මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, October 23, 2019

නන්දා


ඊයෙ හවසත් නන්දා
පපුව හරියට ඇදුම් දුන්නා
නොකියා හිටියේම හංගා
ඔය හිතත් ගැස්සේනා හින්දා

ඔන්න ඔහේ ඕන නෑ නන්දා
කිව්වා කියලා වැඩක් වෙයිද මන්දා
සිඩ්නිවලටත් හිම වැටෙන හින්දා
දරුවන්ට කරදරත් ඇති නන්දා

එන යන අය අතර නන්දා
අපි විතරක් ඉතුරු වෙන්නැ
බුදු පාන තියන වේලාවට හැන්දැ
දැන් මටත් මල් අත ගස්සන්න නන්දා

ඉස්සර වගේ ජෝඩු වී දෙන්නා
වෑ කන්දේ ඇවිදිමුද නන්දා
ඉපනැල්ලේ සෙල්ලමේ ඉන්නා
ගැටවු පද හදපුදෙන් නන්දා

වම් පපුවේ සිද්ධාර්තේ ගාද්දී හඬනා
අත ඇල්ලුවාමත් රවාගෙන ගස්සා
මල කෝලං කියා යනවා නම් හිත රිද්දා
තව හුස්මක් මොකට අපි මැරිලානේ නන්දා

සංසාර චක්කරේ දන්නා
දහම් පාසල් ගුරුතුමී නන්දා
පපුව රිදෙනා වෙලාවට හැන්දැ
වෙයං මට අර ඉස්සරම නන්දා

Thursday, October 10, 2019

C ට ආදරෙන් 2019.10.10


ආදරණීය C,

ඔබව මතකයට එන බොහෝ වාර වලදි මේ ගීත ඛණ්ඩය මිමිණිම දැන් සාමන්‍ය දෙයක් බවට පත්ව ඇත.

ඔබ හමු වුයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයිදැයි නොකියමි. “

අදත් බොහෝ නිස්කලංක අවස්ථාවලදී මම කල්පනා කරනුයේ ඔබ මට හමු වුයේ ඇයිදැයි යන්නය. එයට පිළිතුරක් අද ද, ඔබ මා - අප වෙත නොතිබෙන අතර, ඔබ ව දුටු පළමු අවස්ථාවේ සිටම මා නොසන්සුන් ව සිටි අයුරු අද ද මම  මතකයේ දරමි. ඔබෙන් කිසිවක් මතකදැයි නොඅසමි. ඒ අප බොහෝ බලාපොරොත්තු දරා සිටි හා දුෂ්කර වු සමයක් විය.

ඔබ පළපුරුදු සේ වහ වහා   එහා මෙහා ගිය අතර මම සබකොළයෙහි ගිළෙමින් සිටියෙමි. ඒ අතර තුර ඔබ හා මා දෑස් හමු නොවුවත් ඔබ මා අසළ ම සිටි ලස්සන යුවතිය වෙත සිනහවක් පා කර එවු සැටිත්, ඈ මද සිනහවෙන් හා අඩවන් දෑසින් ඔබ සිනහව භාර ගන්නා සැටිත් දකින මම, මගේ බිමට බර වූ දෑස් ඔසවා යළිත් ඔබ දෙස බැලීමේ අවස්ථාවන් හදවතට බොහෝ සේ බල කර  මඟ හරවා ගත්තේමි.

මම එදා හිනා උනේ ඔයත් එක්ක,”
පසු කලේක ඔබ සතුව තිබු සරළ වු පැනයන් සහ පිළිතුරු වරින් වර මා නිරුත්තර කර දැමු අතර, මා නපුරුයැයි ඔබ ඒක පාර්ශිකව තිරණය කර තිබුණේ ඔබේ ඒ සරළ වු වචන සත්‍ය යැයි  විශ්වාස කිරිමට මා දැක්වු මැළිකම හේතුවෙනි. අද ද මම කිසිවක් මගේ මතකයෙන් අතුගා දමා නොමැති අතර, වරින් වර දෑසත් හදවතත් පාරා ගැනීම සඳහා හදවතේ එක් තැනක පරිස්සමින් තබාගමි. ඔබ ඒ පැවසුවේ සත්‍යය යැයි අද ද විශ්වාස නොකරමි.  ඔබට ආදර කළ ‍මා දෑස් පමණක් අදටත් හෙටටත් විශ්වාස කරමි.

ආදරණිය C, ඔබේ මතකය පමණක් දරන මේ හදවත කොතැනක හෝ වේවා කවුරුන් ලඟක දී වේවා ඔබව සිහි වී නැගෙන මදහස මුව පුරා තවරා ගන්නා සැටිත්තවත් විටෙක නෙත් අඟට බර වැඩිව  කඩා වැටෙන්නට දඟකරන කඳුළු ගුළි වැයමකින් නවතා ගන්නා සැටිත්, හෙළන හුස්මත් සමඟ පටලා වා තළයට මුහු   කරන සුසූමන් කොයි තරම් සැඩදැයි, වරක්  ඔබ දුටවහොත් හෝ  ඇසුවහොත්, ඔබ - ඔබේම ජීවිතයැයි නම් කළ කිසිවක් මඟක අතරමඟ අතැර යාම වෙනුවෙන් ඔබේ හදවත ඔබට සමාව දීමේ වරදින් කිසිදා මිදිය නොහැකි වනු ඇති. ඔබේ සුවඳ තැවැරුණු වා තලයන් තවමත් රිසි සේ ඉව කරනු සදහා ඔබ රැදෙන තැනක, ඔබ රැඳුනු තැනක ඉදහිටක මදකට හෝ  නැවතීම කලක සිට මා පුරුදු කර ගත් බොහෝම නරක ඇබ්බැහියක් බවට පත් වෙලා C.

