මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Showing posts with label කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන. Show all posts
Showing posts with label කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන. Show all posts

Wednesday, May 31, 2017

ඔපීසීයේ කතා 3


ඔපීසීයේ වෙච්ච කතායි වෙන කතායි ලියන්න ගත්තා නේ ඔන්න. ඉතිං පළවෙනියටම ලියපු කතාව බලපු අයනම් දන්නවානේ ඉතිං ඔපීසීයේ කී බිසවයි, මයික් ඛන්නා මහත්තයයි, වන්දන මහත්තයා ගැනයි. ඔන්න නොදන්න අය දැන ගන්නත් එක්කම ඔපීසීයේ කතා එක කියවන්නකෝ.

ඊටත් පස්සේ ඉතින් බක්මහට ආපු අලුත් අවුරුද්ද අපේ ඔපීසීයේ අය සමරපු හැටි දැන කියා ගන්න බලන්නකෝ ඔපීසීයේ කතා දෙක

ඔය දෙකම බලපු අය එක සිතින් ඔපීසීයේ කතා 3 බලන්න. 

දැන් ඔය කිව්වත් වගේ කී බිසවයි, යාත්‍රා වෙච්චි මමයි, ඔය කියපු වන්දන මහත්තයයි එකට එක්කාසු වෙලා බලු කතා කියද්දී තව පැත්තක පුංචි පහේ පුස් පාට් එකකුත් යනවාය. ඔය පුස් පාට් එකට නම් යාත්‍රා කිසිම සම්බන්ධයක් නැ ඔන්න. ඒවුනැයි කියලා අර පාට් මේ පාට් බොරු පාට් ඔක්කෝම ටික යාත්‍රාට පුළුවනි. දැන් ඔය පුස් පාට් දමන්නේ ඔපීසීයේ කෙළවරේම කොනේ ඉන්න නෝනාය. ඒ නෝනා ගැන කෙටියෙන්ම කියනවා නම් මෙන්න මෙහෙමයි,  නෝනට පුසෙක් ඇත. පුසාගේ නම නාදන්ය. නාදන් යනු පුසෙකි. නාදන්ගේ නෝනා ඔපීස් එයි. ඒකත් උදෙන්මය. නාදන්ගේ නෝනාගේ පළවෙනිම රාජකාරිය ඒ.සී.එක ඔන් කිරීමය. නාදන්ගේ නෝනා ගිය ආත්මේ එක්කෝ එක්සිමො කෙනෙකි එහෙමත් නැත්නම් ලාප්ලන්තවරියකි. කෙහොම උනත් ඔය මොකෙකුම හරි වෙන්නට නම් ඕනෑමය. නාදන්ගේ නෝනා මුළු ඔපීසීයම අයිස්ලන්තයක් කරයි. අප වැඩ කරන්නේ සට සට ගා ගැහෙන වෙව්ලන සීතලේය. ඔන්න ඔය වේලාවට තමයි යාත්‍රාට රාජ්‍ය සේවය එපා වෙන්නේම. ඇත්තෙන්ම එය පුදුම තරමේ කටුක අත්දැකිමකී. 

නාදන්ගේ නෝනා ළඟම වම් පැත්තේ ඉන්න නෝනා ගැන නම් නෝකියාම බැරිය. නෝනා ඔපීස් එන්නේ ආමී කාර් එකෙනි. යන්නේද ආමි කාර් එකෙනි. නෝනාගේ මහත්තයා ආමි ලොක්කෙකි. හොඳම දේ ඒ ලොකු කම් නෝනා ලඟ නැති එකය. ඒ වුනාට කට වැඩිය. ඕනැම කෙනෙකුට ඕනැම එකක් කියන්නට නෝනා දක්සය. නෝනාගේ නම පූන්තොට්ටම් නෝනාය. නමේ හැටියටම නෝනාට පූ වත්තකි. පූන්තොට්ටම් නෝනාගේ කට වගේම පූ කඩන්නත් දක්ෂය. හැබැයි ඉතිං නෝනා මේක දැක්කොත් යාත්‍රා තවදුරටත් බත් කෑම ගැන බලාපොරොත්තු තබා ගැනීම හොඳ නැතිය. කෙසේ වෙතත් පූන්තොට්ටම් නෝනා ගැන පොඩි පහේ ඉරිසියාවක් යාත්‍රාට නැතුව නොවෙයි. වෙන මක්කවත් හින්දා නෙවෙයි පූන්තොට්ටම් නෝනාගේ ඉඟ සුඟ ගත හැක මිටිනය. ඉතිං යාත්‍රාට දකින දකින වාරයක් පසා බුර බුරා නැගෙන ඉරිසියාවය. මේ නෝනලාගේ බොඩි මේන්ටෙන්ස් කිරිල්ල කොරන්නට යාත්‍රාට නම් බැරිය. 

