මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Thursday, January 24, 2019
ආ .. පුෂ්පා,
ආ .. පුෂ්පා,
ඔයාට හතලිස් අටක්
මටත් දැන් පනහක්.
"අපිත් හරියට අහසයි පොළවයි වගේ"
මමත් දන්නවා පුෂ්පා
අහසටයි පොළවටයි උනත්
මුණ ගැහෙන තැනක් තියෙනවා
උදේ හවස අපි හම්බෙන කෝච්චියට
අත් අල්ලගෙන ඉන්න මෙන්න මේ පැය දෙකට
නමක් දෙන්න බැයිද "ක්ෂිතිජය" කියලා
සැනසෙන්න අපිට ඒ විතරක් මදිද පුෂ්පා
දැන් බැඳලා මොකට විහිළුවක් වෙනවද?
ෆැන්ෂන් යනකම් ජිවත් උනොත්
හැම පෝයකටම සිල් ගනිමු පුෂ්පා
ඔයාට පුළුවන්නේ තඹවිල පන්සලට එන්න
" අවුරුදු ගානක්ම,
ආදරේට විතරක් ජිවිතේ කියපු අපිට
තවත් රකින්න සිල් තියෙනවද?"
එහෙම හිතුවම ඔහොම හිනා යනවා තමයි පුෂ්පා
එත් අපිට පුළුවන්නේ පුෂ්පා,
ඒ පෝය දවසකට
සිල් ගන්න පෙර මොහොතකට
"ක්ෂිතිජය" කියලා නමක් දෙන්න
ජිවිතේ ඉතුරු කාලෙට
අපිට ඒ විතරක් මදිද? පුෂ්පා
අම්මාගේ බේත් ටික ගන්න අමතක වෙයි
මටත් තියෙනවා ටවුමට යන්න
චුටි නංගිගේ පොඩි පුතාට
පොත් ලයිස්තුව ගන්න
ඊළඟ ස්ටේෂමෙන් බැහැලා
ඔන්න ඔය ටික ඇවිදගෙන ම යමුද? පුෂ්පා
ඔයාට පුළුවන් නේ "ක්ෂිතිජය" කියන්න
ෆාමසිය ගාවට ඔයත් එක්ක මම එන ටිකට
Subscribe to:
Post Comments (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්රණය ගන්නේ ඔහොමයි...
-
පුර හඳම අඩ හදක් වෙනකොට කොහොමද වෙනස් වෙන්නේ සහීනා කොල්ලො ගැන දවසම අපි කියවද්දී උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා කුරානය වඳින්නට අපිව මඟ හ...
-
අකුරු එක දෙක එකතු වෙලා හැදුන වචන. වචන එක දෙක එකතු වෙලා හැදුන පද. එහෙම පද තුන හතර එකතු වෙලා හැදුන පේළි. ඒ පේළි එකින් එක එකතු වෙලා හැදුන කවි....
-
"ඇයි" මම එහෙම ඇහුවේ ඔළුවවත් උස්සන් නැතුව උකුල උඩ තිබ්බ පරිගණකයට මුණ ඔබා ගත්ත ගමන්. දැන් මේ මගේ ඉස්සරහා හිටං ඉන්නේ කවුද කියන...

ඇත්තමයි අපිට බැරිද මේ බැඳීමට නමක් දෙන්න...ඔව් "ක්ෂිතිජය" ඒක හරි අපූරුයි
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සන ලියවිල්ල 💜️💜️💜️
ReplyDeleteආදරේට විතරක් ජිවිතේ කියපු.. Punched! <3 <3
ReplyDeleteලස්සන වචන ටිකක් . අපුරු ඇමිණුමක්
ReplyDelete