අහම්බයකින් හමුවු ¡¡¡¡
හිටපු පෙම්වත,
සුවෙන්දෑයි ඔබ අසන විට
ඇස් වලින් උත්තර දුන්නේ
ඉස්සරම ඉස්සර පුරුද්දට
අහිතක් නොහිතන්න ඒ ගැන
( පසුකළක ඔහුට ද එලෙස උත්තර දී ඇත)
වමත වෙඳැගිල්ල හැංගුවේ නම්
ඔබට හීල්ලෙවීයැයි සිතුන බැවිනි
කළු නුලෙන් ඔතා ඇගිල්ලට දැන් හිර කෙරු
රන් මුදුව දකිවී යැයි අනියත බියෙකිනි
( ඔබට බොරු කීමට අද ද මම අකමැතිය)
හිටපු පෙම්වත,
ඔබට කොහොමද ජිවිතය? පෙම්වත
අසන්නට අද ද අමතක උනෙමි.
එහෙත් ඔබ සුවෙනි දනිමි. සිතමි.
මදක් සුදු රැවුල ඔබට හැඩය දකිමි.
( පසුතැවීමක රේඛා ඇදෙනුයේ මා දැසෙහිය)
ඔබට මා මටද ඔබ ආයෙමත් හිමිවෙන්න
තව කුඩා විය යුතුය දුපත.විසල් විය යුතුය හදවත.
ඉතිං ඇස් මතින් ඉඟි නොකරන්න පෙම්වත
තව ටිකයි ඉවසන්න අපි ලබමු ඊළඟ භවය
( හිටපු පෙම්වත, මම නුඹේ පෙම්වති)
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව
Subscribe to:
Post Comments (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
-
ඔ පීසීයේ වෙච්ච කතායි වෙන කතායි ලියන්න ගත්තා නේ ඔන්න. ඉතිං පළවෙනියටම ලියපු කතාව බලපු අයනම් දන්නවානේ ඉතිං ඔපීසීයේ කී බිසවයි , මයික් ඛන්...
-
අපේ අම්මා බුදු වෙන්ට එපා කවමදාවත්, ඕනේ නම් නිවන් දැකපුදෙන් එ්ත් අම්මාට ඕනේ නම් බත් උයන එක ; බත් බදින එක ...
-
මම ඇයට බොහෝ ආදරය කරමී.ඊටත් වඩා ගෞරව කරමී. ඇය ගැන අකුරු කිහිපයක් හෝ අමුණන්නට අවැසී වුයේ අදක ඊයේක නොවී ය.ඇය වෙනුවෙන් මා ලියා අවුරුද්දකට දෙකකට...
ගිනි ගින්දර..... මේක මම ආසම
ReplyDeleteමාත් වයිෆ් එක බයිසිකලේ යද්දි සෙනසුරාදා හම්බුනා මගේ පරණ ලව් එකක්. අනේ දෙයියනේ අවුරුද්දකින් විතර බාල වෙන ළමයි තුන් දෙනෙක් අත් වල එල්ලගෙන (ලොකු එකාට ඕන නං අවුරුදු හතක් ඇති) පයින් ගාටනවා. එක බැල්මෙන් මට ඉදිරියෙන් යන්නේ මෙයාය කියල දැනුනා. ඒත් ළගට යන කොට ඒ ඉස්සර දැක්ක එක්කෙනා නෙමෙයි කියල හිතුනා. වයිෆ් හිටි නිසා කතා කරන්න ගියේ නෑ. මං සයිඩ් කණ්නාඩියෙන් බලන කොට එයාත් වයසක මාව අදුරගත්ත විත්තිය මං දැක්කා.. (මීට කලින් පරණ ලව් දෙකක්ම පෙන්නල තියෙන නිසා තුන් වෙනි එකකුත් පෙන්නල බත් කාඩ් එක කපාගන්න ඕන නෑනේ..) හැක්
ReplyDeleteනිර්මාණය ලස්සනයි
ඇසේ උතුරන ප්‍රේම ඉඟිබිඟි රිදුම් දී ගිණි ඇවිළිලා
ReplyDeleteරසේ සෙවුමුත් නිමල සෙනෙහස ලබන්නට නැහැ පිං වෙලා
කෙසේ මේ දුක් ඉවසගන්නද අහස් මාළිඟ නැතිවෙලා
එසේ නම් මතු බවයෙ ළංවෙමු සොඳුරියේ අපි හිනැහිලා....
ලස්සනයි යාත්‍රා...
ජයවේවා!!!