මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, September 9, 2019

පැය

මේ තමයි නපුරුම පැය,
තත්පරත් දිගු අඩි තියන
සුළඟ නිහඬවම කල් අරින

මේ තමයි අවසන්ම පැය,
ඇහි පියළි වේගෙන් සැලෙන
දෙතොළ වියළි හුස්ම හිරවෙන

මේ තමයි යළි නොඑන පැය,
නුඹට - මම, මටද - නුඹ මුණ ගැහෙන
දෙතැන හිද එකම සඳ තරු දකින

මේ තමයි කඳුළු බොන පැය,
මතක බර අඩි හිතේ ඇවිදින
අතීත දූලි මත පා සටහන් තබන

මේ තමයි අකමැතිම පැය,
උලලේනා හඬ තියන
හිතක් ඇවිළි මියෙන

2 comments:

  1. පැය නෙවෙයි මටනම් මේ නපුරුම දවස්....

    ReplyDelete
    Replies
    1. පැයෙන් පැය එකතු වෙලා හැදුනු නපුරු දවස්

      Delete

C ට ආදරෙන් 2019.10.10

ආදරණීය C, ඔබව මතකයට එන බොහෝ වාර වලදි මේ ගීත ඛණ්ඩය මිමිණිම දැන් සාමන්‍ය දෙයක් බවට පත්ව ඇත. “ ඔබ හමු වුයේ මන්දැයි නොදනිමි පාර ඇසු...