ඔය නාදන්ගේ නෝනාට සමීප තවත් බිය+ලනී නම් නෝනා කෙනෙකි. ඒ නෝනාටද ඔය කියන පුසෙක් ද වෙයි. නෝනලා ගජ මිතුරු පුසන් නිසාවෙනි. පුසා චුටී උනාට බිය+ලනී නෝනා නම් චුටී නැත. නෝනා ගේ කටත් එසේමය. වේලාවකට බසවක්කුලමේ සොරොව්ව ඇරියා වගේය.පුසන්ගේ කතා වලට නාදන්ගේ නෝනත් , බිය+ලනී නෝනත් තකට තකය. 

කොහොම හරි අද බිය+ලනී  නෝනාට උභතෝකෝටික පුරස්නයකි. දවසින් දවස නෝනා තර වෙන එක දරා ගන්නට බැරිම තැන ඒ පුරස්නය අප අභිමුවේ තැබුවාය. බිය+ලනී නෝනාගේ පුරස්නයට විවිධාකාරයේ උපදෙස් දුන්න අපේ පූන්තොට්ටම් නෝනා බැරිම තැන ඔය පුරස්නය වන්දන මහත්තයාට යොමු කළාය. දැන මුත්තෙකුගෙන් ලැබෙන උපදෙස් ඉතා හොඳය. යාත්‍රා වෙච්ච මමත් දත කට මැද ගෙන උපදේසේ අහන්න කණ ඒ පැත්තට හැරෙව්වාය. මේ හිටියාට දැන් නම් යාත්‍රා මේ පොළවට සැහෙන්න ම බරකි. කිලෝ වලින්ම කිව්වොත් හැටයි තව පහකි. වන්දන මහත්තයා ගත් කටටම වඩු මඩුවකට යමන් කිවේය. පල යන්න වන්දනයා හිතට ආපු වචන යාත්‍රා එහෙමම කටේ තද කොර ගත්තාය. වැඩි හිටි යන්ට ගරු කර යුතුය. මොකද වන්දන මහත්තයා යාත්‍රා වගේ තුන් හතර ගුණේකින් වයසින් වැඩිය. යාත්‍රාගේ වැඩි බර මිසක්ක වයස එහෙම නෙවෙයි ඕන්න. 
 
 ඔපීසීය ගැන කියද්දී අපේ ලොක්කී ගැන නොකියාම බැරිය. කොයි ඔපීසීයක උනත් ලොක්කෝ සහ ලොක්කීයෝ ඇත. රජයේ ඔපීසී වෙච්ච මෙව්වැයෙත් ලොක්කෝ ලොක්කීයෝ හුඟක් ඇත. වෙලාවකට ලොක්කෝ සහ ලොක්කීයෝ අපේ ඇඟට ගොඩ වෙයි. තවත් වේලාවකට අපි ලොක්කෝ ලොක්කීයන්ගේ ඇගට ගොඩ වෙමු. හැබැයි ඉතිං ඒ ලොක්කෝ ලොක්කීයෝ නැති තැනය. ඒ තියා ලොක්කේක්ට ලොක්කීයෙක්ට මුට්ටියක් අල්ලන නෝනෙක් ,  මහත්තයෙක්  තියා එහෙමැයි  කියන හිතෙන කෙනෙක්ගේ හෙවනැල්ලක්වත් නැති තැන්වලදීය. කොහොම අනත් අපේ පොඩී ලොක්කී නම් හරියට කාලගුණේ වගේමය. වේලාවකට හොඳය. වේලාවකට නරකය. නරක වේලාව මොකක්ද හොඳ වේලාව මොකක්ද කියලා යාත්‍රාට නම් කවමදාවත් තේරුම් ගන්නට බැරිය.  පොඩි ලොක්කීට උඩින් තව ලොක්කීයෙක් ඇත. ඒ ලොකු ලොක්කීය. ලොකු ලොක්කීට වඩා පොඩී ලොක්කීගේ කට සැරය.ඒ හින්දා හැමෝම ලොකු ලොක්කිට කැමතිය. ලොකු ලොක්කි අහිංසකය. සමහර විට කනෙන් රිංගන්නට ලේසිය.

