මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, November 1, 2017

මම ආදරය කරමි

මම ආදරය කරමි
පිරිමින්ට මෙන්ම ගැහැණුන්ටත්
කඳුළු දැස් අගිස්සේ පුරවගත්ත ගැහැණුන්ට
දහදිහ පිහදමන පිරිමින්ට

මම ආදරය කරමි
බිළිදුන්ට මෙන්ම බිළිදියන්ටත්
කිසිඳු ලෝභ කමකින් තොරව සිනාසෙන බිලිඳියන්ට
දැස්තුළ සතුට තවරගත් බිළිදුන්ට

මම ආදරය කරමි
තරුණයින්ට මෙන්ම තරුණියන්ටත්
හෙට දවස වෙනුවෙන් ජිවිතය කැප කළ තරුණියන්ට
ජිවිත වෙනුවෙන් හඬ නගන තරුණයින්ට

මම ආදරය කරමි
අඳුරට මෙන්ම ආලෝකයටත්
වර්ණවත් දෑ පෙන්වන අඳුරට
අඳුරු දෑ පෙන්වන ආලෝකයට

මම ආදරය කරමි
අරගලයට මෙන්ම සාමයටත්
අයිතියක් රැකගන්න කරන අරගලයට
නිදහසේ සිනාවිය හැකි සාමයට

මම ආදරය කරමි
අහසට මෙන්ම සයුරටත්
විඩාබර නෙත් සඟවන්නට ඉඩක් ඇති අහසට
කඳුළු විසිකර දමන්නට හැකි සයුරට

මම ආදරය කරමි
ඔබට මෙන්ම මටත්
ආදරය නොහඳුනන ඔබට
ඒ වෙනුවෙන් නොහඬන මට

6 comments:

  1. ලස්සනයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මම ආදරය කරමි
    ඔබට මෙන්ම මටත්
    ආදරය නොහඳුනන ඔබට
    ඒ වෙනුවෙන් නොහඬන මට...

    අගෙයි යාත්‍රා, බොහෝ කලකට පසුව මේ පලාතේ ආවෙමි...

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකින් ලිව්වේ
      ස්තුතී පොකුරු වැහි

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...