මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, October 16, 2018

ආදරයම පැනයකි

මම නුඹේන් විමසන ලදුව
පිළිතුරු නොලත් පැනයකි


දිගුම නිහැඩියාවක
හද ගැහෙන තත්පර හඬට
දැස් බොඳ වෙන අතරතුර
නුඹේ පිළිතුර සිහිනෙන් දකින
දවස් කොයි තරම් නම් ගෙවුනද

නුඹ මගෙන් විමසන ලදුව
පිළිතුරු නොදුන් පැනයකි

කලබලම දහවලක
නතර වන තත්පරය අස
ගිණි ගහන හිරු රැසට මුවා වී
නුඹට පිළිතුරක් දෙන්නට
කොයිතරම් නම් වචන ගැට ගැහුවද

නුඹ මගෙන් මා නුඹෙන් විමසන
ඒ එකම එක  පැනයකි

නුඹටද මටද ඇත්තේ
එකම එක පිළිතුරකි
නුඹ මටද මම නුඹටද
පිළිතුරක් නොදි ගත වුන
තත්පරත් කොයි තරම් නපුරුද



2 comments:

  1. ලස්සන රසයක්... ඒක ඇත්ත කෙතරම් තිබුනාද පිලිතුරු නොදුන් දිගු නිහැඬියාවල්..ඒ තත්පරත් කොයි තරම් නපුරුද?!

    ReplyDelete
  2. දිගුම නිහැඩියාවක
    හද ගැහෙන තත්පර හඬට
    දැස් බොඳ වෙන අතරතුර
    නුඹේ පිළිතුර සිහිනෙන් දකින
    දවස් කොයි තරම් නම් ගෙවුනද

    අපූරුයි .හිතට දැනුණා .

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...