Thursday, April 27, 2017

01. ගීතයයි - ආදරයයි - වේදනාවයි




වේදනාවන් කිසිම දවසක සදාකාලික වන්නේ නැහැ. කඳුලු වියැළි ගිය පසුව වේදනාවන්ද මතකයන් පමණකි.


හදේ කොතැනක හෝ හීදි ඔබ 
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හසරැහැනෙන් 
පෙළයි මා මුදා සුව දැහැනෙන්


ඒත් සමහර මතකයන් වෙරල හැපී බිදෙන රළ වගේ, මතකයට නැගෙන හැම වාරයකදීම එක් තැනකදී බිදීලා යනවා.


උන්මාද සිතුවසම් මැවී බිදේ
මිදුම් වලා මැද අතීතයේ
බිදුනු පෙමින් ගිණි ගත් හදවත්
තනීවේවී එක්ටැම් ගේ


හදවතේන් බිදී ගිය හුඟාක් රූපයන් හිමි කරන්නේ බිදෙන මතකයන් විතරයි. එත් ඒ රූප් එක්ක ආයෙමත් ඒ මතක එකට එක්කාසු කරන්න බැහැ. එත් ඒ මතකත් ඒ රූපත් හදවතින් ගිලිහෙන්නෑ.


පොළව උහුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි උනේ
පොළෝ තලයට අහස දුර බව 
සිතන්නේ ඇයි මිනිසුනේ


වේදනාවෙන් ජිවත් වෙන්න පුරුදු හිතකට බලාපොරොත්තු නැති තරම් . ඒත් ඒ වේදනාව උනත් ජිවත් කරවන්නේ මතකයන් තුළීන් සෙවණැලි මවන ඒ පැරණි ආදරණියයන්.


සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී


ඒ ආදරණියයන්ම ජිවිතය සරදමක් කර සැඟව තවත් හුස්මක් එක්ක ජිවිතය එකට එක්කාසු කර ගත් විටත්, පෙම් කළ හිතක් ගොවව හිදිණු මිස කිසි විටෙක ශාප නොකරනු ඇත.


මුළු ලොව මගෙන් අසාවී 
ඔබ ගැන කුමක් කියම්දෝ
මගේ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ


ගොළුව ගිය හිතක් මඟ බලන්නේම  ඒ ඇස් පවා කතා කළ දවස් ආයෙමත් ජිවිතයට එනකම්, ආදරය කියන්නේම අතහැරීම කිව්ව ප්‍රේම ඇදුරන් පවා ඉකුත් වුන ප්‍රේමයේ සුවඳට පවා හිතින් ප්‍රේම කරනවා.


සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මද සිනිඳ පහස ලැබ
ආදර දළු හිනැහේ


ඒත් ආදරය කියන්නේමත්, ජිවිතය කියන්නේමත්, බලාපොරොත්තුවකට දවසින් දවස දළු දමන. හිමි නොවුන ආදරේ ඉතුරු  ඉතුරු කරන්නේ එකම එක බලාපොරොත්තුවක් විතරයි.


ආදර සිහිනය දෑසට උතුරන 
කඳුලු ගඟක් වන දිනයේ 
මේ නෙත කඳලැලී වියැකුණ දෑසින්
හිනැහෙනු මැන පෙර සේ


කඩවුනු පොරොන්දු ගොන්නක් මැද්දේදීත් දකින ඒ එකම බලාපොරොත්තුවක්: සමහර  විට ඒ දවස හෙට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ අනිද්දා : මේ ළඟම දවසක නොවුනත් ඊළඟ සසරේ වෙන්න පුළුළුන්.


සිත්තම් කරමින් මනසේ ඔබේ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිරි රැව් දී ඇසෙන ඔබේ හඩ 
යළි මගේ සවනත ඇසෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම 
විදවන්ද මේ භවය පුරා


තනිකම අතර හිත දවාලුවත් ඒ පිවිතුරු ප්‍රේමයේ නමින් හදවතක නැගෙන්නට පුළුවන් එකම ප්‍රාර්තනාවක් විතරයි. අහිමි නම් අතැර  යන්න යැයිහිත සුවපත් කර ගන්නවාට වඩා ප්‍රේමය ප්‍රාර්ථනාවක් කර ගැනීම: ප්‍රේම ඇඳුරන්ට නොව එහෙම ප්‍රාර්ථනා හදවතේ  හදවතේ පුරව ගන්න පුළුළුන් ප්‍රේමය අදහන්නන්ට විතරයි : විතරයි.


රන් තාරකාවන් දිළෙන රැයේ
සේපාලිකාවන් පිපනෙ පැයේ 
දවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී


ආයෙමත් දවසක හමුවේමු ගීතයයි - ආදරයයි - වේදනාවයි එක්ක.

11 comments:

  1. අදයි දැක්කෙ මේ බ්ලොග් එක. සොරි වෙන්න ඕන. ලියන්න බලන්න .

    ReplyDelete
    Replies
    1. අලුතින් ලියන්න ගත්ත හින්දා හැම වචනයක්ම ගොඩක් වටිනවා
      බොහෝම ස්තුතී ඉවාන්

      Delete
  2. අදයි දැක්කෙ මේ බ්ලොග් එක. සොරි වෙන්න ඕන. ලියන්න බලන්න .

    ReplyDelete
  3. ආසම කරන ගී ටිකක් අපූරුවට ගළපලා. ලස්සනයි යත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  4. ගිඉයකට අරුත් දෙන එක අපුරුම වැඩක්....නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. ස්තුතී අක්කා
      මේ සින්දු එක්කම ජිවත් වෙලා දැන් දැන් එවා හිතටම කා වැදීලා

      Delete
  5. ගීත හොදින්ම විදිනවා වගේ

    ReplyDelete
    Replies
    1. මේ සමහර සිංදු ජීවිතේ වගේ
      එකත් විනේදාංශයක්

      Delete