මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Thursday, January 24, 2019
ආ .. පුෂ්පා,
ආ .. පුෂ්පා,
ඔයාට හතලිස් අටක්
මටත් දැන් පනහක්.
"අපිත් හරියට අහසයි පොළවයි වගේ"
මමත් දන්නවා පුෂ්පා
අහසටයි පොළවටයි උනත්
මුණ ගැහෙන තැනක් තියෙනවා
උදේ හවස අපි හම්බෙන කෝච්චියට
අත් අල්ලගෙන ඉන්න මෙන්න මේ පැය දෙකට
නමක් දෙන්න බැයිද "ක්ෂිතිජය" කියලා
සැනසෙන්න අපිට ඒ විතරක් මදිද පුෂ්පා
දැන් බැඳලා මොකට විහිළුවක් වෙනවද?
ෆැන්ෂන් යනකම් ජිවත් උනොත්
හැම පෝයකටම සිල් ගනිමු පුෂ්පා
ඔයාට පුළුවන්නේ තඹවිල පන්සලට එන්න
" අවුරුදු ගානක්ම,
ආදරේට විතරක් ජිවිතේ කියපු අපිට
තවත් රකින්න සිල් තියෙනවද?"
එහෙම හිතුවම ඔහොම හිනා යනවා තමයි පුෂ්පා
එත් අපිට පුළුවන්නේ පුෂ්පා,
ඒ පෝය දවසකට
සිල් ගන්න පෙර මොහොතකට
"ක්ෂිතිජය" කියලා නමක් දෙන්න
ජිවිතේ ඉතුරු කාලෙට
අපිට ඒ විතරක් මදිද? පුෂ්පා
අම්මාගේ බේත් ටික ගන්න අමතක වෙයි
මටත් තියෙනවා ටවුමට යන්න
චුටි නංගිගේ පොඩි පුතාට
පොත් ලයිස්තුව ගන්න
ඊළඟ ස්ටේෂමෙන් බැහැලා
ඔන්න ඔය ටික ඇවිදගෙන ම යමුද? පුෂ්පා
ඔයාට පුළුවන් නේ "ක්ෂිතිජය" කියන්න
ෆාමසිය ගාවට ඔයත් එක්ක මම එන ටිකට
Subscribe to:
Post Comments (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
-
වේදනාවන් කිසිම දවසක සදාකාලික වන්නේ නැහැ. කඳුලු වියැළි ගිය පසුව වේදනාවන්ද මතකයන් පමණකි. හදේ කොතැනක හෝ හීදි ඔබ නිදා නොනිදා මෙන්...
-
" මේක මංගල රාත්‍රියක්" මොන අර්ථයක් හිතේ තියාගෙන මිනිහා ඒ විදිහට කිව්වද කියලා හිතා ගන්න බැරි උනාට මොන විදිහෙන් ගත්තත් මේ මංගල ...
-
කළු ගඟ දියත් දරන් ඉන්නවා පෙම් කතා වල කඳුළු බර නයිල් දිය පිස හමන සුළගේත් දැවටෙනවාමයි ප්‍රේමය ගංගා ගඟත් එ් තරම් හ...

ඇත්තමයි අපිට බැරිද මේ බැඳීමට නමක් දෙන්න...ඔව් "ක්ෂිතිජය" ඒක හරි අපූරුයි
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සන ලියවිල්ල 💜️💜️💜️
ReplyDeleteආදරේට විතරක් ජිවිතේ කියපු.. Punched! <3 <3
ReplyDeleteලස්සන වචන ටිකක් . අපුරු ඇමිණුමක්
ReplyDelete