මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, February 20, 2019

අසාධාරණය

⁣පාරෝ ම මතකයේ හිටියට
චන්ද්‍රමුඛි
කොයි තරම් නම් ආදරේ කෙරුවද
දේව්දාස්ට
දේව්දාස් උනත් ආදරේ කරන්නත් ඇති
සමහර වේලාවට චන්ද්‍රමුඛී ට


තක්ෂිලාවත් දම්මිවත් අමතක නොකලට
මේනකා
ආදරේ නොකර හිටියද
සුගත්ට
සුගත් උනත් අාදරේ වෙන්න ඇති
සමහර විට මේනකා ට


එහෙම හිතුවම
මාරම අසාධාරණයක් උනා
නේද මනමේ ට


එකම කඩු පාරකින් මැරෙන්න උනා
හරිද වැරදිද නොදත් ප්‍රේමයක් ලඟ


හුස්ම නවතින්නට කළින්
ගලන ලේ නවත්තන්න
වේලුම් පටි ගෙන බැඳ ලන්න
අඩුම තරමේ
වේදිකවට
කැදවන්න තිබුණේ


හොඳ හදවතක් ඇති
එකම එක වැද්දියක්


No comments:

Post a Comment

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...