මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Thursday, January 24, 2019
ආ .. පුෂ්පා,
ආ .. පුෂ්පා,
ඔයාට හතලිස් අටක්
මටත් දැන් පනහක්.
"අපිත් හරියට අහසයි පොළවයි වගේ"
මමත් දන්නවා පුෂ්පා
අහසටයි පොළවටයි උනත්
මුණ ගැහෙන තැනක් තියෙනවා
උදේ හවස අපි හම්බෙන කෝච්චියට
අත් අල්ලගෙන ඉන්න මෙන්න මේ පැය දෙකට
නමක් දෙන්න බැයිද "ක්ෂිතිජය" කියලා
සැනසෙන්න අපිට ඒ විතරක් මදිද පුෂ්පා
දැන් බැඳලා මොකට විහිළුවක් වෙනවද?
ෆැන්ෂන් යනකම් ජිවත් උනොත්
හැම පෝයකටම සිල් ගනිමු පුෂ්පා
ඔයාට පුළුවන්නේ තඹවිල පන්සලට එන්න
" අවුරුදු ගානක්ම,
ආදරේට විතරක් ජිවිතේ කියපු අපිට
තවත් රකින්න සිල් තියෙනවද?"
එහෙම හිතුවම ඔහොම හිනා යනවා තමයි පුෂ්පා
එත් අපිට පුළුවන්නේ පුෂ්පා,
ඒ පෝය දවසකට
සිල් ගන්න පෙර මොහොතකට
"ක්ෂිතිජය" කියලා නමක් දෙන්න
ජිවිතේ ඉතුරු කාලෙට
අපිට ඒ විතරක් මදිද? පුෂ්පා
අම්මාගේ බේත් ටික ගන්න අමතක වෙයි
මටත් තියෙනවා ටවුමට යන්න
චුටි නංගිගේ පොඩි පුතාට
පොත් ලයිස්තුව ගන්න
ඊළඟ ස්ටේෂමෙන් බැහැලා
ඔන්න ඔය ටික ඇවිදගෙන ම යමුද? පුෂ්පා
ඔයාට පුළුවන් නේ "ක්ෂිතිජය" කියන්න
ෆාමසිය ගාවට ඔයත් එක්ක මම එන ටිකට
Thursday, January 10, 2019
පෙම්වත
ඉතා දුර ඈත අහසක
ඔබ නාඳුනන තරුවක් වන්න.
පෙම්වත,
සියක් දහසක් තාරකා අතර
මට පුළුවන්, ඔබව වෙන්ව හඳුනාගන්න.
ඉතා ඉතා කුඩා වා අංශුවක්ව
ඔබ විශ්වය සැරි සරන්න.
පෙම්වත,
සහස් සුසුමන් සුළි සුළං මැද
මට පුළුවන්, ඔබව ම හුස්ම කරගන්න.
ඉතා දුක්බර හවසක
අවැසි නික්මෙන්න පවසන්න.
පෙම්වත,
මුදා මා දෑතින් ඔබව
මට පුළුවන්, ප්‍රේමය පාරමිතාවක් කරගන්න.
ඉතා සහැසි සැඩ රළක්ව
හද වෙරළ මත පතිත වන්න.
පෙම්වත,
බිදෙන්නට නොදි රළ පෙණැති
මට පුළුවන්, දෑත පෑමට කාරුණිකවන්න.
ඉතා හදිසියෙ පැමිණ දිනෙක
ප්‍රේමය නොමැරුණි දැයි පමණක් විමසන්න.
පෙම්වත,
ඔබ නාඳුනන තරුවක් වන්න.
පෙම්වත,
සියක් දහසක් තාරකා අතර
මට පුළුවන්, ඔබව වෙන්ව හඳුනාගන්න.
ඉතා ඉතා කුඩා වා අංශුවක්ව
ඔබ විශ්වය සැරි සරන්න.
පෙම්වත,
සහස් සුසුමන් සුළි සුළං මැද
මට පුළුවන්, ඔබව ම හුස්ම කරගන්න.
ඉතා දුක්බර හවසක
අවැසි නික්මෙන්න පවසන්න.
පෙම්වත,
මුදා මා දෑතින් ඔබව
මට පුළුවන්, ප්‍රේමය පාරමිතාවක් කරගන්න.
ඉතා සහැසි සැඩ රළක්ව
හද වෙරළ මත පතිත වන්න.
පෙම්වත,
බිදෙන්නට නොදි රළ පෙණැති
මට පුළුවන්, දෑත පෑමට කාරුණිකවන්න.
ඉතා හදිසියෙ පැමිණ දිනෙක
ප්‍රේමය නොමැරුණි දැයි පමණක් විමසන්න.
පෙම්වත,
ප්‍රේමයෙන් ඇබින්දක් තව ඉතිරි හදවතින්
මට පුළුවන්, ඔබ දෙසම බලා මදක් හිනැහී සැනසෙන්න.
මට පුළුවන්, ඔබ දෙසම බලා මදක් හිනැහී සැනසෙන්න.
Subscribe to:
Posts (Atom)
එක් කුඩා තිතක්
එක කුඩා තිතක් වීම. ඒක මොන තරම් වේදනාකාරි දෙයක් ද? සෑම නොසලකා හැරීමකම පිටු පස ඒ ගුප්ත වු වේදනාව තියෙනවා. සම මතට වැටී නහර පසාරු කරමින් ඒ වේදනා...

-
මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළ...
-
ආදරණීය C, ඔබට කිසි විටක දුකක් දෙන්නට මා සිතා නොසිටියද , ආදරය ප්‍රකාශ කිරීමේ එකම ක්‍රමය ඔබව රිදවීම වුයේ කෙසේදැයි මා දන්නේ නැත. ...
-
2020 උදාව මහ අමුතුය. ජනවාරි පළවෙනිදා උදේම ඇඳ පැලදගෙන, එහෙම උදේම වැඩට යන්න පාරට ආවාම බස් එක නැතිය. වැඩි හොඳටැයි බයිසිකලය ගෙදර දමා බස් එකේ ය...