මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, July 16, 2024

තාම කවි ලියනවා

ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක
මම තවම කවියක් ලියනවා
නෑ..
ඇත්තටම නෑ. 
අකුරක් දෙකක් ලියනවා.
ඇත්තටම කිව්වොත්
මම වචනයක් දෙකක් ගලපනවා
කවියක් කියන්නට පුළුවන්දැයි
ඒත් මම තාම හිතනවා

ඇත්තමයි ඇත්තමයි ඇත්තමයි
කවියක තරම් මිහිරක් 
ඒ වචන වල තියෙනවා
ඇත්තමයි මට දැනෙනවා
මිහිරිතම කවියක උනත්
දුක හිතෙන පදයක් තියෙනවා
මම උනත් දුක හිතෙන පද ලියනවා

ආයෙමත් ආයෙමත් ආයෙමත්
ඉතිං එහෙමයි හිතක්
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ
කොහොම ලිව්වද හිතන්නට බැරි
දුක හිතෙන පදයක්
හැම කවියකම තියෙනවා
ඉතිං මම කවි නොලිවත් 
දුක හිතෙන පදයක් තියෙනවා

එහෙමයි එහෙමයි එහෙමයි
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ 
සමහර වෙලාවට 
ඉදහිටක ලියන විට
හිතාමතාම දුක හිතෙන්නට
එකම එක පදයක් ලියනවා  
අවසානයට ,. තබනවා
ඇත්තටම කවියක් නෙවෙයි !
ඒ උනත් කවියෙක් ලියු කවියක වගේ
ඉතිං කඳුළක් ඇස් වලට උනනවා

ඉතිං එතකොට ඉතිං එතකොට ඉතිං එතකොට
කවියක් නොවුවත් 
මේ පද සියල්ලම
ඔබ දකින්නට අවැසි බව හිතෙනවා.

ඉතිං ඔබ ඉතිං ඔබ ඉතිං ඔබ
පසුතැවිල්ලක ගිලී යා යුතුයි.
ඉතිං කවියක් නම් ඔබ
අවසානයත් එවැනි ම විය යුතුයි.


6 comments:

  1. ඉඳහිටක, ඉඳහිටක, ඉඳහිටක උනත් ලියන එක කොයිතරම් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක ලියන කවියක් කියවන එතක් මොන තරම් දෙයක්ද? ස්තුතී

      Delete
  2. කලාාතුරකින් පිපෙන මල් හරි ලස්සනයි

    🥰🥰❤

    ReplyDelete
    Replies
    1. 💚💚 ස්තුතී, කලාතුරකින් උනත් මල් දිහා බලනවට

      Delete
  3. ඉඳල ඉන්දල් හරි ලියනවනම් ඉතින්
    කවිය වුනත් නිසඳැස් උනත්
    අපි එන්නම් කියවන්න
    එයා ආවේ නැතත්
    කවදාහරි එයිනේ

    ReplyDelete
    Replies
    1. එයි කියලා බලාපොරොත්තුවක් නෑ. ඒත් අහම්බෙකින් ආවොතින් ආයෙමත් නවතින්න ඉඩක් තියලා ති⁣යනවා. නොනැවති ගියොතින් දරා ගන්න තරම් හිත දැන් හයිය නිසා වෙනසක් නොවී ඉන්නවා. ඉදහිටක ඇවිත් ලියන දේවල් කියවනවට ගොඩක්ම ස්තුතී. ආදරයෙන් 💚

      Delete

මිතුරනි අසන්න.

  ඉස්සරම දවස්වල අතින් අත අල්ලන් බදා මා වැළඳ දුක කියු මිතුරන් ගසාගෙන ගියත් උන් හැමු උඩු හුළඟින් කොහොම අමතක කරන්නද බැඳී හාද හිතකින් සිනාසෙන...