටත් කම්මැලි කමෙන් තොරව කිරිමට මට සොයා ගත හැකි වු එකම දෙය කියවීම පමණකි.
මේ ලෝකයේ හතරාකාරයක මිනිසුන් ඇත. ඉන් පළමු කොටස ඉපදෙන්නේ හැකියාව සහ වාසනාව යන දෙකම මිට මොඵවාගෙනය. දෙවැනි කොටස වාසනාව පමණක් මිට මොළවාගෙන පැමිණෙන අතර තුන්වන පාර්ශවය හැකියාව පමණක් රැගෙන එයි. සිව් වන කොටස නොහැකියාවත් හා අවාසනවත් ය මිට මොළවාගෙන පැමිණි පිරිසයි. උපතින් මා මින් කුමන කොටසට අයත් උවද යමක් කිරිම උදෙසා පවතින දැඩි කම්මැලිකම කම හා නොඋවමනාව මා නොහැකියාව කර පින්නාගෙන 'උපන් එකකු බවට ඒත්තු ගැන්වීමට සමත් වි ඇත. මේ හැඟිමෙන් මිදීම තරමක් අසීරු උවද, කව දුරටත් මා මා පිළිබඳ විශ්වාස කිරීම සිදු කරන්නේ නැත. එහෙයින් තවමත් මහා හීනයක් දකිමින් නින්දට යාමත් එම ආස්වාදයෙන් පිබිදිමටත් පමණක් මම කැමැත්ත දක්වයි. හීනය යථාර්තයක් කර ගැනිමට සිදු කළ යුත්තේ කුමක්දැයි මා නොදන්නේ උවද, දන්නා කෙනෙකුන් හෝ පවසන දෙයක් ඇසිමට හෝ පිළිගැනීමට උත්දුක නොවන්නේ ඇයිදැයි මට වැටහෙන්නේ නැ. සමහර විටෙක එය මා තුළ වෙලා ගත් හිස් බව හෝ තරමක් දුරට පුම්බාගත් අහංකාරයම විය හැකිය. එහෙත් උඩඟු වීමට තරම් දෙයක් හෝ යමක් මා සතුව නොමැති බැවින් මා අහංකාර එකියක ලෙසින් කරනු ලබන විග්‍ර්‍රහයනට මම අකමැති වෙමි.
කුමක් උවත් මෙහි මා ලියු දේ නැවත උඩ සිට නොකියවන අතර, මෙය ලියන්නට ගත් මොහොතේ සිට අවසන් කළ යුතු යැයි සිතෙන මේ මොහොත දක්වාම එකින් එකට සිතුන සියල්ල මෙහි ලියා දැමුවෙමි. වචනයක අකුරක වැරුද්දක් දුටු තැන ඒවේලේම බැක්ස්පේසයට දකුණතේ මැදගිල්ල පිහිනුවා විනා නැවත කියවා යමක් වෙනස් නොකළ බව කිව යුතු යැයි සිතමි.
තව දුරටත් මම ඒ මහා හීනය දකින අතර, කෙදිනක හෝ එය සෑබැවක් උවහොත් මා තුළ පවතින හිස් බව වසා ගන්නට මේ තබන්නා වු සටහන ඒ සඳහා ප්‍රථම මඟ පෙන්වන්නා වන බව මට විශ්වාස කළ හැකිය.
ඔබ මත්වීම සඳහා විශේෂිත වු නම් කරන ලද පානයන් තොළ ගානා අතර, මම උපතින්ම මත් වී පැමිණ ඇති බැවින් මා දකින සිහිනයන් යාථාර්ථයෙන් එපිට ට පමණක් සීමා වන බව මා කුමක් ඔබ හා පැවසුවද එය සහසුදක් සේ දනිමි.
ජය වේවා. සීයට සුභ පැතුම්.
ReplyDeleteලේඛණ කලාව ඉගෙන ගැනීම කියන දෙයක් නෑ. යමක් වෙනුවෙන් ආශක්ත වීමයි ඉගෙන ගැනීම.
ස්තුතී දේශකයා
Deleteමමත් එහෙම හිතනවා.
ලිවීමේ දක්ෂ අදක්ෂ බව ගැන හිතන්න එපා.... ලිවීමට අවංක වීමයි අවශ්‍ය..දැනෙන දේ ලියන්න..පුලුවන් තරම් කියවන්න...!
ReplyDeleteසියයට මගෙනුත් සුබ පැතුම්!!!!!
හ්ම්
Deleteස්තුති හෂාන්
සීයට සුභ පැතුම් එක් කරන්නේ පස්වෙනි ආකාරයේ මිනිසුන්ගෙනි!!!..ලිවීම වගේම කාළයත් චිකිත්සාවක්..සිහිණ යථාර්ථයක් වෙන්න කාළයට ඉඩදෙන්න..
ReplyDeleteඒ පස්වෙනි ආකාරයේ මිනිසා කොයි වගේද දැන ගන්න කැමති
Deleteස්තුතී ශබට
ඔබගේ බ්ලොගේ තව තව ලිපි ලියවිලා
ReplyDeleteතබනා සටහනින් සියයට සුභ වේවා...
ජයවේවා
ස්තුතී දුමි
Deleteසීයට සුබ පැතුම්...
ReplyDeleteස්තුති මිතිල
Delete//මම උපතින්ම මත් වී පැමිණ ඇති බැවින් //
ReplyDeleteඔබ ලිවූ සමහර අපූරු ලිපි කියවනකොට මටත් සැකයක් ආවා.
හී හී
Deleteස්තුතී ඉයන් දිරි ගැන්වීමට සහ හැම දේකටම