අහම්බයකින් හමුවු ¡¡¡¡
හිටපු පෙම්වත,
සුවෙන්දෑයි ඔබ අසන විට
ඇස් වලින් උත්තර දුන්නේ
ඉස්සරම ඉස්සර පුරුද්දට
අහිතක් නොහිතන්න ඒ ගැන
( පසුකළක ඔහුට ද එලෙස උත්තර දී ඇත)
වමත වෙඳැගිල්ල හැංගුවේ නම්
ඔබට හීල්ලෙවීයැයි සිතුන බැවිනි
කළු නුලෙන් ඔතා ඇගිල්ලට දැන් හිර කෙරු
රන් මුදුව දකිවී යැයි අනියත බියෙකිනි
( ඔබට බොරු කීමට අද ද මම අකමැතිය)
හිටපු පෙම්වත,
ඔබට කොහොමද ජිවිතය? පෙම්වත
අසන්නට අද ද අමතක උනෙමි.
එහෙත් ඔබ සුවෙනි දනිමි. සිතමි.
මදක් සුදු රැවුල ඔබට හැඩය දකිමි.
( පසුතැවීමක රේඛා ඇදෙනුයේ මා දැසෙහිය)
ඔබට මා මටද ඔබ ආයෙමත් හිමිවෙන්න
තව කුඩා විය යුතුය දුපත.විසල් විය යුතුය හදවත.
ඉතිං ඇස් මතින් ඉඟි නොකරන්න පෙම්වත
තව ටිකයි ඉවසන්න අපි ලබමු ඊළඟ භවය
( හිටපු පෙම්වත, මම නුඹේ පෙම්වති)
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Subscribe to:
Post Comments (Atom)
ඔබේ පැමිණීම
"මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...
-
"මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...
-
දිලෙන අහසක නොදිලෙනා තරුවකින් නොඅසන්න ඊට හේතුව "සත සහශ්‍ර ගණනකට පෙර දුහුවිලි කුණාටුවක්" ඒ විය හැකියි එයට උත්තරය සයුර හමුවන්...
-
මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළ...
ගිනි ගින්දර..... මේක මම ආසම
ReplyDeleteමාත් වයිෆ් එක බයිසිකලේ යද්දි සෙනසුරාදා හම්බුනා මගේ පරණ ලව් එකක්. අනේ දෙයියනේ අවුරුද්දකින් විතර බාල වෙන ළමයි තුන් දෙනෙක් අත් වල එල්ලගෙන (ලොකු එකාට ඕන නං අවුරුදු හතක් ඇති) පයින් ගාටනවා. එක බැල්මෙන් මට ඉදිරියෙන් යන්නේ මෙයාය කියල දැනුනා. ඒත් ළගට යන කොට ඒ ඉස්සර දැක්ක එක්කෙනා නෙමෙයි කියල හිතුනා. වයිෆ් හිටි නිසා කතා කරන්න ගියේ නෑ. මං සයිඩ් කණ්නාඩියෙන් බලන කොට එයාත් වයසක මාව අදුරගත්ත විත්තිය මං දැක්කා.. (මීට කලින් පරණ ලව් දෙකක්ම පෙන්නල තියෙන නිසා තුන් වෙනි එකකුත් පෙන්නල බත් කාඩ් එක කපාගන්න ඕන නෑනේ..) හැක්
ReplyDeleteනිර්මාණය ලස්සනයි
ඇසේ උතුරන ප්‍රේම ඉඟිබිඟි රිදුම් දී ගිණි ඇවිළිලා
ReplyDeleteරසේ සෙවුමුත් නිමල සෙනෙහස ලබන්නට නැහැ පිං වෙලා
කෙසේ මේ දුක් ඉවසගන්නද අහස් මාළිඟ නැතිවෙලා
එසේ නම් මතු බවයෙ ළංවෙමු සොඳුරියේ අපි හිනැහිලා....
ලස්සනයි යාත්‍රා...
ජයවේවා!!!