ලොක්කන් ගැන වැඩිය පැවසීම ඇගට ගුණ නැත. ඒ නිසා ලොක්කව් ගැන ඔය ඇතිය. අපේ නෝනලාට එක එක වර්ගයේ ප්‍රශ්න ඇත. සමහරක් ප්‍රශ්න යාත්‍රාට තේරේන්නේම නැත. ඒ වුනත් ඒ වෙලාවට තේරුණා වගේ ඉන්නවාය. නැත්නම් යාත්‍රා මේ වෙනකොට තබාගෙන ඇති නමට හොඳ නැතිය. 

කොහොම උනත් අපේ ඔපීසීයේ නෝනලා නම් පුදුම සහගතය. අරුමැසිය. එක දවසක  ලොවෙත් නැති පුදුමවල්ය. සමහරදාක යාත්‍රා ඔපීසීයට ඇතුලු වෙනකොට ඇමරිකාවේ එරියා 51 ට ඇතුල්වුවාදෝයි සැක සංකා හිත් ගැබේ පහළ වෙයි. ඒ සැක සංකා පහව යන්නේ ටික වේලාවකින් සුපුරුදු කටහඩවල් ඇහෙන්නට උනාට පස්සේය. නැත්නම් ඉතිං නෝනලාගේ මුණු මේ සම්මක්ජාතියකට අඳුනා ගන්නට නම් බැරිය. එක් පසෙක අර කීරීම් එක මුණේ ලා පැහැපත් වූ නෝනෙක්ය. අනෙක් පස ලව් ලී  ගා සුදු වුණ නෝනෙක්ය. තවත් පසෙක කළු කෙස් අතරින් සුදු කෙස් මතු වුණ නෝනෙක්ය. මේ පස කහ ගා කහ පැහැති වු නෝනෙක්ය. බැලු බැලු අත දකින නෝනලා විවිධාකාරය. විටෙක විකාරය. කොහෙම උනත් යාත්‍රා ඔය කොයි නෝනාටත් වඩා විවිධය : විකාරය.

යාත්‍රාගේ එකම පාර්තනය ඕපීසීයේ මේ කියු හා නොකියු කිසිම 
නෝනා කෙනෙකු මේය නොදකිවා යන්නයි. 
 



Tuesday, April 25, 2017

ඔපිසීයේ කතා 2 : අලුත් අවුරුදු උත්සවය

අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එක කතාවයි. ඒක උනත් කියවන්න බැරි උනානම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නත් පුළුවන්. ඔපීසියේ කතා 1


මේ කියන්න නම් යන්නේ වගා ඔපිසීයේ අවුරුදු උත්සවේ ගැනයි ඔන්න. වෙනදා වගේම උත්සවේ පැවැත්තුනේ අපේ ගමේ. මේ කොළඹත් කට පුරා අපේ ගම කියලා කියන්න පුළුළුන් තැනක් තියෙන එක ගැන ගම්ක උපන් මට නම් ඉතිං හිත පුරා සතුටුයි.

අපිත් ඉතිං වැඩේ පටන් ගත්තේ මේ විදිහට :





ඔන්න ඔය උතුරපු විදිහටම වගා ඔපීසීයටත් කිරි අතුරන්න ඕනේ : කියලා ප්‍රාර්තනා කරන්න අතරේ බත බුලතින් රටම සාර වේවා කියලත් ඔපීසීයේ ඇයන්ගේ හිත් වල තිබුණා කියන්න නොදන්න කාරණාවක් නෙවෙයි ඔන්න. වගා ඔපිසීය මේ තියෙන තැනින් මාරු කොරන්න තිරණේ කරපු දවසේ ඉදන් කාට නැතත් ඉතිං සමහරක්ට කිරි උතුරනවා ඇතිය කියලාත් ඔපිසීයේ ඇයෝ දන්නවා නොවැ. ( ඒවා ඉලක්කම් සෙල්ලම් )

කිරි ඉතුරුවාට පස්සේ ඉතිං පොල් තෙල් පහන දැල්වුවා: සාම්ප්‍රදායානුකූලව 



මේ හැමදේම උනේ ඉතිං ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්නේ :



මුලින්ම ගම වටේ දුවලා තමයි අවුරුදු උත්සවේ පටන් ගත්තේ :
මෙන්න මේ විදිහට තමයි ඔපීසීයේ නෝනලා ගම වටේ දිව්වේ :










දුවනවාට වඩා ඉතිං හිනා වෙන එක තමයි මේ අය කළේ : කොහොම උනත් වෙනදා මේකප් එහෙම දාගෙන එන නෝනලා ටික ගිණි අව්වේ දිව්වේ රූප සෝබාව ගැනත් අමතක කරලයි.කෝහෝම උනත් ඉතිං අපේ වන්දන මහත්තයා නම් කියන්නේ නෝනලා දිව්වේ හරියට බොයිලර් කුකුල්ලු දුවනවා වගේ කියලායි.

