මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළයෙක් වෙන්නේ.
මම අදහපු එකම දේ කොළ පාට ලපටි දළු කැටයම් කරන එක විතරයි. ඒ වෙනුවෙන්ම මගේ හිතේ භක්තියක් ගොඩ නැගිලායි තිබුණේ, කැපවීම වගේම ඉවසීමත් මට තිබුණා. හොඳම දල්ල තෝර ගන්න තැන ඉදන්ම ඒ කොළයට ගැලපෙන කැටයමක් ගලපන තැනට වෙනකම්ම හැම පියවරක්ම මට භාවනාවක්. මම සම වැදිලා හිටියේ. දවසින් දවස කැටයම් වෙන තුරු පත් දිහා බලද්දී ආඩම්බරයක් හිතේ පැල පදියම් වෙන්න ගත්තා. මට එහෙම ආඩම්බර වෙන්න හේතුවක් තිබුණා. මටම ගැලපෙන වේගයක්, හැඩයක් මම ගොඩ නගාගනයි තිබුණේ. එක සංකිර්ණ වැඩක් වුනත් ඒ නිසාම මම ගෞරවණිය වුණා. දල්ලක නිමැවුන හොඳම කැටයමේ අයිතිකරු වුනේ මම. එ් තරමටම ඔළුව කෙලින් තියාගෙන දළු අතර මගේම හැඩයට ගමන් කරන්න පුළුවන් කම තියෙද්දී මට කොහොමටවත් සමනළයෙක් වෙන්න උවමනා උනේ නෑ. එ වෙනකොට මම පලවන පංතියේ දළඹු පුරවැසියෙක්. ඒ ගෞරවය විතරක්ම මදිද.
කොහොම උනත් අන්තිමේදි මට සිද්ධ වුනා රිකිල්ලක එල්ලීලා ඉන්න. එ තමයි මම, මං වෙනුවෙන්ම සටන් කරපු පළවෙනි අවස්ථාව. මට උවමනා වුනේ දළඹුවෙක් විදිහට ඉපදීලා දළඹුවෙක් විදිහට මැරෙන්න. ඒ ජිවිතේ විදින්න. කෝෂ බිත්ති වලින් මාව හිර වෙද්දි මම ශාප කළා. සමහර වෙලාවට ප්‍රාර්ථනා කළා, මහ හුළගකින් කෝෂ බිත්ති බිදෙන්න කියලා. සමහර විට මම එක ඒ විදිහටම කියන එකත් මහ මෝඩ වැඩක් වගේ පෙනෙවී. එත් මම ඒ විදිහට කළා. අන්තිමේදි මම හිතුවේම මේ අවසානය කියලා. ඒ හැම දවසකම මම හිතේ කැටයමක් ඇන්දා. කවදා හරි කවදාම හරි දවසක ඒ කැටයම දල්ලක කැටයම් කරන එක හීනයක් කර ගත්තා.
ජිවිතේ අවසන් කියලා මම හිතපු දාට පහුවෙනිදා, මට පුළුවන් වුනා ඒ කෝෂ බිත්තියෙන් මගේ ඔළුව ගලවගන්න. එ මොහොතේම මට ඕන වුනේ අලුත් හුස්මක්. මම නැවුම් හුලඟෙන් අංශු එකතු කරගෙන හුස්ම හදා ගත්තා. ඒ ආපු ශක්තියෙන් මට පුළුවන් උනා කෝෂ බිත්තියෙන් ගැලවෙන්න. මගේ හිතේ කැටයම් වලින් පිරිලා. ඉක්මනින් දල්ලක් හොයාගෙන එක දල්ලක් කැටයම් කරන්න මට තිබුණේ පුදුම හදිසියක්.
ඒ වෙලාවේදියි මට තේරුණේ තව දුරටත් මම මම ම නෙවෙයි කියන එක. එ වෙනකොටත් මම සමනළයෙක් වෙලා ඉවරයි. මට කවදාවත්ම උවමනා වුනේ නැති විදිහට, මගේ හීනයකවත් තිබුණේ නැති විදිහට. එක මහ කාලකන්නිකමක්. මට දැනෙන්න ගත්තේ ඒ විදිහට. තනිවුන හැගිමක්. මම දළඹුවෙක්. එත් දැන් මට තියෙන්නේ විනාශ වෙච්ච ජීවිතයක්. දැන් මම සමනළයෙක් කියන එක අදහන්න මට උවමනාවක් තිබුණේම නෑ. මම රිකිල්ලෙන් පැනලා ජීවිතේ නැති කරගන්න හිතුවේ ඒ මොහොතේ මයි. මගේම කියන කවුරු හරි මාව දකින්න කලියෙන්. ඇත්තමයි මට උවමනා වුනා එ් විදිහේ අවසානයක්. එත් එක තීරණය කරන්නේ කවුද මම දන්නෑ. මේ මොහොතේ මම ජිවත් වෙනවා.
