මම ආදරය කරමි
පිරිමින්ට මෙන්ම ගැහැණුන්ටත්
කඳුළු දැස් අගිස්සේ පුරවගත්ත ගැහැණුන්ට
දහදිහ පිහදමන පිරිමින්ට
මම ආදරය කරමි
බිළිදුන්ට මෙන්ම බිළිදියන්ටත්
කිසිඳු ලෝභ කමකින් තොරව සිනාසෙන බිලිඳියන්ට
දැස්තුළ සතුට තවරගත් බිළිදුන්ට
මම ආදරය කරමි
තරුණයින්ට මෙන්ම තරුණියන්ටත්
හෙට දවස වෙනුවෙන් ජිවිතය කැප කළ තරුණියන්ට
ජිවිත වෙනුවෙන් හඬ නගන තරුණයින්ට
මම ආදරය කරමි
අඳුරට මෙන්ම ආලෝකයටත්
වර්ණවත් දෑ පෙන්වන අඳුරට
අඳුරු දෑ පෙන්වන ආලෝකයට
මම ආදරය කරමි
අරගලයට මෙන්ම සාමයටත්
අයිතියක් රැකගන්න කරන අරගලයට
නිදහසේ සිනාවිය හැකි සාමයට
මම ආදරය කරමි
අහසට මෙන්ම සයුරටත්
විඩාබර නෙත් සඟවන්නට ඉඩක් ඇති අහසට
කඳුළු විසිකර දමන්නට හැකි සයුරට
මම ආදරය කරමි
ඔබට මෙන්ම මටත්
ආදරය නොහඳුනන ඔබට
ඒ වෙනුවෙන් නොහඬන මට
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Subscribe to:
Post Comments (Atom)
C ට ආදරෙන්,
ආදරණීය C, මේ සටහන තබද්දී වෙලාව මධ්‍යම රාත්‍රීය පසුව ගොසින්, බිත්ති ඔරලෝසුවේ වේලාව 1.08 ලෙස සටහන් වෙලා. මහ සීත රෑයක්, පාළු හුදකලාවක්, තනිකමක...

-
එදින සිහින වලින් ඇහැ ඇරුණා පමණි. යළිත් සිහින දකින්නට සුවැති වු නින්දවල් අහිමි කරමින් කොළඹ පිපිරුම් හඬින් කම්පිතව ගිය වගට තොරුතුරු ලැබෙන...
-
මේ සිය වෙනි පොස්ටුව. කාලයක් ඒ කියන්නේ අවුරුදු තුනක හතරක මහන්සිය මේ ඇතුළේ තියෙනවා. සමහර විට මහන්සිය කියන වචනේ මෙතෙන්ට ගැළපෙන්නෑ. ඔව් මේ ලියව...
-
දවස, දවස ගෙවෙද්දී සතිය, සතිය ගෙවෙද්දි නිකම්ම මාස, අවුරුදු බවට පත් වෙලා ගෙවිලා යනවානේ. හැබැයි ඉතිං නිකම්ම නෙවෙයි ගෙවිලා යන්නේ, ඔය අතර අපිත්...
hmmmmmmmmmmmmm
ReplyDelete:) :)
Deleteලස්සනයි යාත්‍රා.
ReplyDeleteජයවේවා!!!
ස්තුතී දුමී
Deleteමම ආදරය කරමි
ReplyDeleteඔබට මෙන්ම මටත්
ආදරය නොහඳුනන ඔබට
ඒ වෙනුවෙන් නොහඬන මට...
අගෙයි යාත්‍රා, බොහෝ කලකට පසුව මේ පලාතේ ආවෙමි...
මමත් කාලෙකින් ලිව්වේ
Deleteස්තුතී පොකුරු වැහි