මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, November 28, 2017

හෙට ඇවිත් පවසන්න

ඉර ඈත සැඟව යන්නේ
ක්ෂිතිජයත් පසුකරම විය යුතු ය.



හෙට ඇවිත් පවසන්න,
ඒ ගගන සිප ගන්න විට
මේ සයුර නිසලවම උන්නා ද
නැතොත් සයුර හද නැගුන
සුසූම් සුළි දුටුවා ද



බිදෙන මේ රළ පෙළ
අතුල් පහරකි වෙරළ කිව්වට  
මට හිතෙන්නේම දියඹ සිට  
අරන් එන්නේම ආදරේ වග



ඒ නිසාමනේ
වෙරළ මා තැබු සලකුණක්
එසැණවිත් මකා දැම්මේ රළත්,

ඉර ඈත සැගව යන්නේ,
මේ සයුර, එ් ගගන සිප ගන්න තැන පසු කරද
හෙට ඇවිත් පවසන්න,
මටත් වෙරළෙන් සමු ගන්න..

Sunday, November 26, 2017

ඉවුර




ජීවිතය
පදවන තොටිය...

යළිත් යා යුතුය
අතෑර ආ ඉවුර වෙත...

වසන්තය ඇහැරුණද
මේ ඉවුර
ඒ ඉවුර වෙයි
හදවතේ මල්
පිපෙන රහස...

ජිවිතය
පදවන තොටිය...
ඉතිං මා,
ගෙන යන්න ඒ ඉවුර...


Thursday, November 23, 2017

ඔබේ හඬ




ඔබේ හ  පාව එන්නේ කොහෙන්දැයි දැන ගන්න
පියවරකට පසු පියවරකදී හැරි පිටුපස බලමි
එහෙත් එය මතුව එන්නේ හදවතේ එක්තරා තැනකිනි
ලබ් ඩබ්ව නැගෙන හ සමඟ එකට එකතුව පැටලවී

Tuesday, November 21, 2017

සමාවක් දිය හැකිද?


අමතකවිම් සියල්ලටම
සමාව දුන් පසුත්
තවදුරටත්
සමාවක් දිය හැකිද?

නින්දක අතරතුර
බඳා වැළද
අනියම් නමක් 
කියවෙන එකට
මා කුළුඳුල් හැඟුමකැයි රවටා
අෑ ප්‍රතිබිම්බ අදින එකට

ඉවසිය හැකි සියල්ලම
ඉවසු පසුවත්
තවදුරටත් 
ඉවසිය හැකිද?


බත ලිප තබා
ලිණි අවුලන්නට පිඹිනවිට
නුඹේ තොල් මතින්
පැරණි ගී මිමිණිම
සමහර දිනෙක සාක්කුවකින්
බස් ටිකට් දෙකක් හමුවීම

කිවයුතු සියල්ලම
කියා අහවර වු පසුවත්
තව දුරටත්
කීමට යමක් වේද?

දෑස් අඩවන් ව
නළලට වැටෙන
කෙහෙරැළි ඉවත් කර
ආදරේයැයි හෝ එසම වු වදනක්
නැතහොත්
නවතින්නයැයි හෝ එසම වු ඉඟියක්

Saturday, November 4, 2017

නිදි කුම්බා

අල්ලපු ගමන් නින්දට වැටෙන ශාක ලොකේ නිදි කුමාරි තමයි නිදිකුම්බා කියන්නේ. ස්පර්ශයට සංවේදී පත්‍ර හා කටු සහිතයි. වල් පැළැටියක් විදිහට හඳුනගත්තත් නිදිකුම්බා කියන්නේ ඖෂධීය ගුණය සහිත පැළැටි විශේෂයක්. Fabaceae කුලයට අයිති වෙනවා කියලා තමයි විකිපිඩියා නම් කියලා තිබුණේ. අද උදේම මිදුලට ගියහම දැකපු නිදිකුමාරියන්ගේ නින්දට බධා නොකර තමයි, එයාලව පින්තුර ගත කර ගත්තේ.



                                              පිබිදීම


ඇහැරුණ නිදි කුමාරි



නිදි කුමාරි සහ තවත් අය



කටු, නටු හා මල්



කටු අකුලේ මල් ඇහැරේ



බලාපොරොත්තු එක්ක



පැටලීම



පරවීම



කඳුළු රදන පත්



නිදා යළි ඇහැරෙන



Wednesday, November 1, 2017

මම ආදරය කරමි

මම ආදරය කරමි
පිරිමින්ට මෙන්ම ගැහැණුන්ටත්
කඳුළු දැස් අගිස්සේ පුරවගත්ත ගැහැණුන්ට
දහදිහ පිහදමන පිරිමින්ට

මම ආදරය කරමි
බිළිදුන්ට මෙන්ම බිළිදියන්ටත්
කිසිඳු ලෝභ කමකින් තොරව සිනාසෙන බිලිඳියන්ට
දැස්තුළ සතුට තවරගත් බිළිදුන්ට

මම ආදරය කරමි
තරුණයින්ට මෙන්ම තරුණියන්ටත්
හෙට දවස වෙනුවෙන් ජිවිතය කැප කළ තරුණියන්ට
ජිවිත වෙනුවෙන් හඬ නගන තරුණයින්ට

මම ආදරය කරමි
අඳුරට මෙන්ම ආලෝකයටත්
වර්ණවත් දෑ පෙන්වන අඳුරට
අඳුරු දෑ පෙන්වන ආලෝකයට

මම ආදරය කරමි
අරගලයට මෙන්ම සාමයටත්
අයිතියක් රැකගන්න කරන අරගලයට
නිදහසේ සිනාවිය හැකි සාමයට

මම ආදරය කරමි
අහසට මෙන්ම සයුරටත්
විඩාබර නෙත් සඟවන්නට ඉඩක් ඇති අහසට
කඳුළු විසිකර දමන්නට හැකි සයුරට

මම ආදරය කරමි
ඔබට මෙන්ම මටත්
ආදරය නොහඳුනන ඔබට
ඒ වෙනුවෙන් නොහඬන මට

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...