මැරෙන්න තීරණේ කරපු වෙලාවේයි මම දැන ගත්තේ මට පියාඹන්න පුළුවන් කියලා. මම දැකලා තිබුණා, අහලා තිබුණා එත් කවදාවත්ම විශ්වාස කරලා තිබුන්නෑ. මට පුළුවන් උනා හුළඟ හමන පැත්තට පියාඹන්න. එහෙම නැත්නම් ඊට විරුද්ධ පැත්තට. කොහොම උනත් මම අලුත් අංශු එකතු කර ගත්තා. මම පියාඹන හැම මොහොතතම මට පහළින් තිබුණේ විශ්වාස කළ නොහැකි තරම් අලුත් දේවලින් පිරුණු විශාල තැන්නක්. මම එකට කිව්වේ එහෙමයි. හැම හුස්මක්ම හැම මොහොතකම අලුත් බවක්.
මම හුළඟට ඉව අල්ලන හැම මොහොතක්ම මට භාවනාවක් වුනා. විශ්වාසය වැඩෙන්න පටන්ගත්තාම මම වෙන කවදාටත් වඩා ආඩම්බර වුනා. ජිවිතේ කියන්නේ මේකට තමයි කියන එක මම තේරුම් ගත්තේ හුළන් කැරලි මාව ඈතින් ඈතට අරන් යන්න උදව් දෙන්න පටන් ගත්තාට පස්සේ.
මම හුළඟට ඉව අල්ලන හැම මොහොතක්ම මට භාවනාවක් වුනා. විශ්වාසය වැඩෙන්න පටන්ගත්තාම මම වෙන කවදාටත් වඩා ආඩම්බර වුනා. ජිවිතේ කියන්නේ මේකට තමයි කියන එක මම තේරුම් ගත්තේ හුළන් කැරලි මාව ඈතින් ඈතට අරන් යන්න උදව් දෙන්න පටන් ගත්තාට පස්සේ.
එක විදින්නම ඕන දෙයක්. මම කිසිම බයක් නැතුව අනෙක් දළඹුවන්ට කිව්වේ එකයි "සමනලයෙක් වෙන්න" කියලා. ඔව් එච්චරයි. මම ඔය කියන තරම් බරපතල වැරුද්දක් කලේ නැ. දළඹුවන් විනාශ වෙන්නෑ කියන විශ්වාසය මට තිබුණා. ඒ වගේම හැම දළඹුවෙක්ම මේ දේ අත් විදින්න ඕන කියලා මම හිතුවා. මම දළඹුවන්ට කිව්වේ සමනළයෙක් වෙන්න කියලා විතරයි.
උන් කවදා හරි සමනළයෙක් වෙයි. එදාට උන් තේරුම් ගනියි. දළු කැටයම් කරන එකට වඩා මේ තැන්න හුගාක් විශාලයි කියන එක. එත් මට ඕන වුනේ උන්ට බලාපොරොත්තුවක් දෙන්න විතරයි. දළඹුවෙක්ට සමනළයෙක් වෙන්න හිතේ තියෙන බය නැති කරන්න විතරයි. එක ඒ හැටිම වැරුද්දක් නෙවෙයි. තාමත් මම විශ්වාස කරන්නේ එහෙම.
හැම අත්දැකීමක්ම ලබන කල් නුහුරුයි,,,....ඒත් ලැබුනාට පස්සෙයි අපි දන්නේ කලින් තිබුන හැම දේටම වඩා ඒක අපූරු බව..
ReplyDeleteමේකත් එහෙම කතාවක්...අගෙයි
ස්තුතී අක්කා
ReplyDeleteගොඩක් ස්තුතී
කියෙව්වා. හරි ලස්සනයි..
ReplyDelete