මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, December 19, 2017

මඟ හැරුනේ කොහොමද?








 ඒ අසුන ඔබට
මඟ හැරුනේ කොහොමද?

ඔබ නමින් මම
හිතින් වෙන් කළ
ඒ හිඩැස ඔබ
නොදැක්කේ කොහොමද?

දිගු නොමැති, අපිලිවෙළ
ඇහිබැමට යටින් වන
ගිලුණු ඇස් පුංචි කර
ඔබට පා කළ ඉඟිය
මඟ හැරුනේ කොහොමද?

නා දල්ලක් නොවන
අව පැහැති දෙතොලකින්
ආදරේයි මම කියන්නම බැරිද?
ඔබට ඒ හඩ ඇහෙන්නේම නැතිද?

රෝස පෙති මත ලියන්නම ඕනේද?
කවියක් උනත් දකින්නේ එහෙමද?
තෝඩු පැලදිය යුතුමද?
ආදරේටත් මෝස්තර ඕනමද?

සඳට කවි ලියන නුඹේ හිත,
සඳක් නොපතන්නේ නොම වේද?
ඉතිං මහ අරුමයක්ද
ඒ අසුන නුඹ මඟ හරින එක.

කවියෙක් එක්ක තාලෙට
තවිකමට පය තියන්නම බැරිද?
දැක දැකත් නොදැක ඔබ
ඒ අසුන මඟ හරින්නේම ඒකද?

4 comments:

අපි වගේ පිරිමි හරි පව් නේද?

ඔබේත් මගෙත් සමහර සංවාද මතකයට එයි හවස්වරු වල බෝතල් මුඩී ගැලවී වෙන් වෙන වෙලක් අද්දර ඉඩමක කාමර තුනක තනි මහල් නිවසක් ඒ තමයි ඔබේ හීනය මුළු නිවසම...