මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, February 1, 2018

සහීනාට ලියමි






පුර හඳම අඩ හදක් වෙනකොට
කොහොමද වෙනස් වෙන්නේ සහීනා

කොල්ලො ගැන දවසම අපි කියවද්දී
උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා

කුරානය වඳින්නට අපිව මඟ හැර ඇවිත්
රෝඩීයෝවේ පිරිත් අහන් උන්නේ කොහොමද සහීනා

වටලප්පම් පළඟනාවක් අතැර මේසය මතට
වඳ බෙහෙත් නැතැයි හිනැහුනේ කොහොමද සහීනා

පහේ නොදමා අපි හදපු පොලොස් ඇඹුලට
පදමට ලුණු ඇඹුල් එක් කෙරුවේ කොහොමද සහීනා

තනි තනිව ගත් විට අප මිතුරු වෙනකොට
වෙන් වෙලා සතුරු වෙස් ගත්තේ කොහොමද සහීනා

හොඳම යාලුවා සිංහල වෙච්ච ඒකට
ආඩම්බරයි කිව්වේ උඹමද සහීනා

දවසක රෑක ඩෙනිමක් ඇදගෙන විප්ලව කරමි කිව්ව
උඹටත් අපිව හතුරැ ලෙස  පෙනුනාද සහීනා

යහළුකම් ගැන හොයා නොබැලුවාට කමක් නෑ බං
කොයි පැත්තෙන්ද  කොටසක් ඕන කියපන්  සහීනා...

" මෙහෙට ශිග්නල් නෑනේ,
මම අම්පාරේ පුංචි ඉශ්කොලේ සිංහල / ඉංශ්‍රීශි උගන්නනවා"

මගේ දිගම දිග ලියුමට,
හිනා මුණු තුනක් එක්කම
සති හයක් පමා වී ආව
කෙටිම කෙටි පණිවිඩය.

යාළුකම් ගැන නොහිතා
වෙඩි තියලා මරපන් සහීනා
මේ විදිහට නොමරා...

 




26 comments:

  1. උතුර ටික ටික ලංවෙනකොට නැගෙනහිර ඈත් වෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් වගේ නේද ?

      නිකමට වගේ කාතන්කුඩි පැත්තේ රවුමක් ගහලා, අම්පාර පැත්තේ ඉන්න මිනිස්සු ටිකක් එක්ක කතා කරලා වරෙන්කො අයියේ.....

      Delete
    2. සමහර විට මිත්රත එහෙමයි කියලා මටත් හිතෙනවා.

      Delete
    3. අන්න ඒක නම් මටත් කැමති හිතෙන වැඩක් සූටික්කා

      Delete
  2. නියමයි. හරිම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉයන්
      මේ වචන හැමදාම වගේ සතුටක් එකතු කරනවා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ලගක ඉදන් මොනවා හරි බීලද බන් ලියන්නෙ??
    ආයෙ මරුම ඈ......

    ReplyDelete
    Replies
    1. මටත් මේක හිතුනා හෙහ් හෙහ්

      Delete
    2. කොහේ බොන්නද අප්පා හිටං
      අවසර දීලත් නැති කලානේ

      Delete
  5. ලස්සනයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
  6. සොඳුරු මිතුදම සහීනා

    ReplyDelete
  7. මොකක්ද කියන්න ඕන කියලා හිතාගන්න බෑ බං

    ReplyDelete
    Replies
    1. හ්ම්
      සමහර වේලාවට මටත් එහෙමයි

      Delete
  8. යාළුකම් ගැන නොහිතා
    වෙඩි තියලා මරපන් සහීනා
    මේ විදිහට නොමරා...

    මේ අකුරුත් මාව නොමරා මැරුවා....

    ReplyDelete
    Replies
    1. හී හී හී
      එහෙම මැරිලා කොහොමද? කෝ එතකොට අපිට කියවන්න දේවල්

      Delete
  9. Absolutely Fantastic . Love this .
    TFS ජිවිතේ යාත්‍රාව :D

    ReplyDelete
    Replies
    1. Thank you
      ගොඩක් ස්තුතී කළණ
      යාත්රාසවට ගොඩ කර ගන්නවා ආදරේන්

      Delete
  10. රසවත් නිර්මාණයක් යාත්‍රා...

    ReplyDelete
  11. ඔව් පොකුරු රහම රහයි එකදිගට කියවගෙන ගියා

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...