ඔබ දන්නවා ඇති. මම තාමත් එහෙමයි. ඉස්සර වගේම මම දුවන්නෑ. හති වැටෙයි කියලා බයට නෙවෙයි. මට දුවලා පුරුදු නෑ. ඔබට වගේ දිග පියවර තියන්න මට හුරු නෑ. ඔබ දන්නවා ඒක.
තාමත් මම කෙටි පියවර තබමින් ඇවිදිනවා. ඔව් විටෙක නවතිනවා. නෑ ඒ ඉස්සර වගේ කෙටි විරාමයක් නෙවෙයි. ඔබ හිතනවාටත් වඩා දිගුයි. ඒ විරාමේදි මම දිගු සුසූමක් පිට කරනවා. ගැඹුරු හුස්මක් ගන්නවා. ඔව් ඒ ඔබ දැන උන්නු විදිහටම. තාමත් හැමදේම හැමදාම වුණ විදිහටම සිද්ධ වෙනවා. ළඟ නැත්තේ ඔබේ සිනහාව විතරයි. නෑ මට එහි අඩුවක් දැනේනවා. ඔබ හිතනවාටත් වඩා හිස් බවක්. ඔබ නොදන්න එක දෙයක් තියෙනවා. සුසූමක් ඒ තරම් දිගු වෙන්න එය එක හේතුවක් කියන එක. ඔබට හිනා වෙන්න පුළුවන්. අකමැත්තක් නැත්නම් මම කැමතිම විදිහට. ඔබට පුළුවන් ද ඒ ඉල්ලීම මතක තියා ගන්න.
මම නැවතුන තැනතින් ගමන පටන් ගන්නේ පියවර මනිමින්. ඊට පස්සේ කෙටි පියවර කිහිපයක්. නෑ දිගටම කෙටි පියවර මතින් ඇවිදින්නෑ. ඔබ නොදන්න පුරුද්දක් දැන් මට තියෙනවා. දන්නවාද කෙටි පියවර දෙක තුනකට පස්සේ මම ආපහු හැරිලා බලනවා. නෑ ඔබ හිතුවා වැරදි. මා පසු පසින්විත් මා පසු කර යන්නවුන් පිළිබඳ මට වගක් නෑ. ඒක ඔබ හොඳටම දන්නවා. මම එහෙම පුරුදු උනේ සමාන්තරව අැවිදපු ඔබව මඟ හැරුණ තැන ඉඳන්. මම දන්නෑ අැයි ඒක ඔබට නොතේරේන්නේ කියලා.
නෑ එහෙම හැරුණ එක දවසකවත්, එක මොහොතකවත්, තත්පරයකටවත් මට ඔබව මගේ අැස් වලට හමු වුණේ නෑ. ආයෙමත් පියවර මනින්න පටන් ගන්නකොට මම හිතුවා ඔබ යන්න ඇති කියලා මාව පහුකරගෙන. ඔව් ඔබ කැමති දිගු පියවර තියන්න. හති වැටෙනකම් දුවන්න. මතකද ඔබේ එක දිගු පියවරක් හා සමාන වන්නට දවසක මට දුවන්න උනා. සමහර විට ඔබට අමතකව අැති. අපි මඟ හැරුණේ එදා. මම හැන්දෑ වෙනකම් ම දිව්වා. මට හොඳටම හති වැටුණා. ඒත් අපි ට අපිව මඟ හැරුණා. ඔව් මම පුරුදු විදිහටම උත්සහය අත ඇරියා. ඔබ දන්නවා එ් තමයි මගේ විදිහ.
නෑ මම කල්පනා කරනවා. ඔබ මා පසු කර යන විටක ඔබ ව නොදුටුවේ අැයි කියලා. නෑ ඔබව නවත්තන අදහසකින් නෙවෙයි. ඔබේ වේගය දකින්න විතරයි. විඩාවක් නැති හිනාබර මුණ දකින්න විතරයි. එත් ඔබ මා පසු කර යන විට මට ඔබව නැවතත් මඟ හැරෙන්න ඇති. ඔව් මම දැන් පුරුදු වෙලා මේ තබන කෙටි පියවර වලදීත් අැස් බිමට බර කරගෙන ඉන්න. නෑ ඔබ දන්නවා වැස්ස වේලාවකදි මට එහෙම ඉන්න බෑ කියලා. මම ඒ වෙලාවට බය නැතුව ඔළුව උස්සනවා. මම තාමත් අකමැතියි ඔබ අැරෙන්න වෙන කවුරුත් මගේ කඳුළු දකිනවාට. ඔබ ඒක දැන ගත යුතුයි.
ඔබ ඉන්න තැනට වැහි වැටුණාට මම ඉන්න තැන හිත් දවාලන ඉර එළිය විතරයි. ඔව් ඔබට හිතන්න පුළුවන් දැන් මම ඇස් ඉහළට ඔසවන්නේ ආපසු හැරෙන්න විතරයි කියලා. ඒත් ඒ ඔබේ සෙවණැල්ලක් හරි හොයන්න විතරයි.
නෑ මට තව හුඟාක් කියන්න දේවල් නෑ. මේ ටික අහන්න.
ඔබ මා පසු කර නම් මම ඔබව ඇහැ ගැටෙන මානෙට එන තුරු නවතින්න.
ඔබ මා පසු පස නම් දිගු පියවර තබා මා ඇහැ ගැටෙන මානයට දිව එන්න. මා හැරෙන තුරු ඉන්න.
මම ඔබව නවත්තන්නෑ. හැමදාම ඔබට උන පොරොන්දුවක් ඒක.
ඒත් ඔබ දන්නවා මට ඔබව දකින්නට උවමනා බව. එක වරක් ජිවිත කාලයටම.
ළඟින් ළඟින් මා පියවර තබමින් සුවඳ නුඹේ සොයනෙම්
ReplyDeleteහෙමින් හෙමින් නුඹ ළඟටම එන්නට කෙටි පියවර තබනෙම්
හොරෙන් හොරෙන් ඔය නෙත් මත ලියැවුණු රහස වටහ ගන්නෙම්
ඉතින් ඉතින් මේ ජීවන ගමනට දහිරිය මා පුදනෙම්.....
ලස්සනම සටහනක් යාත්‍රා.
ජයවේවා!!!
දුමී ඒ කවිය
Deleteස්තුතී දුමී
ලස්සන කථාවක්.
ReplyDeleteස්තුතී ඉයන්
Deleteමගේ ජිවිත කතාව වගේ කියලත් නොදනුනාම නෙවෙයි
ReplyDeleteඅපි හැමෝගෙම කතාවක් වගේ
Deleteඒත් ඔබ දන්නවා මට ඔබව දකින්නට උවමනා බව. එක වරක් ජිවිත කාලයටම. මම කැමති මේ ටිකට
ReplyDeleteස්තුතී සෙව්වන්දී
Deleteබුකියෙන් මුලින්ම කියෙව්වා ... හරිම රහට දැනුනා
ReplyDeleteස්තුතී සඳු
DeleteThis comment has been removed by the author.
Deleteහිත හිරිවට්ටන සටහන්
ReplyDelete