තුන් පා දීවිම විනෝදයක් ගෙනත් දුන්නට අපේ නෝනලා තුන් පා දිව්වේ දණිස්වලින් නේ. 





පාළු ගෙවග් වල වලන් බිදින්න විතරක් නෙවෙයි ඉතිං කනා මුට්ටි බිදින්නත් නෝන මහත්තුරුන්ට පුළුවන්: මුට්ටිය බිදුනොත් ඔක්කෝම ඉවරයි කිව්වේ දී කිරි මුට්ටියනේ. එහෙම කිව්වාට කනා මේ මුට්ටිය බින්දොත් තමයි දිනුම්.







කොහොම උනනත් යාත්‍රාත් ඉතිං කනා වෙලා මුට්ටිය බිදින්න ගියා. අන්තිමට බිදපු මුට්ටියක් නෑ. ඒ විතරක් නොමෙයි ඉතිං යාත්‍රා බෝතලේට වතුර පුරවන්නත් හිටියා. ආ ඇයි කශ අඳින්න. අංචි ඇද්දේ නැති උනාට යාත්‍රාට කඹ අදින්න පුළුවන් කියලා දැන ගත්තෝත් හොඳයි ඔහේලාත්. මොකද ඉතිං කඹ ඇඳලා යාත්‍රාලා දෙවෙනියෝ උනානේ.



වතුර යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උනාට එකට එකතු වෙලා වතුර ටික පුරවන එක නම් ඉතිං ටිකක් අමාරු වැඩක් උනා ඔන්න.








වගා ඔපීසීයේම ජවය, බලය, ශක්තිය පෙන්නන තරඟේ උනේ කඹ ඇඳමේ තරඟේ. තරඟේ කොයි තරම් උද්වේගකර උනාද කිව්වොත් සමහඑ මහත්තුරු තරගෙ වින්ශ්චය කරේ බිම නිදාගෙනයි කියලා දැකපු සමහර ඇයෝ කියනවා මම අහගෙනයි. වගා ඔපීසීයේ හයිය හත්තිය තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න එකම මදැයි අප්පා. රටටම බත් දෙන තැන වෙච්චි. (හැක හැක හැක)






පොළව ඇද හින්දා යාත්‍රා නම් නටන්න ගියේ නෑ ඔන්න. පොළව ඇද උනත් ඉතිං නටන්න පුළුවන් නෝනලායි මහත්තුරුයි බැලුම් ඩාන්ස් කළා ඔන්නඔහොම.








අම්මලා වගේම හැඩකාර කටකාර වෙච්ච මේ පොඩ්ඩෝ දෙන්නා තමා ඉතිං සිඟිති අවුරුදු කුමාරයයි කුමාරියි.මේ පොඩ්ඩටනම් වයස අවුරුදු දොළහක්ලු. ලොකු උනාම වෙන්න කැමති තාත්තා කෙනෙක්ලු. පොඩ්ඩම තමයි එහෙම කිව්වේ.











තරඟ විතරක් නෙමෙයි ඉතිං නැටුම් ගැයුම් වැයුම් එහෙමත් තිබුණා. එවටත් ඉතිං වගා ඔපීසීයේ නෝනලා මත්තයලා හරිම දක්සයි නොවැ. 







මේ තමයි ඉතිං ඔපීසීයේ ලොක්කෝ : ලොක්කියෝ : ටික දෙනෙක් ,හොඳ සහයෝගයක් ලැබිලා තිබුණා අවුරුදු උත්සවේට. එහෙම ලොක්කෝ : ලෝක්කියෝ ලැබෙන්නත් ඉතිං වාසනාවන්ත වෙන්න ඕනෑය.

මේ තමයි යාත්‍රාෙග් තෙවෙනි ඇහැට අහු වුණ තවත් විශේෂ වෙච්ච අවස්ථා ටිකක්. තරඟ වලට එහෙම ඉදලා යාත්‍රාට මහන්සි තිබුණ නිසාත්, තරග කරන්න තිබුණ කලබලේ නිසාත් හරියකට පෝටෝ ටික ගන්න ලැබුන්නෑ. එත් ඉතිං කොහොමත් වාගා ඔපීෂීයේ අපිත් රාජකාරි වලින් මිදිලා එදා විනෝදෙන් ගත කළා. 



























මේ මදැ නේ: කියවලා බලලා මහන්සිනම් බොන්න සීතල වතුර වීදුරුවක්:

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...