මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, September 21, 2019

ඔබ යම් කෙනෙක්

මේ ජිවිතේ සිහිනයක්, ඔබ එය දුටුවත් නොදුටුවත්,
ඔබ යම් කෙනෙක් ඔව්, ඔබ යම් කෙනෙක්
ඔබ හද ගැහෙනා හඩයි, හදුනන්නේ රිද්මය මිහිතලේ


මේ ජිවිතේ තරගයක්, ඔබ එය දිනුවත් පැරදුනත්,
ඔබ යම් කෙනෙක් ඔව්, ඔබ යම් කෙනෙක්
ඔබ නෙත නැගෙනා කදුලයි, ගෙන එන්නේ සිනහව ජිවිතේ


ගිනියම් ඉර යට නැවතී, සද සිහිලස සොයන්න
සද ලග මොහොතක් නැවතී , ඉර උණුහුම සොයන්න
මේ ජිවිතේ ඔබ යම් කෙනෙක්
ඒ කවුරුද සොයන්න ඔව්, ඔබ යම් කෙනෙක්


මේ ජිවිතේ ගීතයක්, ඔබ එය ගැයුවත් නොගැයුවත්,
ඔබ යම් කෙනෙක් ඔව්, ඔබ යම් කෙනෙක්
දෙතොළතරේ මිමිණෙන තාලයයි, සියතුන් සොරකම් කර ගයන්නේ


මේ ජිවිතේ පද පෙළක් , ඔබ එය ලියුවත් නොලියුවත්,
ඔබ යම් කෙනෙක් ඔව්, ඔබ යම් කෙනෙක්
හදවතේ සං සිතුවිලි පමණයි, අරමුණ විය යුතු ඔබ ලද ජිවිතේ.


දෑවෙනා කතරක තනිවී,හිම සිතල සොයන්න
හිමසීල මුදුනත නැවතී,කෙම් බිම මග සොයන්න
මේ ජිවිතේ ඔබ යම් කෙනෙක්
ඒ කවුරුද සොයන්න ඔව්, ඔබ යම් කෙනෙක්



Friday, September 20, 2019

ඔබ ආතුරව නොහිඳින්න

විටෙක රිදෙන හිසය. ඇදුම්කන දෙපාය. ශබ්ද නංවන දණහිසය. හිරිවැටුණ අතැගිළිය. ඇතුළතින් සුසුම් ගිනි ගන්නා හිතය. කඩින් කඩ වැටෙන හුස්මය. විටින් විට සැලෙන මනසය. ඒ අතර අධික වෙහෙසය. මරණය සිහි කරන දිගු රැයවල්ය. නොනිදා දකින සිහිනය.

සොඳුර මේ වසන්තයයැයි නොකියන්න. මේ සෘතුව පාට නොගන්වා යන්න.
කවි අකුරු ගුළි කර ළමැද නොහෙළන්න. සිත්තමක් දෑස් මත නොඅදින්න.
මෘදු ස්වර තාලයට රහස් නොකියන්න. අනේ ඔබ ගොළු වෙන්න. හේමන්තයක මල් පිපෙන බව නොකියන්න.


හිතවත මේ සිසිරය. මා නිද්‍රාවකය. දකිනු රිසි උව දෑස් හරිනු නොහැකිය. මේ මියෙන මොහොතය. සොඳුර එය පහකි. තත්පරය. විනාඩිය. පැයය. දිනය. මාසය. අවුරුදුය. ඔබ නිහඬවම හිදින්න. මට සිසිරයේ දිගු නින්දට ඉඩ දෙන්න.

මේ වසන්තය රැගෙන ඔබ යන්න. ඉවුරු වෙයි බෝහෝ මල් පිපෙන. එහෙව් තැනක නවතින්න. මේ ආදරයම බව දකින්න. ප්‍රේමය ඇත්තේ මියැදීමට බව සිතන්න. එහෙත් ඔබ ආතුරව නොහිඳින්න.


Monday, September 9, 2019

පැය

මේ තමයි නපුරුම පැය,
තත්පරත් දිගු අඩි තියන
සුළඟ නිහඬවම කල් අරින

මේ තමයි අවසන්ම පැය,
ඇහි පියළි වේගෙන් සැලෙන
දෙතොළ වියළි හුස්ම හිරවෙන

මේ තමයි යළි නොඑන පැය,
නුඹට - මම, මටද - නුඹ මුණ ගැහෙන
දෙතැන හිද එකම සඳ තරු දකින

මේ තමයි කඳුළු බොන පැය,
මතක බර අඩි හිතේ ඇවිදින
අතීත දූලි මත පා සටහන් තබන

මේ තමයි අකමැතිම පැය,
උලලේනා හඬ තියන
හිතක් ඇවිළි මියෙන

අපි වගේ පිරිමි හරි පව් නේද?

ඔබේත් මගෙත් සමහර සංවාද මතකයට එයි හවස්වරු වල බෝතල් මුඩී ගැලවී වෙන් වෙන වෙලක් අද්දර ඉඩමක කාමර තුනක තනි මහල් නිවසක් ඒ තමයි ඔබේ හීනය මුළු නිවසම...