එවැනි අවස්තාවන්හී ඇහැරී රිඳුම් දෙන මතකයන් තවමත් බොහෝ ම තරුණයි C. මතකයන් පමණක් තරුණව සිටියදීම ඔබ - මම ටිකෙන් ටික ගතින් වියපත්ව යමින් නේද C. නොමළ ප්‍රේමයක මතක  ගථා සජ්ඡායනා කරන හිතක් වුවත් කිසි දවසක වියපත් නොවෙයි C. ඔබ එය ඇදහුවද - නොඇදහුවද, ඔබ ප්‍රේමයෙන් රදන මේ සිත ද තවම තරුණයි C.

ඔබට අමතකව ඇතැයි නොසිතන එහෙත් ඔබට අමතකව ගිය බවක් හැගවෙන පැතුමක් වෙනුවෙන් එවන් සිතක් අද ද මඟ බලා හිඳින බව හෝ, ඔබෙන් එක හුස්මට ලැබුනු එවන් පැතුමන් ගොන්නක් තුරුළු කර ගනිමින් හඩා වැටෙන බව හෝ ඔබ නොදන්නවා ඇති C. ඔබට නොවැටහෙන අයුරින් පෙම් කිරීමට ඉගෙන ගත්තේ කවදා දැයි නොදන්නා මුත්, සදාකාලිකවම ඒ අයුරින් ඔබට පෙම් කරමි. ඔබේ එකම එක පැතුමක රැඳුනු ලෙසින්සියක් ආයු ලැබ හෝ ඔබේන් යළිත් එවන් ආදරණිය වු උපන් දින සුබ පැතුමක් ලබනු රිසින් මේ හදවත වියපත් නොවී හිදිනු ඇති C.

ආදරණිය C, ඔබට අමතකව ගිය, ඔබ සිතා මතා හෝ අමතක කර දැමු අද දවස -  අප එක්ව ගෙවා දැමූ සොඳුරුයැයි නම් කළ හැකි කලක මෙවන් දිනෙක දී නලලතට වැටි ගැඹුරු හුස්මක උණුසුම සිහි කරවමින්  ඔබ නොඑන,  එහෙත් ඔබ වෙනුවෙන්ම දකීන, ඔබට නොදන්වා හෝ පැමිණීමට හැකි හීනයක, නිදා - නොනිදා තුරුළු වීමට අවසරයි C.

A,
2019.10.10



Tuesday, October 8, 2019

රාත්‍රිය දිගු වන්දනා ගමනක්

රාත්‍රිය දිගු වන්දනා ගමනක්
⁣සුහද ඔබ මා ලග නැතත්
දෙනෙත්⁣ නොපියා පහන් කළ යුතු
මතක නටඹුන් හිතින් පිරිමදිනා
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


ඉටි පහන් සැළි සැළී පවසයි
බිඳි ගිය හැටි ප්‍රේමයක්
කඳුල තරමට නොවේ නම් දඬුවමක්
රාත්‍රිය ගෙන එන්න දිගු මරණයක්
නිමා නොවෙනා ප්‍රේම පුවතක
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


ප්‍රේමයට යාදිනිය වී මම
හඩා වැටුණම සත් දිනක්
මතක තරමට නොවේ නම් ශෝකයක්
රාත්‍රිය ගෙන එන්න දිගු මරණයක්
නින්ද එන යන නැවිදින් ඉන්නා
රාත්‍රිය දිගු වන්දනා ගමනක්


Wednesday, October 2, 2019

අන්ධ කැළෑ ළමයා

මේ කතා කරන්න යන්නේ ලොකු පුංචි හැමෝටම දැන කියා ගන්න පුළුවන් දෙයක් ගැන. නංගි ගේ කොමික් අරන් එනවා කිව්වට තාම එක කොමික් එකකට වඩා බ්ලෝග් එකට අරන් එන්න බැරි උනා. ඒත් ඉතිං ඒ ගැන නෙවෙයි මේ කියන්න යන්නේ මෙන්න මේ කියන ෆේස්බුක් පේජ් එක හරහා කොමික් ගැන වගේම කොහොමද පොටෝ ෂෝප් වලින් චිත්‍රයක් නිර්මාණය කරගන්නේ කියලා ඉස්සරහට දැන ගන්න පුළුවන්.

කවුරු හරි ෆේස් බුක් සර්ච් කරනවා නම් OLARI sketch stories කියලා සර්ච් කරොත් එහෙම මේ පේජ් එක හොයා ගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ පහළින් තියෙන ලින්ක් එකෙන් යන්නත් පුළුවන්.

මේ ගැන උනන්දුවක් දක්වන අය එතන්ට ගිහින් පේජ් එකට ලයික් එකක් එහෙම දැම්මට කමක් නෑ. තව තව කොමික් එහෙමත් බලා ගන්න පුළුවන්. ඉස්සරහට පුංචි පුංචි කතා එහෙම ඒ හරහා බලන්න කියවන්න පුළුවන්. 

හරි ඒ  ගැන පස්සේ කියන්න ඉතුරු කරලා දැන් අර මුලින්ම කිව්ව වැඩේ ගැන කියන්නම්කෝ. පෝටෝ ෂොප් හරහා එහෙමත් නැත්නම් පෝටෝෂොප් භාවිතා කරලා කොහොමද කැරුක්ටර් එකක් නැත්නම් චරිතයක් ගොඩ නගන්නේ කොහොමද කියලා. පහලින් තියෙන පින්තුර හරහා ඔයාලට ඒක ටිකින් ටික ඉගෙන ගන්න පුළුවන්. 

ඉතිං එකතු වෙන්න ඔලාරිත් එක්ක.









Add caption

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...