මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, January 10, 2019

පෙම්වත

ඉතා දුර ඈත අහසක
ඔබ නාඳුනන තරුවක් වන්න.
පෙම්වත,
සියක් දහසක් තාරකා අතර
මට පුළුවන්, ඔබව වෙන්ව හඳුනාගන්න.

ඉතා ඉතා කුඩා වා අංශුවක්ව
ඔබ විශ්වය සැරි සරන්න.
පෙම්වත,
සහස් සුසුමන් සුළි සුළං මැද
මට පුළුවන්, ඔබව ම හුස්ම කරගන්න.

ඉතා දුක්බර හවසක
අවැසි නික්මෙන්න පවසන්න.
පෙම්වත,
මුදා මා දෑතින් ඔබව
මට පුළුවන්, ප්‍රේමය පාරමිතාවක් කරගන්න.

ඉතා සහැසි සැඩ රළක්ව
හද වෙරළ මත පතිත වන්න.
පෙම්වත,
බිදෙන්නට නොදි රළ පෙණැති
මට පුළුවන්, දෑත පෑමට කාරුණිකවන්න.

ඉතා හදිසියෙ පැමිණ දිනෙක
ප්‍රේමය නොමැරුණි දැයි පමණක් විමසන්න.
පෙම්වත,
ප්‍රේමයෙන් ඇබින්දක් තව ඉතිරි හදවතින්
මට පුළුවන්, ඔබ දෙසම බලා මදක් හිනැහී සැනසෙන්න.





No comments:

Post a Comment

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...